Home » බුදු දහම » ධර්මය » කර්මය පිළිබද බුද්ධ දේශනය භෞතික විද්යාවේ සමීකරණ මගින් හෙළිවන අයුරු(විදු ඇසට හසුනොවූ විශ්වයේ සැගවුණු අභිරහස් ත්‍රිපිටකය අසුරින් – හතරවන ලපිය)
near-death-experience

කර්මය පිළිබද බුද්ධ දේශනය භෞතික විද්යාවේ සමීකරණ මගින් හෙළිවන අයුරු(විදු ඇසට හසුනොවූ විශ්වයේ සැගවුණු අභිරහස් ත්‍රිපිටකය අසුරින් – හතරවන ලපිය)

කලින් ලිපය මෙනින් බලන්න
ආලෝකයේ මේ ස්වභාවය විස්තර කරගැනීමට යොදාගන්නා පරීක්‍ෂණය හඳුන්වන්නේ —Double slit experiment˜ලෙසයි . මේ පරීක්‍ෂණය කරන ආකාරය මම සරලව පැහැදිලි කරන්නම් . විද්‍යා පාඩමක් වගේ හිතෙයි. කොහොමත් මේ කාරණය අඩුපාඩු නැතිව පැහැදිලි කර ගත්තොත් ඉදිරි කාරණා තේරුම් ගැනීමට පහසු වෙයි . ඒක හින්ද ටිකක් වැඩි අවධානයකින් කියවන්න .
අපි හිතමු නිශ්චලව තියන  ජල භාජනයකට උඩින් මොකක් හරි දැම්මා කියලා . එතකොට  මේ ජලයේ මතුපිට කම්පනයක් ඇතිවෙනවා. මේ කම්පනය වෙන්නේ ජල බඳුන තුල තියන ජලය තරංගයක් ආකාරයට කම්පනය වීමෙන් තමයි . මේ ක්‍රියාවලියේදී ජල අංශු එකිනෙකට කම්පනය කිරීමෙන් අපි උඩින් දැම්ම දෙය මගින් ඇති කල ශක්තිය ගමන් කිරීමක් සිදුවෙනවා . මේ ආකාරයට තමයි ජල තරංග ක්‍රියාත්මක වෙන්නේ. අපි හොඳටම දන්න කාරණාවක් තමයි මේ ආකාරයට ගමන් කරන ජල තරංග වලට ශක්තියක් තියන බව. මුහුදේ ඇතිවන ජල තරංග මගින් විද්‍යුත් ශක්තිය නිපදවනවා . ඒ කියන්නේ තරංගය මගින් ශක්ති සංප්‍රේශණයක් සිදුවන බවයි .
මේ පරීක්ෂණයේදී සිදු කරන්නේ ජල තරංගයත් ආලෝකයත් එකම ආකාරයේ පරීක්‍ෂණයකට ලක් කිරීමයි. ඊට පස්සේ අපිට තීරණය කරන්න පිළිවන් ආලෝක තරංගයේ ස්වභාවය.
දැන් අපි බලමු මේ පරීක්‍ෂණය සිදු කරන්නේ  කොහොමද කියන කාරණය. අපි මුලින්ම ජලය සඳහා මේ පරීක්‍ෂණය කරලා බලමු .
Young_experiment
මේ පරීක්‍ෂණයේදී ජල තරංගයක් රූපයේ පෙනෙන ආකාරයකට සිදුරු දෙකක්  තුලින් යාමට සලස්වනවා . එවිට රූපයේ පෙනෙන ආකාරයට  රූප රටාවක් තිරයේ පෙනෙන්න තියනවා. දැන් අපි මෙහෙම හිතමු . මේ ආකාරයටම ආලෝක කදම්බයක් විදුලි පන්දමක් ආධාරයෙන් මේ ආකාරයෙන්ම සිදුරක් තුලින් යවලා බලමු මොකද වෙන්නේ කියලා

