Home » දේශීය සංස්කෘතිය » දේශීය වෙදකම » ඉන්දියානු සෘෂිවරුන් ආයුර්වේදය ලෙස වෙනස්කල අපේ හෙළ වෙදකම
Ayur Doctor Logo

ඉන්දියානු සෘෂිවරුන් ආයුර්වේදය ලෙස වෙනස්කල අපේ හෙළ වෙදකම

සිංහල ජාතියේ ආරම්භයට විශාල දායකත්වයක් දැක්වූ යක් හා නාග වංශික ඉසිවරු බිහිකළ සරළ පුරාණ වෙදකම පසුකාලීනව සිංහල වෙදකම ලෙස හැඳින්විය. බුදුදහම හා මිශ්‍ර වූ මෙය රෝගියාගේ හිත සුව පිණිසම පහසු සරළ ඉක්මන් සුවය දෙන වෙදකමක් විය. සියලු රෝග නිට්ටාවටම සුව කිරීම සිංහල වෙදකමේ හාස්කමක් විය.
සොබා දහමේ එක කොටසක් වූ මිනිසාට වැළඳෙන රෝගවලට පිළියම් සොබාදහමින් ලබාදීමට පුරාණ යක් හා නාග වංශික සෘෂිවරු කටයුතු කළහ. තුන්දොස් කිපීම, ලේ අපිරිසිදු වීම හා ආහාර දිරවීම මත පදනම්ව ඉසිවරු බිහිකළ මෙම වෙදකමේ නාඩි පිරික්සීම හා හා නිල ඇල්ලීම වැදග්තම අංගයක් විය. නාඩ බැලීමට නොදන්නා වෙදැදුරන්ව දක්ෂ වෛද්‍යවරයෙකු ලෙස පිළිගත්තේ නැත.

09-300x200

ප්‍රධානම දේ වූයේ රෝගියාට වැළඳී තිබෙන රෝගය නාඩි පිරික්සීමෙන් නිවැරදිව හඳුනා ගැනීමයි. රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා මිනිසාට වැළඳී තිබෙන රෝගය ඇතිවීමට ශරීරයේ වෙනස් වී තිබෙන වාතය, පිත, සෙම් ආදී තුන් දෝෂයත් එසේ වෙනස්වීමට බලපෑ කරුණුත් සළකා බලා දෝෂ සම තත්වයට පත් කිරීම හෙවත් “තුන් දොස් සමනය කිරීම” මූලික විය. (අද තිබෙන නොයෙකුත් යන්ත්‍ර සූත්‍රවලට හසු නොවන දේ පවා නාඩි බැලීමෙන් හසු වේ. ඉන්පසු දෝෂය මත පදනම්ව සරළ ප්‍රත්‍යක්ෂ ක්‍රම මගින් රෝග සුව කළහ.
ආහාර දිරවීම ගැන වැඩි සැළකිල්ලක් දැක්වූ පුරාණ සෘෂිවරු සිංහල වෙදකමේදී රෝගීන්ට දිරවීමට පහසු ලෙස ආහාරයක් ලෙසට බෙහෙත් ඔසු වර්ග ලබාදීම සිදු කළහ. සරළ බෙහෙත් තැම්බුම්, බෙහෙත් කැඳ, කොළ කැඳ, සායම් වර්ග, ස්න වර්ග, ගුලි, කල්ක, කුඩු වර්ග හා බෙහෙත් පැත්මන් ආදී නොයෙක් නොයෙක් වර්ගයේ ඔසු සකසා දීම් සිදු විය.
පුලස්ති ඉසිවරයා හිමාලයේ තිබූ ඉසිවරුන්ගේ සම්මේලනයේදී ලංකාවේ තිබූ වෛද්‍ය සම්ප්‍රදාය ඉන්දියානු වෛද්‍ය ඉසිවරුන්ට හඳුන්වාදුනි. පසුකාලීන බ්‍රාහ්මණ වෛදිකයන් විසින් මෙම සිදුවීම අද්භූත කථා ව්‍යාජ කථා ගොතා “ආයුවේදාවතරණය” ලෙස විකෘති කළහ. ඔවුන්ගේ බ්‍රාහ්මණ දැනුමක් ලෙස දැක්වූහ. ජීවක වෛද්‍යවරයාද වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගත් බවක් ත්‍රිපිටකයේ දැක්වුවද “ආයුර්වේදය” උගත් බවක් එහි නොදැක්වේ. එනම් බුද්ධ කාලයේ පවා “ආයුර්වේදය” යන වදන නොවු බවයි. ඉන්දියානුවන්ගේ ප්‍රභේද දැක්වීම් මත සංකීර්ණ කර විවිධ ගුරු කුල විසින් තම තම ආචාර්ය මත පවා යොදමින් විකෘති කර ඇති බව චරක, සුශ්‍රැත, අෂ්ඨාංග, හෘද ආදී මූලික ආයුර්වේද ග්‍රන්ථවල පවා එකම රෝගය ගැනද එහි ප්‍රභේද ගැනද යම් යම් සිද්ධි ගැනද එකිනෙකට වෙනස්ව රචනා කර ඇති ආකාරයෙන්ම පෙනේ.

