Home » දේශීය සංස්කෘතිය » දේශීය ආහාර » බටහිර ආහාරයන්ගෙන් මිදී පුරාණ හෙළ ආහාර රටාවට නැවත හුරුවිය යුත්තේ ඇයි?
044_nugaGamaBuffet1JPG

බටහිර ආහාරයන්ගෙන් මිදී පුරාණ හෙළ ආහාර රටාවට නැවත හුරුවිය යුත්තේ ඇයි?

වර්තමාන සිංහල සංස්කෘතිය අඩපණ වී පවතින්නේ සමාජය ජීවත්වීම පිළිබඳව ආයුර්වේදය මූලධර්ම වන ආහාරය, ඖෂධය, විහාරය (හැසිරීම) යන ත්‍රිවිධ අංගයෙහිම සුඛෝපභෝගී වන බැවිනි.
 අධිරාජ්‍යවාදී වෙළෙන්දෝ සිංහල මිනිසා පුරුදු වී සිටි සාරවත් ආහාරයෙන් තොර කොට ගිජුකම, තෘෂ්ණාව, මෝඩකම අලසකම ඇතිකරන දේටම ඔහු ඇබ්බැහි කළහ. ස්වාභාවික ආහාරපාන නිගාවට ලක්කොට රට හාල් ඇතුළු කෘතිම ආහාරයටත් බ්‍රැන්ඩි විස්කි අරක්කු ඔරේන්ජ් බාර්ලි බඳු අස්වාභාවික පානයටත් ඔවුහු සිංහලයා පුරුදු කළහ. පිටරට කෑම බීමෙහි විටමින් අඩංගු වන බවද මෙරට කෑම බීමෙහි විටමින් හිඟ බවද ඔවුහු අපට ඉගැන්වූහ. මෙරට හාල් හා කිරි රට වැසියන්ගෙන් තුරන් කිරීම නිසා ජනයා සෞඛ්‍ය අතින්ද බුද්ධිය අතින්ද ආර්ථික අතින්ද එක සේ පිරිහුණේය.

_82620468_f0078240-iced_drink,_artwork-spl

අධිරාජ්‍යවාදීන් ලංකාවට පැමිණීමට පෙර සිංහලයෝ හින්දූන් මෙන් ගව සම්පත අගය කළහ.
මෙය වටහා ගත් අධිරාජ්‍යවාදීහු සිංහල සමාජයේ ආර්ථික පදනම වන ගව සම්පත හා ගොවිකම විනාශ කළහ. කිරට වතුර හෝ වෙනත් දේ මිශ්‍ර කොට බීමට පුරුදු කළහ. මේ අන්දමින් කිරි බීමේ පුරුද්ද නැතිවී ගියේය. කිරි බොන ජනතාවට ටින් කිරි හා පිටි කිරට පුරුදු වූහ.
යෝගාර්ණවයෙහි කිරෙහි අගය මෙසේ සඳහන් කොට ඇත.
“හෙළකිරි රසායනය, වා පිත්තයයි, ගුරුය, පත්‍යය, සියලු ආම නසයි, මධුරය, සියලු රෝගයනට හිතයි, උතුම් වේ.”
එය රසවත් පානයක්ද, පෝෂ්‍ය ආහාරයක්ද, රෝග නිවාරණ බෙහෙතක්ද වන්නේය.

milking-a-cow-by-hand

තවද පෙරදිග බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ආහාරය බතය. බත් සපයන වී වර්ගද බොහෝය. ඈත අතීතයේ පොදු ජන ජීවිතය ගොවිතැන හා බැඳී පැවතිනි. රජවරුන් පවා වප්මගුල් උත්සව පැවැත්වූ බව අපේ ඉතිහාසය කියයි.
ආදි සිංහලයා බත සකස්කර ගත්තේ වී කොටා ලබාගත් සහලෙනි. එදා වී යන්ත්‍රයකට දමා සහල් කර ගත් බවක් දන්ට නොලැබිණි. රතු හාලේ ජිටකුඞ්ඩ ශරීරයට අවශ්‍ය ජීවධාතු සෑහෙන ප්‍රමාණයක් ලබා දෙයි. යන්ත්‍ර මාර්ගයෙන් සහල් පාහින්නට යාම නිසා ශරීරයට විශේෂයෙන් ලැබිය යුතු ජීවධාතු කොටස් නැතිවීම ළමයින්ගේ ශරීර වර්ධනය බාල කරන්නක් විය.
මෙයින් මා හඟවන්නට උත්සාහ කරන්නේ රතුකුඩ සහිත හාල ඉතා ගුණ බව විදහා දැක්වීමටයි.

