Home » නෙල්ලිගල | යටිහලගල » උඩරට මාතාවගේ රන් හද මඩල
12670388_1683323048607289_284303641032052335_n

උඩරට මාතාවගේ රන් හද මඩල

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හුදු තවත් එක් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් නොව දෙස් විදෙස් වශයෙන් විවිධ සේවාවන් රැසක් සිදු කිරීම පිණිස උරදෙන ආයතනයකි. ඒ බවට එක් වසරක් පැමිණි ගමන් මග සාධක වෙතැයි විශ්වාස කරමු. මධ්‍යම පළාතේ යටිනුවර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ගඟ පලාත ශාසනාරක්ෂක බල ප්‍රදේශයේ ඓතිහාසික ජනප්‍රවාද කිහිපයකට උරුමකම් කියන නෙල්ලිගල පර්වතය සොබාදම් මාතාවගේ තවත් අපූර්වතර නිර්මාණයකි. මෙම පර්වතය මතට නැගි කල්හි මධ්‍යම කදුකරයෙහිත් ඉන් ඔබ්බටත් ඇති මනරම් කදු පන්තිය මනාව දැකගත හැකිවන අතර නෙල්ලිගල පර්වතය මෙම සියලු කදු පන්තීන්ට මැදිව පිහිටා ඇති නිසා හාත්පස ඇති චමත්කාරය බලන්නන්ගේ නෙත් සිත් පැහැරගන්නවා නොඅනුමානය.

10502351_1562589120680683_7194035852276179962_n

උක්ත පාරිසරික සුන්දරත්වයත්, එමෙන්ම ඓතිහාසිකමය සාධක රාශියකට උරදෙන භූමියක් නිසාත් විශේෂයෙන්ම මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ ජාත ග්‍රාමය මෙම නෙල්ලිගල අසළව තීබීමත් (මෙසේ සුවිශාල මධ්‍යස්ථානයක් ඉදිකිරීමට උන් වහන්සේ කුඩා කළ සිටම අපේක්ෂා කළ බව කියවිණි.) නිසා මෙම පර්වතයෙහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට උන්වහන්සේ අපේක්ෂා කළහ.

12115680_10204455834187788_924401112685980909_n

මෙවැනි භාරදූර කටයුත්තක් සිදුකිරීම ලෙහෙසි කාරණාවක් නොවන බව කාට හෝ අමුතුවෙන් කිවයුතු නැත. එක් යුගයක මෙම පර්වතය පාපරතයින්ගේ පාරාදීසයක් වූ නිසාත් එසේම යම් යම් අයගේ පෞද්ගලික පටු පරමාර්ථයන් උදෙසා මේ භූමිය පරිභෝජනය කළ නිසාත් ඔවුන්ගේ බලවත් තර්ජන හා විවිධ අකුල්හෙලීම් සිදුවිය. ඒ විටෙක මුදල් හා මැර බලයද දේශපාලන බලයද පාවිච්චි කරමිනි.
නමුත් මේ කිසි දෙයකින් නොසැලුණු අපේ ධම්මරතන හාමුදුරුවෝ අවංකව සම්මා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් සියලු අභියෝග ජයගැන්ම පිණිස වසර කිහිපයක් අභිනිශ්ක්‍රමණයක යෙදුණි. එහි අග්‍ර ඵලයක් ලෙසින් නෙල්ලිගල භූමිය ඉතා පැහැදිලි නිරවුල්ව නීත්‍යානුකූලව තමා වෙත පවරා ගනීමට උන්වහයන්සේට හැකි විය. එසේම නෙල්ලිගල අවට මුස්ලිම් ජාතියකින්ට අයිතිව තිබූ විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට සිදුවූ බවද විශේෂයෙන් සිහිපත් කළ යුතුව ඇත.
ඒ අනුව නිල වශයෙන් මෙම අසිරිමත් භූමිය පුද බිමක් වශයෙන් වර්ෂ 2014 ක් වූ නොවැම්බර් මස 09 වැනි දින විවෘත කරන්නේ ලක්වාසී ලෝ වාසි සත්පුරුෂ පින්වතුන්ගේ වන්දනා මානයන්ට සියලු දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිසත්ය. ඒ සඳහා අප්‍රමාණව සැදැහැ සිතින් දායකත්වය සැපයූ නාවල කුෂන් වර්ක්ස් ආයතනයේ නිර්මාතෘ ආර්. ජී. ප්‍රේමරත්න මැතිතුමා සහ පී. වී. නන්දනී පාදුක්ක මැතිනිය කෘතගුණ පූර්වකව සිහිපත් කළ යුතුය. තවද ජාති ආගම් භේදයකින් තොරව බොහෝ පිරිස් මෙම භූමියට පැමිණීමෙන් පෙනෙනුයේ හුදෙක් වචනයට ආගමික ජාතික සහජීවනය නොව ප්‍රායෝගිකකව පෙනෙන ආගමික සහජීවනයයි.
පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අප්‍රමාණ වෙහෙසත් අධිෂ්ඨානයත් නිසා නෙල්ලිගල බැලූ බැලුවන්ගේ නෙත් සිත් තුටු කරන බෞද්ධ මධ්‍යස්ථානයක් වී හමාරය. මෙම භූමියට දුරින් එන සියලු දෙනාම ප්‍රථමයෙන්ම ආකර්ශනය වන්නේ ගගන තලයේ ඇති අසිරිමත් චෛත්‍යරාජයන් වහන්සේ වෙතය. ස්වර්ණමාලි මහාථූප රාජයාණන් වහන්සේගේ ආකෘතියට නිමවී ඇත මෙම චෛත්‍ය “ශ්‍රී ශාක්‍යසිංහ මහ සෑය” නමින් හදුන්වන අතර ඒ තුළ  අප අමාමෑණීන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා අස්ථි ධාතූන් වහන්සේලා සහ තවත් බොහෝ මහ රහත් ශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඩ වෙසෙති. එසේම මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ යටිනුවර ඉදිවන විශාලතම ධර්මශාලාව වන සුභාරතී දම්සභා මණ්ඩපය ඉදිකර අවසානය.

12391098_10205505156655995_2616355799532665241_n

මේ ආකාරයෙන් වසරක් තුළ සිදු කළ හැකි බොහෝ දේ මේ වන විට සිදුකර හමාරය. විශේෂයෙන්ම මහා විහාරිය වනවාසී භික්ෂු පරපුර වර්ධනය කිරීම පිණිස අසළ ඇති වන රොදක භාවනා කුටි ඉදිරිකමින් පවතින අතර එය තව තවත් ව්‍යාප්ත කර ආධ්‍යාත්මික සුවය සොයන්නන්ගේ තෝතැන්නක් ජයභූමියක් බවට පත් කීරීමට අදහස් කර ඇත. ආරම්භයක් ලෙස මෙම මධ්‍යස්ථානයට වසරක් සපිරෙන 2015 නොවැම්බර් මස 09 වැනි දින එම ආරණ්‍යය නිල වශයෙන් ආරම්භ කිරීම සිදුවිය. තව බොහෝ කර්තව්‍යයන් රාශියක් අනාගතයෙහි ඉටු කිරීමට ප්‍රායෝගික සැලසුම් මේ විටත් ක්‍රියාත්මක කරමින් පවතියි.

 

11025732_477946765688225_1930054755527517607_n

995882_10205505152495891_5082641959859441434_n 12295373_1724827371072720_1154979121840255573_n 12321565_184872238526547_7293868733295431600_n

Add a Comment

Your email address will not be published. Required fields are marked *