91818_asdsadsadsadsa

නාලන්දා විශ්ව විද්‍යාලයේ සංස්කෘත බලපෑම මෙන්ම අනුරාධපුර යුගයේ මැද කාලයෙන් පසු පොළොන්නරු යුගයේද ආක්‍රමණ සංක්‍රමණ මෙන්ම සිංහල පඩිවරු සංස්කෘත වැළඳගැනීම නිසා පුරාණ සිංහල වෙදකමද ආයුර්වේදයට යට විය. එහෙත් ආයුර්වේදයේ දක්නට නොමැති ප්‍රත්‍යක්ෂ වෙදකම් සිංහල කැඩුම් බිඳුම් හා හන්දි වෙදකමේද, ඇස් වෙදකමේද, නිල වෙදකමේද, සර්පවිෂ වෙදකමේද, ගෙඩි වණ පිළිකා වෙදකමේද ඇතැම් පාරම්පරික සර්වාංග වෙදකම්වලද දක්නට ලැබේ. ඇතැම් පාරම්පරික වෙදකම් ලෙස ආයුර්වේද වෙදකමද යොදන අවස්ථා දක්නට ඇත. ඔසු සැකසුමේදී කුළුබඩුවලට විශේෂ තැනක් සිංහල වෙදකමේදී ලැබුණු අතර ඉන්දියානු බෙහෙත් වට්ටෝරු වඩා ඉක්මන් සුවය ලබාදෙන ප්‍රතක්ෂ බෙහෙත් මෙරටදීම අපේ සෘෂිවරු සාදා ගත්හ. අදටත් එවැනි වට්ටෝරු ඒ ඒ වෙද පරම්පරා සතුව සැඟව පවතී.

ax048-5b0a-9jpg-cf87d42f6f9fe73c

 1.   මේ දිනවල පවතින සෙම්, පීණිස, කැස්ස, උණට සරළ පිළියමක්
කොත්තමල්ලි 50ට, වියළි ඉගුරු 50ට, තිප්පිලි 25ට, සිරිතේක්කු 25ට, කබලේ බැද කුඩුකර කළවම් කර තේ හැදි 1 බැගින් උනු වතුර පීරිසි කොප්ප 1 කට දමා මඳ රස්නෙන් පෙරා බොන්න උදේ/සවස.
2.  ඇඟ නිවීමට, අර්ශස්, අම්ල පිත්ත, මළ බද්ධය පාලනය
කොහිල අල, ගොටුකොළ, රතුළුෑනු සමව ගෙන පොල් සමග කොටා ඉස්ම මිරිකා හීනටි සහල් දමා කැඳ පිස සතියක් බොනු යහපති.
3.   ශරීරය පෘෂ්ටිමත් වීමට, රෝග නැසුමට
තිප්පිලි කරල් කුඩු කර 100ට, සීනි 25ට, මීපැණි අවුන්සයක් එළඟි තෙල් අවුන්ස 2ක් එකට අනා අඹරා තබා තේ හැඳි 1/2 බැගින් දිනපතා කෑමට පෙර වළඳනු ජරා ව්‍යාධි නැසේ.
දේශශක්ති, වෛද්‍ය කීර්ති, වෛද්‍යරත්න වෛද්‍යාචාර්ය චතුරංග වීරක්කොඩි
0716277641

Add a Comment

Your email address will not be published. Required fields are marked *