Home » බුදු දහම » ධර්මය » බටහිර විද්යා වට තවමත් සොයගන්නට නොහැකි වූ විශ්වයේ නිර්මාතෘ කවුද? (විදු ඇසට හසු නොවු විශ්වයේ අභිරහස් ත්රියපිටකය ඇසුරින් 5)
creator-universe-hand-of-god

බටහිර විද්යා වට තවමත් සොයගන්නට නොහැකි වූ විශ්වයේ නිර්මාතෘ කවුද? (විදු ඇසට හසු නොවු විශ්වයේ අභිරහස් ත්රියපිටකය ඇසුරින් 5)

අප වටපිටාවේ තියන දේවල් කොහොම මේ ලෝකයට පහල උනාද ? කෙනෙක් මැව්වනම් ඒ කෙනා කව්ද ?  මේ දේවල් පහල වුන විදිහ හොයන එක අපිට හොයල ඉවර කරන්න බැරි තේරෙන්නෙ නැති දෙයක්ද ? එහෙම නැතිනම් නොපෙනෙන නොතේරෙන පදාර්ථවල ඇති වූ පිපිරීමක ප්‍රතිඵලයක් ද ?  මේ විදිහට ලෝකයේ විවිධ මතවාද පවතිනවා. නවීන විද්‍යාව පවා මේ ප්‍රශ්නයේදී බෙදීමකට ලක් වෙලා තමයි තියෙන්නේ . සියලූම විද්‍යාඥයන්ට පාහේ එකග විය හැකි එක මතයකට තවම පැමිණෙන්න බැරි වෙලා තියනවා . ඉතින් මෙන්න මේ තැනදී හැමෝම විවිධ විශ්වාස වලට පදනම්ව විවිධ අදහස් වල ඉන්නවා.
                මේ ලිපියෙන්  අපි අද මේ ලෝකය හැදිලා තියන පදාර්ථයන් නිර්මාණය උනේ කොහොමද  කියන කාරනණාව තමයි කතාකරන්න යන්නෙ . මේ කාරණාව ඔප්පු කරන කොට නොබෙල් ත්‍යාගයක් දිනාගත්ත සිද්ධාන්තයකුත් අපි පාවිච්චියට ගන්නවා.   පසුගිය ලිපිය මෙතනින් බලන්න
     දැන් හැමෝම කලබල වෙලා ඇති මේ කියන කාරණා අපිට තේරෙයිද කියලා . මම හිමින් සීරුවේ මේ කියන කාරණා විස්තර කරන්නම් . හැමෝටම තේරෙන විදිහට . කොහොම උනත් මේ කතාකරන දේවල් උසස්පෙළ විද්‍යා විෂය ධාරාවේ Physics කියන විෂයේදී කතාකරනවා . ඉතින් ඒ කරණා ඉගෙන ගත්ත කෙනෙකුට ලං උනා නම් හෙමිහිට මේ විද්‍යා කරුණු තව දුරටත් පැහැදිලි කරගන්න පුලූවන් .
                අපි ටිකක් ගිය ලිපියේ සඳහන් වුන කාරණා මතක් කර ගමු. අපි ගිය ලිපියේදී කතා කරා ඕරා ඡායාරූප ගැන . ඒ කියන්නේ අපි හිතන පතන විදිහට අපේ ශරීරයෙන් විවිධ ආලෝක රටා පිට වෙනවා කියන කාරණාව.  බලාගන්නත් එක්ක  ඕරා කැමරාවක පින්තූරයක්  දාලා තියනවා . ඒකෙ තියන බොත්තම් උඩින් අත තියලා කැමරාවෙන් බැලුවාම පරිඝණකයේ තිරයෙන් ඕරා රටාව නිරීක්‍ෂණය කරන්න පුලූවන් .