Young’s_Double-Slit_Experiment_

එතකොට අපිට පෙනෙනවා අර ජලය තරංග මගින් තිරය මත ඇති කරපු රටාවට බොහෝසෙයින් සමාන  රටාවක් තිරය මත පවතින බව . දැන් ඉතින් හිතන්න තියෙන්නේ තිරය මත ඇති රටාවත් එකමනම් ඒ මත පතිත වුන ආලෝකය සහ ජල තරංගයේ ඇති සමානකම කුමක්ද කියන කාරණාවයි. එහෙම හිතන කොට පැහැදිලි වෙනවා ආලෝකයත් ක්‍රියාත්මක වෙලාතියෙන්නේ හරියටම ජල තරංගයක් වගේමයි .  ඒ කියන්නේ ආලෝකය කියන්නේ තරංගයක් .
            එහෙනම් අපේ ඇහැට පෙනෙන ජල තරංගයේ තිබෙන සියළුම ගුණාංග මේ ආලෝක තරංග වල තියෙනවා කියලා නිගමනය කරන්න පිලිවන්.අපි හිතමු මුහුදු රැලි ගැන . මුහුදු රැල්ලකට පුලුවන් විශාල නැවක් උනත් තල්ලු කරන්න තරම් බලයක් දෙන්න .  ඒ වගේම ඊට අනුරූප ශක්තියක් ආලෝක කිරණ වලත් තැන්පත් වෙලා තියෙනවා . මෙන්න මේ ශක්තිය ගැන හොයන්න ක්‍රමයක් නූතන විද්‍යාව මගින් හොයාගෙන තියනවා  .
            ඒ ශක්තිය ගැන හොයද්දී අපි කතා කරනවා සංඛ්‍යාතය කියල එකක් ගැන . මේ සංඛ්‍යාතය කියන්නේ එක තත්පරයකදී එක ලක්‍ෂයක් පහු කරගෙන යන තරංග ගණන. අපි ජල තරංගයක් ගැන හිතුවොත් අර ඉස්සි ඉස්සි පහත් වෙවී එක ලක්‍ෂයක් තත්පරයකදී පහු කරගෙන යන කඳු ගණන කියල ගත්තහම හරි .
            මේ විදිහට ආලෝකය ගත්තහම එයට අදාල සංඛ්‍යාතයක් තියනවා . කොටින්ම කිව්වොත් ආලෝකයේ විවිධාකාර වර්ණ රටා හැදිලා තියෙන්නේ මේ ආකාරයේ සංඛ්‍යාතයේ තියන වෙනස්කමුත් එක්කමයි.

wavelength

අපිට ඇහැට පෙනෙන ආලෝකයේ සංඛ්‍යාතය ගත්තොතින්  ඒ කියන්නේ තත්පරයට කම්පන
            790,000,000,000,000 සිට  405,000,000,000,000  විතර වෙනවා.

