Home » දේශීය සංස්කෘතිය » යෝග ව්‍යායාම » අතීත ශ්‍රී ලංකාවේ සයුර හා බැදි යෝග ක්‍රම ඉගැන්වු අධ්‍යාමික මධ්‍යස්ථාන
Hridaya-meditation-117628_650x250-1

අතීත ශ්‍රී ලංකාවේ සයුර හා බැදි යෝග ක්‍රම ඉගැන්වු අධ්‍යාමික මධ්‍යස්ථාන

සහජ යානය ක්‍රිස්තු වර්ෂ 729 දි ආරම්භ වේ. එහි අරම්භ කරනු ලබන්නේ ඉන්ද්‍රභුති රජුගේ සහොදරිය  විසිනි. ඕ නමින් ලක්ෂ්මි තරා දේවිය වුවාය. එය යෝග ශාස්ත්‍රයට අදාල දැනුම මෙලෙස පරිණාමය විමත් සමඟ පැවැති දැනුම් සම්භාරයේ ඇතැම් අඩුපාඩුකම් මඟ හැරීම සිදු විය. ඒ සඳහා හඨ යෝග ක්‍රමවේදය භාවිතා වුනි.
මුනිවරුන් විසින් සහජ යානය තුලින් අපූර්ව චින්තාවක් පසක් කරන ලදි. මෙහිදි “සහජත්වය”යනුවෙන් අදහස් වන්නේ,
“උත්පත්තියෙන්ම සිතෙහි පහල වෙන අදහස් සම්බන්ධ ධර්මතාවයන්හි”
මෙලෙස  යමෙකුගේ උත්පත්තියෙන්ම ඇතිවන ධර්මතාවයන් සොබා දහම සමඟ මුසු වේ. යමෙකු සොබා දහමේ රිද්මයන් සමඟ සිටින විට කාලයෙහි චක්‍රයන් මනාව පසක් වනු පෙනේ. එහිදි ඉර හඳ – සුලං ආදින්ගේ චලනයන් මනාව වැටහේ. මෙම සොබා දහමේ රිද්මයන් සමඟ සිටීමේදි පුද්ගල මනසට බාදා වන සිතුවිලි එන්නේ නම් එය හඳුනා ගැනීම පහසුය. එම ප්‍රවාහයට හසු නොවි විසීම මගින් ආධ්‍යාත්මික සුවයක් ලැබීමට හැකිය.

082845329f3789402939f32bee26120b

 

 සහජ යානය තුලින් ඉස්මතු කල උක්ත අදහස තුලින් අපූර්ව ආධ්‍යාත්මික යෝග ප්‍රවේශයක් ඉස්මතු වනු පෙනේ. එම අපූර්ව ආධ්‍යාත්මික යෝග ප්‍රවේශය මත්සේන්ද්‍රනාථ තුමන් විසින් වඩාත් පෝෂණය කරන ලදි.  එහිදි ‘‘මත්සේද්‍ර‘‘ යනු මුහුදට සම්බන්ද නාමයකි. මහ මුහුදේ රිද්මයන් සමඟ පුද්ගලයාගේ සහජයෙන් උපන් සිතුවිලි එකතුවීමෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලගා කර ගැනීමට හැකිය. මන්සෙද්‍රනාථ යනු සාගරයේ සිටි මත්ස්‍යය නායකයකි. එතුමන් ශිව දෙවිදුන් විසින් යෝග ක්‍රම පාර්වතීට ඉගැන්වීම් අසා සිට එය ප්‍රවර්ධනය කරන ලදි. මතසේද්‍රනාථ තුමන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වුයේ ගොරක‍ෂනාථ තුමන්ය.
චන‍ද්‍රයාගේ සුක‍ෂම ශක්තින් සමඟ ඉතා සමීප සම්බන්දයක් ගොඩ නැගි ඇත්තේ සාගරය සමඟය. මෙම සදුගේ ශක්තියත් සාගරයේ රිද්මයත් සමඟ චන‍්ද්‍ර නමස්කාරය නිර්මාණය වී ඇත.

Yoga

 ලංකාව වටාම පිහිටියේ මහ මුහුදය. මෙම දුපතෙහි සිටි යෝගින්ගේ සහ සාමාන්‍ය ජනයාගේ ආධ්‍යාත්මික සංවර්ධනයට සයුර උපයෝගි කර ගන්නා ලද්දේ අප ඉහත සාකාච්ඡා කල දර්ශනික පසු බිම සිටය. මහ මුහුද වටා වු වෙරළ තිරයේ අපේ සංස්කෘතිය විසින් ගොඩ නඟන ලද ආධ්‍යාත්මික පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් මෙසේ පෙල ගැස්විමට හැකිය.
  1. නාගදීපය
  2. මුහුදු මහා විහාරය – අම්පාර
  3. ඕකද දේවාලය – පානම දේවාලය
  4. කොනෙෂ්වරම් දේවාලය (පැරණි විහාරස්ථානයකි)
  5. කොටහේන කෝවිල
  6. වැල්ලවත්ත බාබාජි ටෙම්පල්
  7. දෙවුන්දර – විෂ්ණු දේවාලය
මෙලෙස සයුර සමඟ ගනු දෙනු කල අප යෝගි අභ්‍යාස ක්‍රමයන් බොහෝ ප්‍රගුණ කරන ලදි. ඉන් ප්‍රධාන අභ්‍යාසයකි චන‍්ද්‍ර නමස්කාරය.
ලීලානන්ද වික්‍රමාච්චි
යෝග උපදේශක

Add a Comment

Your email address will not be published. Required fields are marked *