aura-main2
                ඒ එක්කම අපි කතා කලා අපි හිතන හිතන මොහොතක් පාසා ඕරා රටාව වෙනස් වන බව. ඉතින් මේ කාරණා වලින් අපි නිගමනය කලා අපි හිතන පතන දේවල්  වලට අනුරූපව අපගේ ශරීරයෙන් ආලෝක කිරන පිටවන බව. මේ කාරණාව අඩු පාඩු වලින් තොරව තේරිලා ඇතී කියල හිතෙනවා .  මේක නිකන් කරපු නිගමනයක් නෙවෙයි . හැමෝටම පිලිගත හැකි ඕනේම කෙනෙකුට තම පියවි ඇසෙන් නිරීක්‍ෂණය කරන්න පුලූවන් කාරනාවක් . අපි හිතන ආකාරය අනුව අලෝකය පිටවන විදිහ ගැන   අඅඅගහදමඑම Youtube එකට ගිහිල්ල  AURA කියල හරි AURA6000 කියල ටයිප් කලොත් හොයාගන්න පුලූවන්.
මේ කරනා ගැන කියද්දි මට තියන අද්දැකීමෙන් දන්නවා සමහර අය මෙහෙම වෙන්නැති , එහෙම වෙන්නැති කියල බාගෙට හිතල කාරණාව තේරුම් ගන්න හදනවා . මේක අර හඳේ හාවෙක් ඉන්නවා කියල කියන කාරණාව වගේ නෙමෙයි . කිසිම කෙනෙක් නොදැකපු පිලිගත නොහැකි කාරණාවක් හිතේ විශ්වාසයට පිලිගන්න අවශ්‍ය නෑ. .
               හිතේ විශ්වාසයට පිලිගත්තොත් එතනින් එහාට තේරෙන්නේ නැතිව යනවා. අපිට තේරෙන්නේ නැතිනම් කරන්න තියෙන්නෙ තියන දැනුම වැඩිකර ගන්න එක තමයි .අනික තමයි අපිට කරන්න තියෙන්නෙ අපි කාලාන්තරයක් තිස්සෙ හිතාගෙන ඉන්න දේවල් වලට වහල් වෙන්නෙ නැතිව මේ කියන කාරණාව හරිද වැරදිද කියල බලන එක. අනික මේ කාරණය විස්තර කරන්නේ ඇහැට පේන , කනට ඇහෙන , නහයට , දිවට , ශරීරයට දැනෙන කරුනු කාරනා මත ඉදගෙනයි . දැනෙන පේන දේ විශ්වාස නොකරන අය ගැන මට නම් තියෙන්නේ කණගාටුවටක් .
                මේ කතාකරපු දේවල් එක්කම අපිට හිතෙන දෙයක් තමයි . කොහොමද එහෙනම් ලෝභ ද්වේශ සහ මෝහ සහමුලින්ම නැති කරපු බුදුහාමුදුවන්ගෙන් කහ , නිල වගේ පාට තියන රැස් වලල්ලක් පිටඋනේ කියන කාරණාව . අපි බලමු ඉස්සලාම අපි චිත්‍ර වලින් පිලිම වලින් දකින විදිහට බුදුරජාණන් වහන්සේගෙන් නිතරම අලෝක කිර්ණ පිට වුනාද කියලා .