colour-wavelengths-450-700

දැන් අපි බලමු මේ සංඛ්‍යාතයන් උපයෝගී කරගෙන ඒ ඒ ආලෝකයට අදාල ශක්තිය හොයන්න පුලුවන් ආකාරයක් තියනවද කියල.
            මේ  ශක්තිය හොයාගන්න ගොඩ නගපු සමීකරණයක් තියනවා. ඒ සමීකරණයට කියන්නෙ ප්ලාන්ක් සමීකරනය කියලා . ඒ සමීකරණය ගොඩ නගලා තියෙන්නේ විවිධාකාර පරීක්ෂණ සහ නීරීක්‍ෂණ රාශියක ප්‍රතිඵලයක් විදිහට  තමයි .
E=hf
මෙහිදී  E කියන්නේ ශක්තිය . එතකොට h – කියන්නේ ප්ලාන්ක් නියතය. මේ නියතය හොයා ගෙනෙ තියෙන්නේ පරීක්ෂණ ගණනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි . මේ අගය සඳහන් කලොත් 6’626070040 x 10 -34Js 1f කියන්නේ දැන්  අපි හැමෝම දන්නා සංඛ්‍යාතය.
අපි තව ටිකක් ඉදිරියට මේ කාරණය අරගෙනයමු. අපි මේ සමීකරණයට දාලා ගණන් ටිකක් හදල බලමු . දැන් මම දන්නවා ඉස්කෝලෙ කාලෙ ගණන් විද්‍යාව එපා වෙච්ච කට්ටිය බලනවා ඇති මේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා .  අපි දන්න දෙය නිවැරදිව අඩුපාඩු නැතිව දැනගෙන යමු .
අපි බලමු රතු වර්ණයේ කොච්චර ශක්තියක් අඩංගුද කියලා .රතු වර්ණයේ සංඛ්‍යාතය 400-484Tz
E = hf
E = 6’626070040 x 10 -34  X 484 x 1014
E = 3’207 x 10 -17  J
එහෙනම් මේ උත්තරය ආවේ රතු පාට එක ශක්ති ඒකකයක අගය .
ඔන්න අපි දැන් දන්නවා රතු පාටට තියන ශක්තිය . මේ විදිහට ඕනෙම පාටකට තියන ශක්තිය හොයාගන්න පුලුවන්.
pic2
            අපි දැන් මේ ලිපියේ මුලින් කතා කරපු කාරණා ටික නැවත මතක් කර ගමු. අපි මුලින් කතා කළා කෙනෙකු හිතන පතන ආකාරය අනුව පිටවෙන වර්ණ කිරණ පවතිනවා කියලා. ඒ එක්කම අපි කතා කළා ද්වේශත් එක්කලා නැගෙන වර්ණය තමයි  රතු කියලා. එහෙනම් ද්වේශ සහගතව සිටින විට අපෙන් පිටවන රතු ආලෝකයේ ශක්තිය අපිට මනින්න පුලුවන්.
E = 3’207 x 10 -17  J
මේ තියන අගයේ ගුණාකාරයක් තමයි ඒ ඇති වෙච්ච ද්වේශයේ ශක්තිය. දැන් අපි බලමු මේ කාරණාව බුදුදහමේ සඳහන් වෙලා තියන තැනක් .
අංගුත්තර නිකායේ  ජක්කනිපාතෙ දෙවන පණ්ණාසකය – මහා වග්ගයේ [6’2’1’9]
“ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි . …. “ ආකාරයට තියනවා.
            එහෙනම් මේ කාරණයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චේතනාවම කර්මය කියල . එහෙනම් චේතනාවට අනුරූපව විහිදෙන ආලෝකයේ වර්ණයට අදාල  ශක්තිය  සෙව්වහම අපි හොයල තියෙන්නේ කර්ම ශක්තියම තමයි .
            එහෙනම් කර්මය ශක්තිය කියන්නේ ඇත්තටම ශක්තියක් තමයි . ඒක ජූල් ^J& වලින් මනින්න පුලුවන් .
            මේ කාරණය ඔප්පු කරන්න දැනට භෞතික විද්‍යාව තුල තියන ඉහලම මට්ටමේ සමීකරණ සහ න්‍යායන් කීයක් ගත්තද . එහෙනම් අපි ජීවිත කාලෙම ඉගෙන ගන්න විද්‍යාව බුදුදහමේ එක වාක්‍යයකින් දේශනා කරලා තියනවා.
            මේ කාරණාව එක්ක මතක් කරලා බලන්න අපේ සමහර අය කියද්දි කියනවා කර්ම ශක්තිය කියලා . ඒ කතාව කොච්චර විද්‍යාත්මකද කියන කාරණය දැන් තේරෙනවා ඇති . කුඩාම විද්‍යාත්මක කාරණාවේ ඉදන් ටිකින් ටික තමයි මේ කාරණාව තේරුම් කරලා දුන්නෙ. එතකොට දැන් ඔප්පු කරලා තියනවා මනසින් හිතන හිතන මොහොතක් ගානේ පිටවන කිරණයට ශක්තියක් තියනවා කියලා. කොටින්ම කියනවනම් කර්මය කියන්නේ මනින්න පුලුවන් ශක්තියක් බව .
            මේ කාරණාව එසේ මෙසේ කාරණාවක් නෙවෙයි . නූතන විද්‍යාව තවම මේ දෙක අතර සම්බන්ධතාවය වත් හොයා ගන්න පිළිවන් වෙලා නෑ. මේ කාරණාව අපිට පැහැදිලි කරගන්න පිළිවන් උනෙත් බුද්ධ දේශනාව පරිශීලනය කරපු නිසායි . අපි නොදන්න කාරණා පැහැදිලි කරගන්න ඕනෙ  දන්න  කාරණා මගිනුයි . නොදන්න කාරණාව සොයාගත්තට පස්සෙ  අපි මොකක්ද කරන්න ඕනෙ කියන කාරණාව තමයි ඊගාවට එන්නේ .
එහෙනම් මෙච්චර විද්‍යාත්මක කරුණු  අඩංගු දර්ශණය තුල විශ්වයේ ධර්මතා කොපමණ කියා ඇතිද. එකිනෙකට  සාපේක්ශව සොයන සැපයේ, නිදහසේ සුවය නිරපේක්ෂතා ධර්මයකින්ම තමයි උදා කරගන්න පිළිවන් .
                        අපි විද්‍යාව ඉගෙන ගන්න කොට අපේ පන්තියේ හැම ආගමකම අය වගේ හිටියා. ඒ හැමෝම පරීක්ෂණ නිරීක්‍ෂණ නිගමන තුලින් මේ කාරණා හොඳින් අහගෙන ඉගෙන ගත්තා. ඒ කාරණා භාවිතය කරලා තමන්ගේ ජීවිතය පහසු කරගත්තා . බුදු දහම කියන්නෙත් මේ වගේ කාරණාවක් තමයි . බුදුදහම මගින්  ලෝකයේ පවතින සත්‍ය ස්වභාවය ගැන පෙන්නලා තියනවා. ඒක ජාති ආගම් බේදයකින් වෙන් කරන්න බෑ . මොකද අපි කැමති උනත් නැතත් ලෝක ධර්මතා වලට මූණ දෙන්න සිදුවෙනවා.
            “ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි….. ”  කියන කාරණය තුල කර්මය කියන්නේ මනින්න පුලුවන් ධර්ම කාරණාවක් බව අපි ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි .
අපි ඊළග සගරාවෙදී කතා කරමු මේ ලෝකයේ නිර්මාතෘ කව්ද කියන කාරණය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *