Home » දේශීය සංස්කෘතිය » දේශීය වෙදකම » පෙරදිග වෛද්‍ය ක‍්‍රමවල ආරම්භක ප‍්‍රවාදය
ayurveda-4

පෙරදිග වෛද්‍ය ක‍්‍රමවල ආරම්භක ප‍්‍රවාදය

පෙරදිග රටවල් ලෙස සැළකෙන භාරතය, ලංකාව, චීනය, ජපානය, සියමය ආදී රටවල් හා ඒ ආශි‍්‍රත රටවල් වල ඒ ඒ රටවලට ආවේණික වෛද්‍ය ක‍්‍රම ඇති අතර ඒවා බොහොයමයක් ඉතා ප‍්‍රත්‍යක්ෂ ඖෂධවලින් යුක්තය. එමෙන්ම මෙම වෛද්‍ය ක‍්‍රමවල මූලධර්මයන්ගේ පොදු බවක් දක්නට ඇති අතර බොහෝ පැරණි වෙදකම් ලෙසද සැළකේ.
මනුෂ්‍ය ලෝකයට ආභස්සර බ‍්‍රහ්ම ලෝකයේ සිට මිනිසුන් පහළ වූ ආකාරය ති‍්‍රපිටකයේ අග්ගඤ්ඤ සූත‍්‍රයට අනුව පැහැදිලි ලෙස දක්වා ඇති අතර, පුණ්‍ය ශක්තිය ඉතා බහුල පිරිස ප‍්‍රථමව මනුසත් බව ලැබීම නිසා ඔවුන්ගේ ආයුෂය ඉතා දීර්ඝ විය. ආයුෂය දීර්ඝ නිසා ලෙඩරෝග වැළඳීමද ඉතාමත් අල්ප විය. වැළඳුනද ඉතාමත් සුළු වේලාවකින් සුළු කලෙකින් සුවය ලබන ලෙඩ රෝග විය.
එහෙත් ක‍්‍රම ක‍්‍රමයෙන් රාග ද්වේශ ආදී කෙලෙස් සිතුවිලිවල පහළ වීම හා විවිධ අකුසල් කි‍්‍රයා සිදුකිරීම හේතුවෙන් මිනිසුන්ගේ ආයුෂය අඩුවන්නට විය. ආයුෂය අඩුවන විට විවිධ ලෙඩරෝග ඇතිවීමද ආරම්භ වූ අතර ආයුෂය අඩුවන වේගය අනුව ලෙඩ රෝග බහුලවීමේ වේගයද වැඩි විය.
මෙම යුගයේදී ලෞකික සැප සම්පත් කෙරෙහි කළකිරී විමුක්තිය සොයා වනගත වී තවුස්දම් පුරන පිරිස්ද බිහි විය. ඔවුන් අතරින් සමහර දෙනෙක් ධ්‍යානලාභී සෘෂිවරුන් බවට පත් වූ අතර ධ්‍යාන ලැබීමට අපොහොසත් වූවන් තාරකා නිමිති ආදීන් බලා නිමිති ශාස්ත‍්‍ර දෙන නැකැත්කරුවන් බවට පත්වූහ.
ජනපදවල රෝගී තත්වයට ගොදුරු වූවන් බොහෝ දෙනෙකුම අන් සරණක් නොමැතිව මෙම සෘෂිවරුන්ගේ පිහිට පැතූ අතර, කෙලෙස් යටපත් කර ධ්‍යාන ලැබූ මෙම සෘෂිවරු තම තම ධ්‍යානවල තත්වය අනුව සමාධියට සමවැදී මිනිසුන්ට ඒ ඒ රෝගවලට අදාළව විවිධ ඖෂධ වර්ග පිළිබඳ උපදෙස් හා ඖෂධ සංයෝගද ආහාර, විහරණ පිළිබඳව උපදෙස් ලබාදී ප‍්‍රතිකාර කර රෝග සුව කර ඇත. එමෙන්ම මිනිසුන්ද එදිනෙදා ජන ජීවිතය තුළින් ලබාගත් අත්දැකීම් නිසාද කුඩා කුඩා ප‍්‍රතිකාර ක‍්‍රම දැනගත්හ.
ක‍්‍රම ක‍්‍රමයෙන් අකුසල් කිරීම බහුල වීම නිසා, කෙලෙස් බහුල වීම නිසා ඒ ඒ ප‍්‍රදේශවල මිනිසුන්ගේ ආයුෂය අඩු වීමෙන්, රෝග පීඩාදිය බහුල වීමත් නිසා සෘෂිවරු එකට එකතු වී තම තමන් සොයාගත් ඖෂධ ගැන සාකච්ඡා කර තම තම ධ්‍යනවලින්, සමාධියෙන් බලා (සම්මේලන පවත්වා) රෝග සුව කිරීමට ප‍්‍රතිකාර ක‍්‍රම, මූලික ශරීරයේ වා, පිත් සෙම් නැසීමේ රෝග වර්ග අනාගතයේ සෑදෙන රෝග ආදී වශයෙන් චිකිත්සා පද්ධති නිර්මාණය කළහ. මෙම මූලික වෛද්‍ය ක‍්‍රම තුන් දොස් පංචමහා සාධක සප්ත ධාතු ද්‍රව්‍ය හා ඔහුගේ ආහාර විහරණ පිළිබඳ දැනුම මූලික කොටගෙන සියලූ මනුෂ්‍ය ශරීරවලට පොදුවේ ප‍්‍රතිකාර කළ හැකි වෛද්‍ය ක‍්‍රමයකින් යුක්ත විය.
මෙම වෛද්‍ය ක‍්‍රමය හෙවත් සෘෂිවරුන් බිහිකළ වෛද්‍ය ක‍්‍රමය හෙවත් ‘‘පුරාණ පෙරදිග වෛද්‍ය ක‍්‍රමය’’ ඉතාමත් සරළ එකක් විය. මෙසේ සෘෂිවරු තමන් බිහිකළ වෛද්‍ය සම්ප‍්‍රදාය තම ගෝල පරම්පරාවලට ඉගැන් වූ අතර රෝග සුවකිරීම සඳහා උපදෙස් ද ලබා දුනි.
විවිධ දේශවලට මෙම සෘෂිවරුන්ගේ මෙන්ම ගෝලයන්ගේද සංක‍්‍රමණය වීම නිසා ඒ ඒ දේශවලටද මෙම වෛද්‍ය ක‍්‍රමය ව්‍යාප්ත විය.
විවිධ ප‍්‍රදේශවල තිබෙන දේශගුණික හා කාලගුණික විපර්යාස බහුලව තිබෙන ඖෂධ වර්ග හා මිනිසුන්ගේ ජීවන රටාවන් අනුව මෙම වෛද්‍ය ක‍්‍රමය වෙනස් විය.
එසේම එම ප‍්‍රදේශවල තිබෙන විවිධ ගෝත‍්‍ර සංස්කෘතීන් භාෂාවන් හා මිනිසුන්ගේ අවශ්‍යතා අනුව මෙම වෛද්‍ය ක‍්‍රමයන් හැඩගැසුණි.
සෘෂිවරු හා ඔවුන්ගේ ගෝල පරම්පරා අනුවද, විවිධ වෛද්‍ය සම්ප‍්‍රදායන්, සුවිශේෂ වූ චිකිත්සා ක‍්‍රම බිහි වූ අතර ඔවුනොවුන් සතු අත්දුටු ප‍්‍රත්‍යක්ෂ ඖෂධ වර්ග බිහිවුණි. එමෙන්ම විවිධ ඖෂධ වර්ග එකතු කර අත්හදා බැලීම් ද කර විවිධ නව ඖෂධ හා වෛද්‍ය ක‍්‍රමයන්ද බිහිවුණි. එහෙත් එසේ සිදු වූයේ සෘෂිවරුන් නියම කළ නීතිරීතිවලට අනුකූලවය.