                මේ ගැන බලද්දි ත්‍රිපිටකයේ  තියන කාරණා ටිකක් ගොනු කරන්නම්. මේ ගැන මුලින්ම තියනවා මජ්ජිම නිකයේ, තුන්වන පොතේ ධාතු විභංග සූත්‍රය තුල ( 497 පිටුව ) .  දිනක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කරපු අවස්ථාවක අවසර ඇතිව රැයක් නතර වෙනවා භග්ගව කුඹල්කරුගේ ශාලවක. උන් වහන්සේ සමගම නතර වෙනවා ශ්‍රද්ධාවෙන් මහන වූ පුක්කු සාති කියල කුල පුත්‍රයෙක් . ඉතින් තමන් වහන්සේ වෙනුවෙන්ම පැවදිවූ බමුනගෙන් අහනවා ..  ‘‘ මහණ , තොප විසින් ඒ භග්‍යවතුන් දුටු වීරූ හු ද ? යළි දැක හදුනන්නහුද ? යි‘‘ .. එවිට බමුණා කියනවා ‘‘ඇවැත්නි, මා විසින් ඒ භාග්‍යවත්හු නුදුටු විරූහ , මම දැකද නොහදුනමි , යි‘‘ කියල . එහෙනම් අපිට පේනවා රෑ උනත් අනික් කෙනාට බුදු හාමුදුරුවෝ අදුර ගන්න බැරිව යනවා . ඉතින් එහෙනම් උන්වහන්සේට නිතර විහිදෙන කිරණ වලල්ලක් තිබිලා නෑ . ඒ වගේම තමයි අපි අහල තියනවා පලමු ධර්ම දේශනාවට වඩිනවිට උන්වහසේ බුද්ධත්වයට පත්වෙලා හිටිය බව පස්වග තව්සන්ට දැන ගන්න බැරි වෙනවා . උන් වහන්සේ ප්‍රකාශ කරපුවහම තමයි බුදුවෙලා බව දැන ගන්නේ.
                එතකොට මේ රැස් වලල්ල සාමාන්‍ය අව්රා වල ප්‍රථිඵලයක් නොවන බව පැහැදිලී. එහෙනම් මේ රැස් වලල්ලක් පිටත්වුනා නම් ඒ උන්වහන්සේගේ  අභිඤ්ඤාබල නිසායි .
                අපි නැවතත් කතා කරගෙන ආපු කාරණාව ගැන බලමු . අපි හිතන පතන රටාව අනුව පිටවන අලෝකය ලෝභය , ද්වේශ සහ මෝහ අනුරූපව විවිද වර්න ගන්න බවත් අපි කතා කලා . ඉතින් ඊට පස්සෙ පිටවන අලෝක කිරණ මගින් පිටවන ශක්තිය මනින්න පුලූවන් බවත් අපි ඔප්පු කලා . සමීකරණය අයෙත් මතක් කලොත්
                                                        E = hf
                මෙහිදී  E කියන්නේ ශක්තිය . එතකොට h – කියන්නේ ප්ලාන්ක් නියතය . මේ නියතය හොයා ගෙනෙ තියෙන්නේ පරීක්ෂණ ගනනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි . මේ අගය සදහන් කලොත් 6ග626070040 ං 10 -34  6.626070040 x 10 -34  Js -1 ,  f  කියන්නේ ඒ ආලෝකයට අදාල සංඛයාතයටයි.  එහෙනම් අපි හිතන පතන විදිහට පිටවන ආලෝකයේ ශක්තිය ජූල් වලින් මනින්න පුලූවන් . ඒ කියන්නෙ  ‘‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි . ….‘‘  කියන කාරනය තුල කර්මය කියන්නේ චේතනාව නිසා මේ මනින්නේ කර්ම ශක්තියයි .
                ඉස්සර කාලෙ ඉදල එන ජන වහරෙ ඕන තරම් කියවන කියවෙන දෙයක්  තමයි මේ කර්ම ශක්තිය කියන  කාරණාව. මේ වගේ කාරණා ජන වහරට එකතු වෙන්න ඇත්තේ අවබෝධයෙන්ම තමයි .
                මෙතන ඉදල අපි ඉදිරියට කතා කරන්න යන්නෙ මේ පදාර්ථවල නිර්මාතෘ ගැන . අපි මූලික වචන  ටිකක් විග්‍රහ කරගෙන මේ කියන කාරනව පැහැදිලි කර ගනිමු .
