Home » දේශීය සංස්කෘතිය » යෝග යනු සොබාදහමයි
Silhouette of a woman doing yoga on the beach at sunset

යෝග යනු සොබාදහමයි

සත්‍යය පවතින්නේ සොබාදහම තුළය. සොබාදහම සත්‍යයම වේ. සොබාදහම විසින් නිර්මාණය කරනු ලබන කිසිවක් විනාශ වන්නේ නැත. නමුත් මිනිසා විසින් නිර්මාණය කරනු ලබන සියල්ල විනාශ වේ. සොබාදහමේ නිර්මාණ සියල්ල නැවත සොබාදහමට ම එකතු වේ. සුගන්ධවත් පුෂ්පයක් වූ කලී, සොබාදහමේ චමත්කාර නිර්මාණයකි. පොහොට්ටුවක්ව ඉපිද, සුවඳ හමන පුෂ්පයක් වී ඉනික්බිති මිළින වී නැවත සොබාදහමේ වාතයට, ජලයට හා පොළොවට එකතු වේ. නමුත් මිනිසා විසින් නිදපවන ශීතකරණය එසේ සොබාදහමට එකතු නොවේ. ඉන් නිකුත් වන වාතය ඕසෝන් වියන සිදුරු කරයි. පොළවට එකතුවන තවත් අපද්‍රව්‍යය ජලය දූෂණය කරයි. පොලිතීන්, බැර ලෝහ හා රසායනික ද්‍රව්‍යය මගින් පසද දූෂණය කරනු ලබයි. මෙලෙස මිනිසා විසින් නිර්මාණය කරන සියල්ල විනාශ වේ. නමුත් පාථිවියේත් විශ්වයේත් සියලූ නිර්මාණ විනාශ නොවේ. මෙය සත්‍යය ලෙස යෝග දර්ශනය තුළ හඳුන්වනු ලැබේ. මිනිසා සොබාහදමේ නිර්මාණයකි. ඒ අපූර්ව නිර්මාණයකි. සත්‍යය සමඟ මිනිසා එකතුවීම, යෝග ලෙස හැඳින්වීමට හැකිය. ‘‘යෝග’’ යනු එකතුවීම, මුසුවීම යන අර්ථයෙන් යෙදේ. යෝග ශාස්ත‍්‍රය තුළින් සිදුකරනු ලබන්නේ සොබාදහමේ රිද්මය සමඟ එකතුවීමයි.
සොබාදහමේ අපූර්ව නිර්මාණයකි, ජලය. ජලයේ විවිධ ස්වරූප ඇත. ඇතැම්විට ජලය ඝනීභවනය වේ. එවිට එය අයිස් ලෙස හඳුන්වමු. තවත් විටෙක දියර ස්වභාවයෙන් ගලායනු ලබයි. තවත් අවස්ථාවක ජලය වාෂ්ප වී දෙනෙතට නොපෙනී යයි. පොළව කැණීමේදී අපට හමුවන්නේද ජලයයි. අහසින් වැටෙන වැහි බිඳු වැස්ස ලෙස අපි හඳුන්වමු. භාවනා පුහුණුවේදී සඳහන් කරනු ලබන ඉගැන්වීම වන්නේ, අපට ජලය මෙන් සිටින ලෙසය. ජලයට ඕනෑම හැඩයකට සිටිය හැකිය. විටෙක කෝප්පයක හැඩයටත් බෝතලයකට දැමූ විට බෝතලයේ හැඩයටත් දැකිය හැකිය. තවත් විටෙක ගලායෑමටද පුළුවන. යෝග පුහුණු වන්නා ජලය මෙන් විය යුතුය. එවිට මනසත් ශරීරයත් ඕනෑම හැඩයකට පවත්වාගැනීමට හැකිය. සොබාදහමේ අවකාශයන් තුළ ගැටෙමින් සාර්ථක වීමට නොහැකිය.
යෝගී භාවනා අභ්‍යාසවල ඉගැන්වෙන කමටහනක් මෙසේය.,
‘‘ඔබේ දෝතෙහි ඇති ජල බිංදුව සුරක්ෂිත කිරීමට ඇති හොඳම ක‍්‍රමය කුමක්ද?’’
‘‘එය හැකි ඉක්මනින් මුහුදට එකතු කරන්න.’’

