Home » දේශීය සංස්කෘතිය » දේශීය වෙදකම » රෝගියාගේ නාඩි පිරික්සා රෝගය හදුනාගත් හෙළ වෙදකමේ විශ්මිත ශාස්ත්‍රය
pulse-check-pic

රෝගියාගේ නාඩි පිරික්සා රෝගය හදුනාගත් හෙළ වෙදකමේ විශ්මිත ශාස්ත්‍රය

සිංහල නාඩි සම්ප්‍රදාය පුරාණ යක්ෂ හා නාග වංසික ඉසිවරුන් බිහිකල නාඩි ශාස්ත්‍රයට අනුව රෝගියා පරීක්ෂාකර ප්‍රකතිකාර කිරීම සිංහල වෙදකමේ සුවිශේෂී අංගයකි. නාඩි පරීක්ෂාව නොදන්නා අය වෙදැදුරෙකු ලෙස එකල පිලිගන්නේද නැත.ඉන්දියානු අයුර්වෙද හා සිද්ධ වෙදකමේද නාඩි පරීක්ෂාව තිබුනද සිංහල නාඩි ශාස්ත්‍රය මෙන් දියුණු නැත.ඉන්දියාවටද නාඩි ශාස්ත්‍රය දායාද කලේ පුලස්ති ඉසිවරයාවේ.(මේ බව පසුගිය ලිපියෙ දැක්වේ) එහෙත් සියලු ශාස්ත්‍රයම ඔවුන්ට නොලැබුණි. එමෙන්ම ඉන්දියානුවන් මෙය බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව විකෘති කලහ. සිංහළ වෙදකමේදී ගැහැණු හා පිරිමි රෝගීන් සියල්ලන්ගේම දකුණු අතේ නාඩි පරීක්ෂාව කරන අතර වෛද්‍යවරයා තම දෑතම මේ සදහා යොදාගනී (දකුණු අත නැතිවිට වම් අත පරීක්ෂා කරයි).

DSCN13352

එහෙත් ඉන්දියානුවන් තම බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව පිරිමින්ගේ දකුණු අතේද ගැහැණුන්ගේ වම් අතේද නාඩි පරීක්ෂා කරයි. වෛද්‍යවරයා තම දකුණු අත පමණක් භාවිතා කරයි. ඉන්දියානුවන් අතේ වාත පිත කඵ යන ත්‍රිදෝෂය පමණක් පරීක්ෂා කරයි. එහෙත් සිංහළ නාඩි ශාස්ත්‍රය යේදී නාඩි පරීක්ෂා ක්‍රම 4කට අනුව සිදුකරනු ලැබේ.. එමෙන්ම දෝෂය දැක්වීමේදී ඇඟිලි භාවිතා කිරීමේද වෙනස්කම් ඇත. විවිධ පාරම්පරික සිංහල වෛද්‍යවරුන් තම තම ආවේනික සුවිශේෂ ක්‍රම භාවිත කළද පොදුවේ නාඩි පරීක්ෂා ක්‍රම සතර ආකාරයකට බෙදා දැක්වේ…
  1. දෝස නාඩි ශාස්ත්‍රය
  2. අංගුලී නාඩි ශාස්ත්‍රය
  3. හස්ත නාඩි ශාස්ත්‍රය
  4. භූත නාඩි ශාස්ත්‍රය
දකුණු අතේ මැණික් කටු සන්ධියේ සිට අංගුලි දෙකක් හැර මහපට ඇගිලි මුල වදින්නාවූ වාතය පිත සෙම යන නාඩි තුන ජීවසාක්ශිණී ධමනිය පරීක්ෂාකර බලා රෝග හදුනාගැනීම දෝස නාඩි ශාස්ත්‍රයයි. මෙහිදී වා, පිත්, සෙම් යන තුන් දෝසයේ අඩු වැඩි වීමත් එහි නාඩි රටාව අනුගමනය කොට රෝග නිදානය හදුනාගැනීමත් සිදුකරනු ලැබේ. ශරීරයේ ඇති පංචමහා භූතයන්ගේ පිහිටීම අතේ ඇගිලි වලින් පෙන්නුම් කෙරේ. මෙසේ අතැගිලි පරීක්ෂාකර උඩුකයේ මැදකයේ යටිකයේ ඇති පංචමහා භූතයන්ගේ තත්තවයත් ශරීරයේ තුන්දෝසයත් ඒ ආශ්‍රිතව ඇත්තාවූ සියලු රෝග තත්වයන්ද පරීක්ෂා කර බලා රෝග නීර්ණය කිරීම රෝග නිධනය හදුනා ගැනීම මෙම අංගුලී නාඩි ශාස්ත්‍රයෙන් සිදු කෙරේ.. අත්ලේ හා පිටි අත්ලේ පිහිටි නිල ස්ථාන හා ශරීරගත අවයව වලට සංවේදීව පිහිටි සුවිශේෂ ස්ථාන පරීක්ෂාකර බලා පීඩාවට පත්ව තිබෙන අවයවය හා එහි ඇති රෝග නිධානය හදූනාගෙන ප්‍රතිකාර කිරීම හස්ත නාඩි ශාස්ත්‍රයයි .මෙහිදී අක්මාව අග්න්‍යාශය වකුගඩු ආමශය ගර්භාශය මුත්‍රාශය ඇතුලු අවයව තුල ඇති ආබාධ තත්වයන්ද හදුනාගනි..

BB27617F-F38E-49BB-A409-156C3F83378E

ශරීරය තුල ඇති සුවනොවන රෝග වලට හේතුව ග්‍රහ බලපෑම මලගිය ප්‍රාණ බැල්ම ඉනාවල් කැවීම හදිහූනියම් විනබන්දන ආදියේ සම්බන්දයදැයි පරීක්ෂා කිරීම භූත නාඩි පරීක්ෂාවෙන් සිදුකෙරේ.. නාඩි පරීක්ෂාකර බලා රෝගීන්ගේ රෝග නිධානය සොයාගැනීමට අප සිංහල වෙදකමේදී මෙම ක්‍රම 4ම භාවිතා කරනුලැබේ. තවද නාඩි ගමන් වේගය ගමන් රටාව දේශගුණය කාලගුණය දිවා රාත්‍රී භේදය ගන්නා ලද ආහාර වයස නිසාද වෙනස්වේ. නාඩි පරීක්ෂාව සිදු කිරීමේදී මේ සියලු කරුණු පිලිබඳව සලකා බලා කටයුතු කිරීම වැදගත්වේ. එමෙන්ම පෙරවරු  කාලයේදී නාඩි පරීක්ෂා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබේ.. ආයුර්වේද හා සිද්ධ සම්ප්‍රදාය අෂ්ට පරීක්ෂා පොතේද,  නාඩි තරංගනී පොතේද, දක්නට ලැබේ සිංහළ නාඩි ශාස්ත්‍රය සිංහල යොගරත්නාකරයේද පුරාණ නාඩි පොතේද භූත නාඩි ශාස්ත්‍රය පොතේද සිංහල නාඩි විද්‍යාව පොතේද පංච පරීක්ෂා පොතේද දක්නට ලැබේ.
චතුරංග වීරක්කොඩි දේශ ශක්ති වෛද්‍යකීර්ති වෛද්‍යරත්න වෛද්‍යාචාර්ය

Add a Comment

Your email address will not be published. Required fields are marked *