                අපි මුලින්ම බලමු මේ මොනාටද පදාර්ථයන් කියන්නෙ කියලා . ඒ සඳහා විවිධ අර්ථ ගැන්වීම් විද්‍යා ලෝකයේ තිබෙනවා .අපි පාසල් කාලයේ ඉගෙන ගත් ආකාරයට පදාර්ථයන් කියන්නේ ඝන, ද්‍රව සහ වායු කියන දේවල් තමයි . ඒ එක්කම මේ ලෝකයේ තියෙන සියලූම දේවල් හැදිලා තියෙන්නේ මේ කියන ඝන, ද්‍රව සහ වායු කියන දේවල් වලින් තමයි . අපි තව දුරටත් මේ කාරණාව පැහැදිකර ගත්තොත්,
ස්කන්ධයක් සහ පරිමාවක් තියන ඕනම දෙයක් පදාර්ථයක් ලෙස හදුන්වන්න පිලිවන් (The common definition of matter is anything that has mass and volume (occupies space))

ThreeStatesofMatter

මේ කාරණා සම්බන්ධයෙන් තියන විද්‍යාත්මක නියමයන් ටිකක් අපි පරිස්සමෙන් කියවගෙන ඉස්සරහට යමු .
අපි මේ සම්බන්ධව කතා කරද්දී මූලිකවම කතාකරණ විද්‍යාත්මක නියමය තමයි
                   “ Laws of photoelectric effect”  මේ නියමය ඉදිරිපත් කලේ අයින්ස්ටයින් කියන මහත්තයා තමයි . එතුමා ඊට කලින් නොවිසිදුන නියමයන් කීපයක් උපයෝගීකරගෙන පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මේ නියමය ඉදිරිපත් කලේ 1905 දී පමණ. මේ නියමය එදා කොතරම් වෙනසක් කලාද කියනවනම් 1921 දී නොබෙල් ත්‍යාගයෙනුත් පිදුම් ලැබුවා.
                දැන් අපි මේ නියමය ඔප්පු කිරීමට යොදාගත් පරීක්ෂණය තේරුම් ගන්න බලමු . මේ පරීක්ෂණයේදී කරන්නේ සිහින් තහඩුවක් මතට  අලෝක දාරාවක් වැටෙන්න සලස්වා වෙන්නේ කුමක්ද කියලා නිරීකශනය කරන එක . එතකොට මේ ගොල්ලන් දැක්කා ඉලෙක්ට්‍රෝන විසික් වෙන බව . අපි බලමු දැන් මොනවද මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ කියලා . ඉලෙක්ට්‍රෝන කියන්නේ අපි අර කලින් කතාකරපු විද්‍යාවට නිරීක්ෂණය කරන්න පුලූවන් ඉතාම කුඩා පදාර්ථයක් . ඒ ඉලෙක්ට්‍රෝනයට බරක් පරිමාවක් තියනවා. එහෙනම් ආලෝකයට පුලූවන් බරක් පරිමාවක් තියන ඉලෙක්ට්‍රෝන තහඩුවෙන් ගලවලා විසික් කරන්. අපි මේ කාරණාව මතක තියාගෙන සාමාන්‍ය ලෝකයේ තියන උදාහරණයක් අරගෙන බලමු .

The WikiPremed MCAT Course Image Archive - Photoelectric effect ...-789181

අපි හිතමු අපි බිත්තියක් ලඟ ඉදගෙන, බිත්තියට විවිධ දේවල් වලින් දමල ගහනවා කියලා. එතකොට අපි පුලූන් කෑලලකින් ගැහැව්වොතින් මොකක් වෙයිද ? .. ඒක බිත්තියට දැනෙන එකකුත් නෑ. පස්සෙ අපි කාට හරි කිව්වොත් මේ බිත්තියට මම දෙයකින් ගැහැව්වා කියලා අපිට ඒක ඔප්පු කරන්නත් විදිහක් නෑ . හිතන්න අපි ලොකු කලූ ගලකින් ගහනවා බිත්තියට , එතකොට   බිත්තියේ කෑලලක් කැඩිල යන්න පුලූවන් . කැඩෙන කෑල්ල විසික් වෙලා ඈතට යන්නත් පුලූවන් . අපි හිතමු කලින් වගේ කෙනෙක් බලනවා මේ සිද්දිය , එතකොට එයාට නිගමනය කරන්න පුලූවන් මේ බිත්තියට ගහල තියෙන්නෙ මොකක් නමුත් බරක් තියන එකකින් තමයි . ඒක නිසා තමයි මේ බිත්තියේ කෑලලක් කැඩිල ගියේ.
