Home » පුරාවිද්‍යාව » කන්දේගම සෙල්ලිපියේ පුරා අක්ෂර
sellipi

කන්දේගම සෙල්ලිපියේ පුරා අක්ෂර

කන්දේගම සෙල්ලිපියේ  පුරා අක්ෂර විද්‍යාත්මක හා අභිලේඛනවිද්‍යාත්මක වැදගතකම

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කය පුරා විද්‍යාත්මකවල අභිලේඛණ විද්‍යාත්මකව හා ඓතිහාසිකව වටිනා තොරතුරු රැසක් හමුවන දිස්ති‍්‍රක්කයකිග දෙවන රාජධානිය ලෙස ද විශේෂ වන්නා වූ පොළොන්නරුව ප‍්‍රදේශය තුළ එම ඓතිහාසික වටිනාකම තීව‍්‍ර කරන්නා වූ වටිනා සාධක රැසක් තවමත් සැගවී තිබෙන බව හෙළදරව් වේ. ඒ පිළිබද තවදුරටත් සනාථ කරනු වස් එවන් සාධක හමුවන සුවිශේෂි ස්ථානයක හමුවන සෙල්ලිපියක් පිළිබද පුරා අක්ෂර විද්‍යත්මක හා අභිලේඛන විද්‍යත්මක විවරනයක් මෙම ලිපියෙහි අන්තර්ගත වේ.

කදුරුවෙල සිට මනම්පිටිය මාර්ගයේ මඩකලපුව හන්දියෙන් හැරී අරලගංවිල සිට මහඔය මාර්ගයේ කිගමී 25ක් පමණ ගිය තැන උතුරු මධ්‍යම ප‍්‍රදේශයේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ එගොඩපත්තුවේ දිඹුලාගල ප‍්‍රාදේශිය උප දිසාපති කොට්ඨාශයේ කන්දේගම ග‍්‍රාම සේවා වසමට අයත්ව කන්දේගම පුරාවිද්‍යා ස්ථානය මාදුරුඔය ජලාශයටත්ල අම්පාර දිස්ත‍්‍රික් මායිම් වලටත්ල මැදිව කන්දේගම කඳු පන්ති අතර පිහිටා තිබෙනු දැකගත හැකියග කන්දේගම නම් ග‍්‍රාමය අතීතයේ හඳුන්වා ඇත්තේ  ”දානිගල” නමිනිග අසල්වාසී ග‍්‍රාමය පඹුරුගල්ලයි. දානිගල කන්ද හා පඹුරුගල්ල කන්ද එකට යා කොට මහදුරුගල්ල ජලාශය හෙවත් මාදුරුඔය ජලාශය නිර්මාණය කර ඇති බව ජනප‍්‍රවාදයේ කියවේ. මෙහි අතීතයේ  ”දානිගල කන්ද” ලෙස හඳුන්වන ලද්දේ ද වර්තමානයේ අවධානයට ගැනෙන කන්දේගම කන්ද ම වේ.

අද වන විට කන්දේගම කන්ද පිහිටා ඇති ස්ථානයේ නව විහාරයක් ඉදිවී තිබුනත් අතීතයේ දී මෙය භික්ෂූන් වහන්සේලාගේ සංඝාරාමයක් වූ බව කියාපාන පැරණි නටඹුන් දක්නට ලැබේ. මෙම පුරා විද්‍යා ස්ථනයේ ස්ථානගතව ඇති සෙල්ලිපි තුළින්, පුරා අක්ෂර විද්‍යාත්මක හා අභිලේඛන විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් සාධක රැසක් හෙළිකර ගත හැකිය. මෙම කන්දේගම කන්දෙහි දැනට ලෙන්  60 ක් පමණ හඳුනා ගෙන ඇති අතර එම ලෙන්  60 න් ලෙන් 10 ක පමණ තිබී ක‍්‍රි.පූ. 3 න් වන සියවසට අයත් ශිලා ලේඛන හනාගෙන ඇත. මෙම ලෙන් අතීතයේ සද්ධාතිස්ස රජුගේ කාලයේ දී රාජ්‍ය අවශ්‍යතා සඳහා භාවිතා කර පසුව සංඝයා වහන්සේලාගේ පරිභෝජනය සඳහා පූජා කර ඇති බව පිළිගැනෙයි. සෙල්ලිපි වර්ගීකරණයෙහි දී ලෙන් ලිපි වර්ගයට අයත් ලිපි ලෙස මෙම කන්දේගම කන්දේ ලෙන් වල ඇති සෙල්ලිපි හඳුනා ගත හැකිය.