මෙම අභ්‍යාසයෙන් ගම්‍ය වන අරුත වන්නේ, පුද්ගලයා විශ්වයත් සමඟ එකතු විය යුතු බවයි. යෝග අභ්‍යාස ක‍්‍රම තුළ නිවැරදිව සිතීමත්, භාවනාව පිළිබඳවත් උගන්වනු ලබන්නේ වේදාන්ත තුළය. වේදාන්ත තුළ සත්‍යය ලෙස හඳුන්වන්නේ, සොබාදහමයි. එහි විවිධ රටාවන්ය.
යෝග ශාස්ත‍්‍රයට අදාළ විවිධ අභ්‍යාසයන් පුහුණු කිරීමේදී ජලය උපයෝගී කරගනු ලබයි. උපනිෂද්හි මෙසේ සඳහන් වේ. නිර්මාණය කරනු ලබයි.
යෝගාංග පුහුණුවීමේදී නිමවෙන කුටිය අභිමුඛයෙහි ජල තටාකයක් තැබීමට මුනිවරු යෝජනා කරන ලදි. ඒ මඟින් අවට පරිසරයේ වාතය සිසිල් කරන අතරම සෞම්‍යය පරිසරයක් නිර්මාණය කරනු ලබයි.
භඨ යෝගාභ්‍යාස පුුහුණුවේදී ක‍්‍රමවේද හයක් භාවිතා කරනු ලබයි.
1 ආසන
2 ප‍්‍රාණයාම
3 මුද්‍රා
4 බන්දස්
5 ශෝදන ක‍්‍රම
6 සමාධි
ලෙස එය හැඳින්විය හැකිය. මෙම අභ්‍යාස ප‍්‍රගුණ කිරීමේදී, පුද්ගල ශරීරයේ ආධ්‍යාත්මික ශක්තිය උත්තේජනය කරනු ලබයි. ශරීරය පුරා ගමන් කරන ‘ප‍්‍රාණ’ යාම අභ්‍යාස කිරීම මගින් තුලනය කරනු ලබයි. යම් අයෙකු භාවනා කිරීමේදී භෞතික ශරීරය අමතක කර ආධ්‍යාත්මිකත්වය ගැන පමණක් සිතීමෙන් සාර්ථකත්වය ළඟා කර ගැනීමට නොහැකිය. ඊට හේතු වන්නේ භාවනාව සඳහා වාඩි වූ මොහොතේ සිට ශරීරය පිළිබඳ අවධානය තීව‍්‍ර වීමයි. ඉන් ඉදිරියට පියමන් කිරීමට නම් භෞතික ශරීරයේ ප‍්‍රාණ ගමන් කිරීම මනාව සිදුවිය යුතුය.
ප‍්‍රෘණ ශක්තිය නිවැරදිව සකස් කිරීම සඳහා ප‍්‍රාණයාම අභ්‍යාස ක‍්‍රමානුකූලව සිදුකළ යුතුය. එහිදී අප ගන්නා ආශ්වාසය – ප‍්‍රාශ්වාසය පිළිබඳ මනා අවබෝධය, සොබාදහමේ රිද්මයට එකතු කළ යුතු වේ. ප‍්‍රාණයාම පුහුණුවීම සඳහා කාලයක් තෝරා නොගත යුතුය.
1 හේමන්තය – ශීත සෘතුවට කලින්
2 සිසිරය – ශීත සෘතුවට පසු
3 ගී‍්‍රස්ම සෘතුව
4 වර්ෂා කාලය
පුහුණුව සඳහා යෝග්‍යය කාලය වන්නේ, ‘වසන්ත’ සෘතුවයි. ඒ මගින් ප‍්‍රාණයාම සාර්ථක කර ගැනීමට හැකිය. මෙසේ වසන්ත සමයේ ආරම්භ කරනු ලබන ප‍්‍රාණයාම, උදෑසන බ‍්‍රහ්ම මූර්තියෙන් සිදුකළ යුතුය. එනම් උදෑසන හිරු නැගීමට පැය එකහමාරකට පෙර කාලයයි. (The period of Bhrhma) මෙම කාලයේදී උපවිඳානය කි‍්‍රයාශීලී වන අවස්ථාවයි. එකල්හී අවිඥානක අත්දැකීම් විද්‍යාමාන වේ.