ඉහත සඳහන් උදාහරණය අපි කලින් නවත්තල අපු පරික්ෂණයේ ප්‍රතිඵලයත් එක්ක සංසන්දනාත්මකව බලමු . අලෝකය ඇවිත් මේ ආකාරයට තහඩුවේ වැදුනහම බරක් තියන ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන්න නම් ඒ වැදෙන අලෝකයේ පදාර්ථමය සොබාවයෙන් යුක්තයි .   එහෙනම් මේ පරීක්ෂණයෙන් අපිට ඔප්පු වෙන කාරණාව තමයි අලෝකය කියන්නේ පදාර්ථයක් බව .
                   මේ හොයාගත්ත දේ අපි කලින් දන්න අපි හිතන පතන විදිහට අපෙන් පිටවන අලෝක කිරණත් එක්ක සම්බන්ධය බැලූවොත් අපිට හොයාගෙන ආපු කාරණාවට උත්තර ලැබනෙවා. ඒ කියන්නේ පදාර්ථවල නිර්මාතෘ අපගේම මනසයි. එහෙමත් නැතිනම් සිතයි . නැතිනම් විඤ්ඤාන ලෙසත් හදුන් වන්න පිලිවන්.
                මම හිතනවා මේ පදාර්ථවල නිර්මාතෘ කව්ද කියන කාරණාව දැන් හැමෝටම පැහැදිලි ඇතී කියලා . පදාර්ථවල නිර්මාතෘව සොයාගෙන යද්දී අපි නූතන විද්‍යාවේ තියන ඉහලම මට්ටමේ නියමයන් තමයි අපි පාවිච්චි කලේ . අද නූතන විද්‍යාව මේ ප්‍රශ්නයේදී අතරමං වෙලා තමයි තියෙන්නේ . ඒ ගොල්ලන්ට මේ සම්බන්දය එතරම් පැහැදිලි නෑ . කොටින්ම කිව්වොත් තාම හොයාගන්න බැරි වෙච්ච නියමයක් .  මම හිතනවා අපිට මේ ලෝකය කවුරු හරි මැව්ව එකක් කියල හිතාගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑ . එහෙම මැව්වනම් ඒ අපිම තමයි .
මේ කාරනාව තියෙන්නෙ අභිධර්ම පිටකයේ, දෙවන ග්‍රන්ථයේ , විභංගප්‍රකරණයේ , පලමු පොතේ හයවන පරිච්චේදයේ පටිච්ච සමුප්පාද විභංගයේ. එහි සඳහන් වෙන්නේ මේ අකරයටයි .
‘‘එහි විඤ්ඤාන ප්‍රත්‍යයෙන් උපාදාන නාම රූප කවරේද යත්
නාමයක් ඇත , රූපයක් ඇත
එහි නාම කවරේද යත්, වේදනා ස්ඛන්ධය . සංඤ්ඤා ස්ඛන්ධය, සංඛාර ස්ඛන්ධයයි . මේ නාම යි කියනු ලැබේ .
එහි රූප කවරේද යත්,සතර මහාභූතයෝද , සතර මහාමහාභූතයන් නිසා උපන් රූපය ද යි  මේ රූපයි කියනු ලැබේ .