කන්දේගම කන්දේ ලෙන් පිහිටා ඇති කත‍්‍රයේ පරිසරය, වටපිටාව පවා අතීතයේ මෙහි සංඝාවායක් තිබූ බවට දෙස්දෙයි. මෙම ස්ථානයට නිරිත දිගින් කඳු පංතියක් පිහිටා ඇති අතර ස්වභාවික දිය උල්පතක් ද පිහිටා ඇත. පරිසරය සංඝාවාසයකට සුදුසු අයුරින් නිහඩ නිසල, වනාන්තරයක පිහිටා ඇත. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට ම ආවේණික වූ සාමාන්‍ය වියළි දේශගුණික තත්ත්වයක් සහිත පරිසරයක පිහිටි මෙම ගල් ලෙන් වල භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට සුදුසු පරිසරයක් සැකසී තිබෙන්නට ඇති බව මෙම සාධක වලින් සිතිය හැකිය. වියලි දේශගුණයක් වුවත් තරමක සිසිල් බවකින් යුක්ත වන්නේ ගස් කොලන් සහිත වටපිටාව හේතුවෙනි. වෙලන්, මොර, මිල්ල, නුග, වීර, බුරුත, පලූ, එරමිණියා, කර, කටුපිල, ආදී ශාඛායනයකින් යුත් පරිසරය භික්ෂුන්ට සංඝාවාසයකට කදිම වටපිටාවක් සකසන්නට ඇත. මෙම ගල් ලෙන් සංඝයාවහන්සේලාට ඉතා හිතකර ලෙස සකසා තිබෙන්නට ඇති බව සිතිය හැකි සාධක හමුවේ. මේ සඳහා මහෝපකාරී වූ ජල මූලාශ‍්‍ර අදටත් දැක ගත හැකිය. වනාන්තරයෙහි මධ්‍යයට විහිදී යන මෙම ලෙන් තැනින් තැන විශාල ලෙන් මෙන්ම කුඩා ලෙන් ලෙසද පැතිරී තිබෙනු දැකගත හැකිය. මෙම ස්ථානයෙහි කන්දේගම කන්දට පහලින් විහාර භූමියේ පැරණි බෝධිඝරයක නටුඹුන් දැකගත හැකිය.

කන්දේගම ඇති ලෙන් 60 න් එකක ඇති සෙල්ලිපියක් මෙයින් විමසා බලමු.

මෙම සෙල්ලිපියේ   ”ර්‍ණතිශ අයහ පුත මහ අයහ අයක ගමික මහ තිශ මරුමකන ගමික තිශහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ පටිතපිතෙ” යන්නෙන්  සදහන් වේ. එයින් කියවෙන්නේ   ”තිස්ස කුමාරයාගේ පුත‍්‍රයා මහ අය නම් ස්ථානයේ කරවූ අයකැමි ගම් ප‍්‍රධානී මහා තිස්සගේ මුණුබුරු ගම් ප‍්‍රධානී තිස්සගේ ලෙණ, ආවා වූද නොආවා වූද සතර දිග සංඝයාට ප‍්‍රතිශ්ඨාපිතයග”යනුවෙනි.    සෙල්ලිපිය ප‍්‍රමාණයෙන් දිග අඩි 25  ක් වූ අතරම එම සෙල් ලිපිය කොටා ඇත්තේ විශාල ලෙනෙහි ඉදිරි විවරයෙහි කටාරම් කොටා ඇති ස්ථානයට අඩියක් පමණ පහළිනි. එහි අක්ෂර එක දිගට නොකඩවා කියවිය හැකි පරිදි කොටා තිබීම විශේෂත්වයකි. අක්ෂර 54 ක් අයත් සේල්ලිපියක් වන මෙහි  අක්ෂර වල ප‍්‍රමාණය සාමාන්‍ය ප‍්‍රමාණයකි. එතරම් විශාලත් නොවන කුඩාත් නොවන මධ්‍යම ප‍්‍රමානයේ අක්ෂර වලින් සෙල්ලිපිය කොටා ඇත. මෙම අක්ෂර වල ගැඹුර 1  cm වන අතර අක්ෂරයක වට ප‍්‍රමාණය නොහොත් විශාලත්වය වන්නේ සාමාන්‍යයෙන්  35cm ක් පමණ වේ. අක්ෂරයන් අතර දුර ප‍්‍රමාණය 4cm පමණ දුරකින් වන අතර මෙම අක්ෂර එතරම් ගැඹුරට කොටා නොමැති බැවින් තරමක අපහැදිලි ස්වරූපයක් දැකගත හැකිය. සමහර තැන් වල අක්ෂර හඳුනා ගැනීමට පවා නොහැකග එහෙත් මෙම අක්ෂර කෙටූ කාලය විමසන විට අක්ෂර පරිපූර්ණ මට්ටමක තිබූ බවත් දියුණු තත්ත්වයක තිබූ බවක් විද්‍යමාන වන අතර මේ අක්ෂර කෙටීමේ දී යොදාගත් තාක්ෂණයේ ම කමක් විනා අක්ෂර වල නොදියුනු තතත්වයක් මත සිදු වූ දෙයකැයි සිතිය හැකිය. එසේම අක්ෂර කටාරමට යටින් කොටා තිබුණත් එයින් වැස්ස අව්ව ආදී ස්වභාවික උපද්‍රවයන්ට ලක් වී ඇති නිසා කියවීම අපහසුය. මෙම අක්ෂර පිළිබඳ සියුම්ව විමසා බලන කල්හි ඒවා ඉන්දියානු පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර වලට ම සමාන ලක්ෂණ පෙන්වයි. අක්ෂර වලට අමතරව මෙම ශිලා ලේඛනයෙහි බ‍්‍රාහ්මීය නොවන සංකේත දෙකක්ද දැකිය හැකිය. එනම් තරු ලකුණක් සහ මාළුවෙකුගේ හැඩයගත් ලක්‍ෂණයකි. ඉන් සනාථ කරන එක් අදහසක් ලෙස දුටුගැමුණූ රජුගේ රාජ්‍ය සංකේතය දැක්වීමක් බව ද පිළි ගැනේ.  නමුත් එම අදහසට නීත්‍යානුකූල පදනමක් සොයා ගත නොහැකි අතර ඒ පිළිබඳව විග‍්‍රහ කළ වෙනත් සාධකයක් ද සොයා ගැනීමට අපහසුය.

අක්‍ෂර ඉතා සුමටය නමුත් යම් ස්ථාන වලදී මෙම තත්වය මග හැරී ඇති බව පෙනෙතත් සමස්ථයක් ලෙස අක්ෂර කෙටීමේ දී යොමු කරන ලද අවධානය යහපත් මට්ටමක තිබෙන බව කිව යුතුය. එහෙත් අක්ෂර වල වර්තමාන සංරක්ෂණ මට්ටම ඉතා දුර්වල මට්ටක ඇත. අන්තරගතය පිළිබඳ ව විමසන විට මේවා පැහැදිලිව ම භික්ෂූන් උදෙසා පූජා කරන ලද බව ආවාවූ ද නොආවා වුද භික්ෂූන්ට පූජා කරන ලද බව මෙම ලිපියේ දැක්වීමෙන් සාංඝික කොට පූජා කරන ලද්දක් බව පැහැදිලියි. ඉතා කෙටියෙන් ස්ථානය පිළිබඳ හඳුන්වා දීමට ගත් උත්සහයක් දැක ගත හැකිය. මෙම සෙල්ලිපියෙන් එවකට තිබූ නාම පිළිබඳව ද අවබෝධක් ලැබෙයි. පරුමක, ගමික, ගහපති වැනි විශේෂ තනතරු නාම ඇතුළත් සෙල්ලිපි රැසක් මෙම ලෙන් වල හමුවේ. මේ බව ප‍්‍රිශාන්ත ගුණවර්ධනගේ පෞරාණික ස්ථාන හා ස්මාරක කෘතියේ ද සඳහන් වේ .මොවුන් ප‍්‍රධාන වී මෙම ලෙන් පූජා කර ඇති බව ද එකළ  පරිපාලන ව්‍යුහය පිළිබ`දව ද යම් අවබෝධයක් ලබා ගත හැකි වේ.

