Home » පුරාවිද්‍යාව » රාවන රජෙක් ද ??
rawana-800x445

රාවන රජෙක් ද ??

රාවන සහ රාවන පරපුරේ වංශකතාව

සුවිශේෂී උපාධි නාමයන්ගෙන් පිදුම් ලැබූ රාවන හෙළයේ රාජ්‍යත්වයට පත් ප‍්‍රබල රජෙකු යැයි බොහෝ විද්වතුන්ගේ මතයයි. යුද ශක්තියෙන් මෙන්ම ආධ්‍යාත්මීය බලයෙන් හෙබි ඔහු පිළිබඳ තොරතුරු විමසන ඇතැමෙක් රාවනට විවිධ ස්වරූපයන්ගෙන් සිටිය හැකි ශක්තියක් ඇති බව පවසති. එම නිසාම රාවන දේවත්වයෙන් පුදනු ලබන පිරිස්ද ලෝකයේ වර්ධනය වෙමින් පවතී. ඇතැම් විද්වත්හු ඓතිහාසික වශයෙන් රාවන නමැත්තෙකු නොසිටි බවත් ඉන්දීය වීර කාව්‍යවල එන මනඃකල්පිත චරිතයක් බවත් වෙසෙසා දක්වති. වර්තමානයේ රාවන සංකල්පය පිළිබඳ උනන්දුවකින් පසුවෙන පිරිසක් සිටින බැවින්, තරමක් දුරට හෝ සාධාරණයක් ඉටුවෙන පරිද්දෙන් තොරතුරු සම්පාදනය කිරීම මාගේ මූලික අරමුණ වන අතර අනතුරුව රාවනගේ පරපුර පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමක්ද සිදුකිරීමට අපේක්ෂිතයි.

රාවන සීමාව ඉක්මවා බලය යොදා රාජ්‍යත්වයට පත්වූවෙකි. භාරතයේ දණ්ඩකාරණ්‍ය ඇතුලු විශාල ප‍්‍රදේශයක්ද තායිලන්තය බුරුමය ඇතැම්විට චීනය වැනි රටවලද තම ආධිපත්‍යය පතුරුවා හරින්නට ඇත. වරිග පූර්ණිකාවේ රායනට යොදා ඇති විශේෂ නාමයන්ගෙන් ඒ බව තවදුරටත් තහවුරු කරයි. ආඩිඝල පරපුර හෙවත් යක්ෂ ගෝති‍්‍රක රාජ පරම්පරාවේ ආරම්භය ගැන කියැවෙන පත් ඉරුවෙහි සඳහන් වන්නේ මෙසේය.

ඉදිනි තෙද මුරත ශෛභාරි රජක මන්ඨාවෙන බලපති වී

උහු දාරක ප‍්‍රවේණිය කරන වැඩ මිථාන රජක මන්ඨාවෙන බලපති වී

උහු දාරක ප‍්‍රවේණිය කරන වැඩ මලින්තා රජක මන්ඨාවෙන බලපති වී

උහු දාරක ප‍්‍රවේණිය කරන වැඩ සුමලින්තා රජක මන්ඨාවෙන බලපති වී

උහු දාරක ප‍්‍රවේණිය කරන වැඩ කිසිමභාපති යගු කෞරාණ

මන්ඨක හිරිතල රාවන මිණිමිහි දෙසට තෙදපතිවී

 

රාවනගේ මුත්තණුවන් වන ශෙභාරි රජ ඇතුලූව තම පියාණන් වන සුමලින්තා දක්වා සියලූම යක්ෂ ගෝති‍්‍රක ප‍්‍රධානීන් රාජ්‍යත්වයට පත්වූයේ යක්ෂ ගෝති‍්‍රක ජනපදවලට පණක් සීමාවෙන පරිද්දෙනි. රාවන ගැන සඳහන් කිරීමේදී වරිග පූර්ණිකාව විහේෂ ගෞරව නාමයන්ගෙන් හැඳින්වීමට අමතක නොකරයි. සූර්යාගේ තේජස් ඇති සූර්යවංශිකයෙකු වූ යගු කෞරාණ මන්ඨක, යක්ෂ ගෝති‍්‍රක පරම්පරාවේ වීරත්වයෙන් හෙබි රජෙකු වූ හිරිතල (ශී‍්‍ර තල) ග‍්‍රහ මණ්ඩල පවා ආක‍්‍රමණය කළ රාවන මිනිමිහි දේශයෙහි තම ආධිපත්‍යය පතුරුවාලීය. භාරතීය වීර කාව්‍යයවල ස්වභාවය වන්නේ මෙවැනි කීර්තිධර පුද්ගලයින්ගේ වීරත්වය ඉහළින් වර්ණනා කොට රාම වැනි මනඃකල්පිත පුද්ගලයෙකු ඉදිරියේ පරාජිතයෙකු බවට පත්කොට තම ජාතියේ අභිමානය ඉහළට ගැනීමයි. භාරතීය සංස්කෘත සාහිත්‍යයේ එන ප‍්‍රවාදාත්මක කතන්දරයක් වන රාමායණයේ එන මනඃකල්පිත රාම ප‍්‍රතික්ෂේප කිරීමේදී රාවනද ප‍්‍රවාදාත්මක චරිතයක් බවට පත්වන්නේය. දේශීය විද්වතුන්ද පවසන්නේ රාවණ සංස්කෘත සාහිත්‍යයේ එන ප‍්‍රවාදයක් බවයි. රාවන සම්බන්ධයෙන් ඓතිහාසික වශයෙන් කරුණු  සම්පාදනය කිරීමේදී ඉබේම වාගේ රාමද ඓතිහාසික චරිතයක් බවට පත්වන්නේය. ඉන්දියානු ඉතිහාසය තුළ රාම ඓතිහාසික පරමාදර්ශී චරිතයක් බවට සහේතුකව කරුණු ඉදිරිපත් කිරීමට දරණ වෑයමේදී රාවන හෙළයෙකු නොව බොහෝ විට ඉන්දියානු ජනවර්ගයක් වන ද්‍රවිඩ සම්භවයේ ආරම්භකයා ලෙස සැළකීමට ඉඩ තිබේ. රාම චරිතය අසත්‍ය කරුණු මත හෝ පිළිගැනීමට ලක්වුවහොත් භාරතීය විද්වතුන් අරමුණු කිහිපයක් සාක්ෂාත් කරගන්නා බව සැළකිල්ලට ගැනීම වැදගත්ය. මෙයින් පළමු කාරණය වන්නේ ඉන්දියාවේ බහුතර දෙමළ ජනතාවක් වෙසෙන ප‍්‍රදේශවල වෙනම රාජ්‍යයක් සඳහා පෙළඹුණහොත් මනෝමූලික වශයෙන් ඔවුන් පරාජයට පත්කිරීමට මේ රාම චරිතය ප‍්‍රයෝජනයට ගනු ඇත. දෙවැන්න ද්‍රවිඩ සම්භවයේ ආදිතමයා ලෙස සැළකෙන රාවනගේ රටේ හෙවත් හෙළයේ රාජ්‍යයක් පිහිටුවීමට ඔවුන් පොළඹවනු ඇත. රාවන ඇල්ල, සීතා එළිය වැනි ග‍්‍රානාමයන් සැළකිල්ලට ගෙන රාමගේ ඓතිහාසිකත්වය උදෙසා අප විසින්ම අමුද්‍රව්‍යය සපයන බව නොදන්නා කරුණක් නොවේ. මා මෙයින් අදහස් කළේ රාම බලහත්කාරයෙන් අප ඉතිහාසය තුළට කාවැද්දීමට උත්සාහ දරන බවයි. කන්ද උඩරට ප‍්‍රදේශ හෙවත්රාම්පුරම් ප්‍රදේශවල හනුමන්තාගේ සුවිශල් ප‍්‍රතිමා සහ රාමගේ ප‍්‍රතිමා සහිත දෙවොල් ඉදිවන්නේ රාමගේ බල අධිකාරියට හෙළ දිවයිනද යටත් වූ බව පැවසීමට නොවන්නේද?  මෙයින් ඔවුන් තවත් අරමුණක් ඉටුකර ගනී.

බැරිවීමකින් හෝ ද්‍රවිඩ රාජ්‍යයක් මෙරට බිහිවුවහොත් එවුන්ගේ අධිකාරිමය බලය තවදුරටත් තබාගැනීමට මේ ඓතිහාසික කථාව තවදුරටත් ප‍්‍රයෝජනයට ගැනීමය.

මෙකී කරුණු සැළකිල්ලට ගෙන රාවන ගැන තොරතුරු සම්පාදනය කිරීම බොහෝවිට පරිස්සමෙන් කළ යුතු දෙයක් වන්නේය. රාවන හෙළ රජ පරම්පරාවේ ආදිතමයයා ලෙස පිළිගැනීමට තරම් ඒනෑවටත් වඩා තොරතුරු හමුවී තිබුණත් එම කරුනු සැළකිල්ලට නොගන්නේ භාරතීය ඉතිහාසය හැමවිටම අප වෙනත් අතකට යොමු කරන බැවිනි. හේතුව රාවන භාරත දේශයෙහිද තම බලය පතුරුවා හැරියෙකු බව තහවුරු වන බැවිනි. මෙයට වඩා බරපතලම කාරණය වන්නේ අශෝක භාරත දේශය තුළ සීමාව ඉක්මවා තම බලය පතුරුවා හැරීමයි. අශෝකගේ කථාවට රාවන කිසිසේත් සම්බන්ධ නොවුනත් හෙළ ඉතිහාස කථාව කරළියට ඒමෙන් අශෝක ගැන වෙනත් කථාවක් දිගහැරෙන බැවිනි. මහාවංශයට අනුව භාරතයේ රාජ්‍යත්වයට පත් ධර්මාශෝක බ‍්‍රාහ්මණවංශික නාමයකට හුරු නමක් ඇති අරිට්ඨ ඇමතියාට සෙන්පති තනතුරක් පිරිනැමීමයි. එම තනතුරෙහි වලංගුභාවය ගැන සංකා පහළවීම වැළැක්විය නොහැකිය. හේතුව එම පිරිනැමීම වඩාත් සාධාරණ වන්නේ ස්වාධීන රාජ්‍යයක් වන ලංකා රාජ්‍යයේ රාජ්‍යයත්වයට පත් දේවානම්පියතිස්ස රජුගෙන් ලබා ගැනීමෙනි. එසේ නොවන්නට අශෝකගේ යුදකටයුතුවලදී මහා අරිට්ඨ සැළකිය යුතු කාර්යභාරයක් ඉටු කළ නිසා මේ පිරිනැමීම සිදුකරන්නට ඇතැයි යන සැකයද සාධාරණය. අශෝකගේ උත්පත්ති කථාව භාරතීය ඉතිහාසය තුළ සාධාරණීකරණය වී තිබුණත් අශෝක අධිරාජ්‍යය තුළ පිහිටුවා ඇති සෙල්ලිපිවල වඩාත් පි‍්‍රයතාවයකින් යොදා ඇති නාමය වන්නේ දෙවන පි‍්‍රය පි‍්‍රය දර්ශන (පියදාස) යන නාමයයි. හෙළ නිරුක්තියට අනුව දෙවන පිය පියදස් නමින්ද දේවානම්පියතිස්ස, දෙවන පියතිස් නමින්ද සිටී. මේ නම් දෙකෙහි හෙළ හුරුවට ඇති සාම්‍යතාවය නිසා සහෝදරයන් දෙදෙනෙකු දෙරට රාජ්‍යය පාලනය කළ බව ඇඟවෙයි. වරිග පූර්ණිකාවට අනුව නොකැළැල් බුද්ධ ශ‍්‍රාවක පෙළපතක් දේවානම්පියතිස්ස රාජ සමය වන විටත් පැවත ආ බැවින් රජතුමාද බුදුදහම නොදැන සිටියායැයි කිසිවෙකුටත් කිව නොහැකිය. තවත් වැදගත් කාරණයක් වන්නේ මිහිඳු හරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන විටත් හෙළබස හොඳින් දැන සිටි බවට සාධක තිබීමය. ලලිත විස්තරය නම් වූ මහායාන බුද්ධ චරිතයේ ස්වර්ථසිද්ධ හෙවත් සිද්ධාර්ථ සර්වමිත‍්‍ර ගුරුවරයා වෙතින් බ‍්‍රාහ්මී ලිපි, යක්ෂ ලිපි, නාග ලිපි වල එන අක්ෂර සංකේත වර්ග 64ක් ඉගෙන ගත් බව සඳහන් වෙයි. අප පසුව හඳුනාගත් බ‍්‍රාහ්මී අක්ෂර අලුතින්ම නිර්මාණය කරන ලද්දේ බෝධිසත්වයන් වහන්සේ බව