8

ආහාරපාන ගැන කතාකිරීමේදී අපේ සිත්වලට පරම්පරා ගාණක් තිස්සේ ඇතුළු වී ඇති උෂ්ණ ශීත ගුණ ගැන කතා නොකර ආහාර ගුණ කිව නොහැකියි.
ආයුර්වේදයේ සඳහන් වා, පිත්, සෙම් යන තුන උෂ්ණ ශීත ගුණ හා එක්ව බැඳී පවතී. යම්කිසි කෑමක් කෑ විට පිත වඩන්නේ නම් එය උෂ්ණ ගුණ යුතු දෙයක් හෙවත් ගිනියම් දෙයකියි කියමු. යම්කිසි කෑමක් ගත් පසු ඇඟේ කැක්කුම, වේදනාව ඇති කරයි නම් එය වාතය වඩන්නකැයි කියමු.
මා මුලින් සඳහන් කළ උපන් ගතිය හෙවත් ප්‍රකෘති ගතිය අනුව කෙනෙකුට ගිනියම් හැයි හැඟෙන දෙය තව කෙනෙකුට ගිනියම් නොවන්නට හැකිය. එසේම කෙනෙකුට ශීත යැයි හැඟෙන දෙය තව කෙනෙකුට ශීත නොවන්නට හැකිය.
ශරීර ශක්තිය වඩන බොහෝ දෙය ගිනියම් ගුණයෙන් යුතු වන අතර ඉක්මනින් දිරවන දියර ගතිය වැඩි දේ ශීත ගුණ විය හැකිය.
ඇතැම් ගිනියම් යැයි සළකන ආහාරපාන තවත් සීතල දෙයක් හා මුසුකර සකස්කර ගත් විට මුල් ද්‍රව්‍යයේ ගිනියම් ගුණය හීන වේ. උදාහරණයක් ලෙස දෙල් ගිනියම් කෑමකියි පිළිගැනේ. මේ දෙල් ශීත ගුණයෙන් යුත් නිවිති හෝ වෙනත් දෙයක් සමඟ සකස්කර ගත් විට ගිනියම් ගුණය හීන වේ. අපි එයට සංයෝග ගුණ යැයි කියමු.
මෙපමණක් නොව ඒ ආහාරය වරකට ගන්නා ප්‍රමාණය හා ගන්නා වේලාව යන කරුණු අනුවද උෂ්ණ ශීත ගුණයන් වෙනස් වේ.
තවද අනුරාධපුර, තිස්ස වැනි උණුසුම් දේශගුණ පවතින පළාත්වල උෂ්ණ කාලවලදී වට්ටක්කා, පුහුල්, දියලබු, පැණි කොමඩු, නියඹරා, පිපිඤ්ඤා වැනි දේ වැඩි වශයෙන් සෑදෙන්නේ ආමාශයේ උපදින ඇඹුල් ගතිය අඩු කරන්නටත්, මූත්‍රා පිටකිරීමේ ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියාකර මූත්‍රා පිටකිරීමට උදව්දීම පිණිසය.

Watermelons

මේ කරුණු සියල්ල සළකා බැලීමේදී ඒ ඒ රටවල ඒ ඒ පළාත්වල වාසය කරන්නන් තම තමන්ට සුදුසු ආකාරයට පෝෂණයට හා නීරෝගීභාවය ආරක්ෂා කිරීමට ගැළපෙන සේ ආහාරය තෝරාගන්නා අතර ආහාර පිණිස සකස්කරගත යුතු විධි ද වෙනස් වේ.
මෙය තේරුම් නොගෙන මෙරට ජනයා නැවත දේශීය කිරි වර්ග හා දේශීය ආහාර වර්ග හා ආහාර රටාවන් වලට හුරුකිරීමක් නොකර මූලික සෞඛ්‍ය හා ආර්ථික ප්‍රශ්න කෙසේ විසඳිය හැකිද? නොහැකිමයි.
ආයුර්වේද මූලධර්ම අනුව සමාජය විග්‍රහ කරනා ඕනෑම කෙනෙකුට කොතෙක් ආරෝග්‍යශාලා, පිං බෙහෙත් ශාලා ගොඩනැගුවද, වෛද්‍යවරු පුහුණු කළද, පිටරටින් මෙරටට ඖෂධ ගෙන්වූවද ආහාර ප්‍රශ්නය විසඳන තුරු පලක් නොවන බව මැනවින් වැටහේ.
ඉදිරි ලිපිවලින් අපි අපේ රටේ ඇති එළවළු, ධාන්‍ය වර්ග, කිරි වර්ග කිහිපයක කෙටි විස්තරයක් ඉදිරිපත් කරන්නෙමු.
පානදුර ගඟුලේ වෙදමැදුරේ පොඩි වෙද මහත්තයා

Add a Comment

Your email address will not be published. Required fields are marked *