කෙසේ වෙතත් ලිඛිත ඉතිහාසය තුළ සෙල්ලිපි වලින් කියවිය හැකි කරුණු වඩාත් තීව‍්‍ර ලෙස ඉතිහාසය නිර්මාණය කිරීමෙහිලා වැදගත් වන බැවින් ලිපිවල අක්ෂර පිළිබඳව සැළකිලිමත්  වීම වටී. කුතුහලය තුළ පදනම් වන ඉතිහාසය සෙවීමේ උත්සහය තුළ ලිඛිත මූලාශ‍්‍රය වටිනා පුරාවිද්‍යාත්මක සාධකයකි. එහෙයින් මෙම ලෙන් ආශි‍්‍රත අක්ෂර සංරක්ෂණය කිරීමට විශේෂ අවධානයක් යොමු විය යුතු බව හැඟීමයි. ස්ථානීය වශයෙන් ද සංරක්ෂණ මට්ටමේ දුර්වලතාවක් පවතින අතර මිනිස් හා සත්ව ආදී තර්ජනයන්ගෙන්ද මෙම ඓතිහාසික සාධක විනාශයට පත්වීමක් දැකගත හැකිය. ස්වභාවික හේතු මඟින්ද මෙම සෙල්ලිපි හා ස්ථානය විනාශයට පැමිණ්. එක්දාස් නමසිය ගණන් වල දී එල්ලාවල මේධානන්ද හිමියන්ගේද අවධානයට ලක්ව ඇති මෙම ස්ථානය පර්යේෂණයට ලක්කළ සාධක ද ගලලෙන් වල හමුවේ. එහෙත් පර්යේෂණ මට්ටම් වල තරමට මෙවැනි සමහර ස්ථානයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමත් අපහසු මට්ටමක පවතී.

ඉතිහාසය විවරනයෙහි ලා පුරා අක්ෂර විද්‍යාත්මකව ද අභිලේඛන විද්‍යාත්මකව ද වැදගත් වන ස්ථානයක් ලෙස වටිනාකමක් ඇති කන්දේගම කන්දෙහි ලෙන්, ලෙන්  වල ඇති සෙල්ලිපි ආදීය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්නේ නම් ඉතා වැදගත් ඓතිහාසික තොරතුරු රැසක් හෙළිකර ගත හැකි ස්ථානයක් වශයෙන් ද මෙතෙක් හෙළි නොවූ  ඓතිහාසික කරුණු රැුසක් සැ`ගව ඇති ස්ථානයක් ලෙසද කන්දේගම කන්ද හඳුන්වා දිය හැකිය.

 

අයෝමි ඉසුරිකා දිසානායක

Archaeology and Heritage Management ( Spc )

 

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

ගුණවර්ධන ප‍්‍රිශාන්ත, පෞරානික ස්ථාන හා ස්මාරක, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

මුදියන්සේ නන්දසේන, සිංහල ශිලා ලේඛන සංග‍්‍රහය, ඇස් ගොඩගේ හා සහෝදරයෝ 675 පී. ඇස්. කුලරත්න මාවත කොළඹ 10 ප‍්‍රථම මුද්‍රණය 2000

Inscription Of Ceylon, Paranavithana Senarath, Dept. of Govt. printing – Colombo, 1970

 

 

 

 

Add a Comment

Your email address will not be published. Required fields are marked *