වර්ධමාන : කුමාරස්තු සර්ව විද්‍යාසු පාරග :

ලිපි ප‍්‍රවිණොහි නවාං ලිපිං බ‍්‍රාහ්මි විනිර්ම වේ.

ක්‍ෂෙමෙන්ද්‍රයන්ගේ ‘‘බුද්ධ ජන්ම’’ නම් කෘතියෙහි සඳහන් කරයි. මේ අනුව යක්ෂ ගෝති‍්‍රක අක්ෂර සහ නාග ගෝති‍්‍රක අක්ෂර බෝධිසත්වයන් වහන්සේද හැදෑරූ බව මේ කාරණාවලින් තහවුරු වන්නකි. අශෝක යුගයෙන් පසුව අප හඳුනාගත් බ‍්‍රාහ්මී අක්ෂර බෝධිසත්වයන් වහන්සේගේ නිර්මාණයක් බැවින් අපි එහි උරුමක්කාරයෝ වන්නෙමු. යක්ෂ ගෝති‍්‍රක අක්ෂර රාවන විසින් නිර්මාණය කරන ලද්දකි. තවත් අක්ෂර මුනමුර සෘෂිවරයා විසින් නිර්මාණය කරන ලද බව සැලවේ. කේවේවස්ථාන වංශයෙන් සම්භවය වූ නාග ගෝති‍්‍රකයන් විසින් පරිභාවිත අක්ෂර යක්ෂ ගෝති‍්‍රක අක්ෂරවලින්ම සන්න වූවකි. යක්ෂ ගෝති‍්‍රක අක්ෂර සංඛ්‍යාමය වශයෙන් අප‍්‍රමාණ වන අතර බ‍්‍රාහ්මී අක්ෂරවලට වඩා පැරණි වූවකි. යක්ෂ ගෝති‍්‍රක සෙල්ලිපි වශයෙන් අප හඳුනාගත් අක්ෂර විශේෂයක් හඳුනාගැනීමට ලැබීම ගැන අප භාග්‍යවන්තයෝ වෙමු. යක්ෂ ගෝති‍්‍රක අක්ෂරවල විහේෂත්වය වන්නේ මේවා පිහිටි ස්ථානය අනුව අර්ථය වෙනස් වීමයි.

රාවණ වංශ කථාවේ තවත් කොටසක් බලාපොරොත්තු වන්න…

 

Add a Comment

Your email address will not be published. Required fields are marked *