එසේම මෙම විවිධ සංස්කෘතීන් අනුව විවිධ ආකාරවලට විකාශය වූ වෛද්‍ය ක‍්‍රමවල මූලික බිහිවීම නොදන්නාකම නිසා හෝ නැතහොත් තම රටවල, ආගම්වල වෛද්‍යක‍්‍රමවල ආධිපත්‍යය දැරීමට හෝ තම වෛද්‍ය ක‍්‍රමවල ශ්‍රේෂ්ඨත්වය උලූප්පා දැක්වීමට ඒ ඒ සංස්කෘතීන් අනුව දේව කථා, බ‍්‍රහ්ම කථා, රජ කථා, සිහින දුටු දෑ, ඒ ඒ වෛද්‍ය ක‍්‍රමවල ඖෂධ බිහිවීම, වෛද්‍ය ක‍්‍රමවල ආරම්භය දැක්වීම එකතු කර ග‍්‍රන්ථවල ලියා තබා තම ඉදිරි පරම්පරාවලටද කීමට මෙම වෛද්‍ය ක‍්‍රමවල පසුකාලීනව ආධිපත්‍යය දැරූවන් කටයුතු කළහ.
එසේ වූ ආකාරය චීන ජනකථා ඇසුරින් ගෙතුන චීන වෛද්‍ය සම්ප‍්‍රදායේ දැකගත හැක. බ‍්‍රාහ්මණ චතුර්වේදය තුළ සම්ප‍්‍රදාය මූලික කරගෙන ගෙතුනු උතුරු ඉන්දියානු ආයුර්වේද සම්ප‍්‍රදායද, ශිව පාර්වතී කතා එකතු කොට ලියැවුණු දකුණු ඉන්දියානු සිද්ධ වෙදකමද,යෝනක දේශයට අනුව හමටන් යුනානි වෙදකමද, යක්ෂ ගෝති‍්‍රකයන් හා නාග ගෝත‍්‍රිකයන්ගේ ආභාෂයෙන් ගොඩනැගුණු ලාංකික පාරම්පරික පුරාණ වෙදකමද, අනුරාධපුර හා පොළොන්නරු යුගවලින් පසු ආයුර්වේද හා සිද්ධ වෙදකම, යක්ෂ ගෝත‍්‍රික වෙදකම මිශ‍්‍ර වූ සිංහල සංස්කෘතිය අනුව හැඩගැසුණු සිංහල වෙදකමද දැක්විය හැක. එසේම අපි‍්‍රකානු රටවලද තම ගෝත‍්‍රවලට ආවේණික වෙදකම්ද, ඇමෙරිකා මෙක්සිකෝ රතු ඉන්දියානු සම්ප‍්‍රදායික වෙදකම්ද දැක්විය හැක. බටහිර රටවලට කි‍්‍රස්තියානි හා කතෝලික ආගම් පැමිණෙන විට එහි තිබූ මායාකාරීන්ගේ වෙදකම්ද දැක්විය හැක.
මෙම වෛද්‍ය ක‍්‍රමවල තම සංස්කෘතීන් අනුව ගෙතුණු විවිධ රසවත් දේව කථා, බ‍්‍රහ්ම කථා, රජ කථාවලින් යුත් වෛද්‍ය සම්ප‍්‍රදායන් තුළ බොහෝ රසවත් ඉතිහාස කථාවලින්ද යුක්ත වේ.
දේශ ශක්ති, වෛද්‍ය කීර්ති, වෛද්‍ය රත්න, වෛද්‍යාචාර්ය චතුරංග වීරක්කොඩි
රසවත් කථා සහ එම වෛද්‍ය ක‍්‍රම ශිල්පත් එමගින් ඔබ නිරෝගිමත්ව සිටින්නේ කෙසේද යන්නත් ඉදිරි ලිපි මගින් දැනුවත් කිරීමට අප සූදානම්…. බලාපොරොත්තුවන්න.

Add a Comment

Your email address will not be published. Required fields are marked *