මෙම උචිත කාලය තුළ ප‍්‍රමයෙන් පුහුණුවීමට යෝග්‍යය ප‍්‍රාණයාම අභ්‍යාස ‘නාඩි ශෝදන ප‍්‍රාණයාමය’ යි. (Naadi Shodana Pranayaama – Alternative Nostril Breathing) මෙම ශෝදන ප‍්‍රාණයාම පුහුණුවන ආකාරය භඨ යෝග ප‍්‍රදීපිකාවේ දක්වා ඇත්තේ මෙසේය,
‘‘යෝගීවරයා බද්ධ පද්මාසනයෙන් වාඩිවී, වම් නාස් පුඩුවෙන් ආශ්වාස කරමින් දරාගත හැකි තරමට හුස්ම අල්ලා ගන්න. ඉන්පසු දකුණු නාස් පුඩුවෙන් ප‍්‍රශ්වාස කරන්න.’’
– භඨ යෝග ප‍්‍රදීපිකාව –
දෙවන පාදය – අටවන සූත‍්‍රය
නාඩි ශෝදන ප‍්‍රාණයාමය අභ්‍යාසයේ යෙදෙන පිළිවෙල
ප‍්‍රථමයෙන් ආස්තරණය මත සිද්ධාසනයෙන් හිඳින්න. වම් අත චින් මුද්‍රාවෙන් හෝ ඳාන මුද්‍රාවෙන් තබාගන්න. දකුණු අතෙහි දබරැගිල්ල සහ මැදගිල්ල නවන්න. මාපටගිල්ලෙන් දකුණු නාස් පුඩුව වසන්න. වම් නාස්පුඩුවෙන් සෙමෙන් ගැඹුරින් හුස්ම ගන්න. දකුණු නාස් පුඩුවෙන් හුස්ම පිට කරන්න. එවිට වම් නාස් පුඩුව වෙදැගිල්ලෙන් වසාගන්න. මෙය අනෙක් පසටද වාර දහයක් සිදු කරන්න.
මෙම පුහුණුවීමේදී ශරීරය සෘජුව තිබිය යුතුය. පැත්තකට නැමී නොතිබිය යුතුය. මෙම ‘නාඩි ශෝදන ප‍්‍රාණය ඉදිරියට පුහුණුවේදී හුස්ම රඳවා ලබා ගැනීමටද හැකිය. මාස තුනක කාලයක් ‘නාඩි ශෝදන පුහුණුවෙන්, නාඩි පවිත‍්‍ර වේ. එවිට විවිධ භෞතික ලක්ෂණ ප‍්‍රකට වේ. අනුවේගී ස්නායු පද්ධතියේ කි‍්‍රයාවන් තීව‍්‍ර වේ. ‘නාඩි ශෝදන ප‍්‍රාණයාමය පිළිබඳව ඝෙරණ්ඩ සංහිතාවේ, මෙසේ සඳහන් වේ.
‘‘ප‍්‍රාණයාම වල පළමු අවස්ථාවේදී, ලබා දේ. මැද අවස්ථාවේදී, වෙව්ලීම ඇති කරයි. කශේරුවේ අවසානය ප‍්‍රාණයාමයට පෙන්වයි. සෘද්ධි කරණයට තවදුරටත් යොමු වේ. යෝගීවරයා භූවරී සද්ධිය ලබාගනී. පඨවි ධාතුව පාලනය කිරීමට හැකි වේ. විවිධ චක‍්‍ර අවදි කරනු ලබයි.’’
ලීලානන්ද වික‍්‍රමාරච්චි

Add a Comment

Your email address will not be published. Required fields are marked *