මෙසේ මේ නාමය ද මේ රූපයද යි මේ  විඤ්ඤාන ප්‍රත්‍යයෙන් උපදනා නාම රූප යි කියනු ලැබේ . ‘‘
                ත්‍රිපිටකයේ තියන මේ කරනාවේ පැහැදිලිවම තියනවා .  සතර මහා භූතයෝද , සතර මහා භූතයන් නිසා උපන් රූපය ද විඤ්ඤාන ප්‍රත්‍යයෙන් උපදනා බව . ඔන්න ප්‍රශ්නය ඉවරයි . බුදුහාමුදුරුවෝත් කියල තියනවා පදාර්ථවල නිර්මාතෘ ගැන . මේ කියන කාරණා අපිට විශ්වාසයෙන් පිලිගන්න අව්ශ්‍යතාවයක් නෑ. මොකද ඒවා ඇසට, කණට , නාසයට , දිවට සහ අල්ලලා බලන්න පුලූවන් විදිහට ඔප්පු වෙලා තියන කොට . මේ වගේ කාරණා ඔප්පු කරගන්න තියන එකම විදිහ මේක නෙවෙයි . හැබැයි අද ජීවත් වන බොහොමයක් දෙනාට මේ විද්‍යා සංකල්ප ගැන අවබෝධයක් තියනවා . ඉතින් දන්න දෙයින් නොදන්න දෙය හොයා ගන්න එක කොහොමත් ලේසි වැඩක් තමයි .
ටිකක් හිතල බලන්න මේ ත්‍රිපිටකයේ තියන එක වාක්‍යයක් විස්තර කරන්න අපිට විද්‍යාවේ පරීක්ෂණයක් මගින් ඔප්පු කරපු ඉහලම නියමය පාව්ච්චි කරන්න උනා .   ඉතින් එකෙන්ම හිතාගන්න පුලූවන් නවීන විද්‍යාව තියන තැන.
                මූලික පදාර්ථයන් හැදිලා තියන ආකාරය දැන ගත්තහම අපිට එම පදාර්ථවල මූල ස්වභාවය දැන ගත්තහම ලෝකයේ පවතින ඕනම ද්‍රව්‍ය වස්තුවක ආරම්භය සහ ඊට අදාල මූලික හේතුව සොයාගන්න පුලූවන් . මම දන්නවා මේ කරුනු කාරණාත් එක්ක හිතිල ඇති කොහොමද ඉර හඳ ඇති උනේ. කොහොමද ගෑනු මිනිස්සු ඇති උනේ . කොහොමද ගස් වැල ඇති උනේ කියන කාරණාව . ඒ ගැන පැහැදිලි විස්තරයක් තියන දේශනාවක් තමයි දීඝ නිකායෙ අග්ගඤ්ඤ සූත්‍රය . සාමන්‍යයෙන් අපි මේ කාරණා දැන ගන්න කලින් මේ සූත්‍රය කියවදදි දැනුනෙ හරියට නව කතාවක් කියවනවා වගෙයි . බුදුහාමුදුරුවෝ කියල තියන නිසා බොරු වෙන්නත් බෑ , හැබැයි මෙලෝ මනුස්සයෙකුට තේරුම් ගන්නත් බෑ. නමුත් මේ සියල්ල සිතේ නිර්මාණයක් නිසා , මේ ලෝකය හැදුන ආකාරය විස්තර කරන්න පුලූවන් . අපි ඊ ලග ලිපියේදී මේ ගැන සාකච්ඡාවට ගමු .
                නූතන විද්‍යාව මේ ටික තේරුම් ගැනීමට බැරිව අසරණ වෙලා තියනවා . මේ කාරණා විග්‍රහ කරගැනීමේ ප්‍රතිඵලයක් තමයි  ‘‘මහා පිපුරුම් වාදය කියන්නෙ‘‘  “( BIGBAND THEORY ) මේ පිපුරුම් වාදයේදී ඔවුන් විස්තර කරන්නේ ඉර හඳ තරකා නිර්මානය වෙන්නෙ විශ්වයේ යම්කිසි දිනක හටගත් මහා පිපුරුමකින් කියාලයි.

big_bang.pixabay

මේ කාරණාත් එකතු කරගෙන ඉදිරි දවසක වැඩ මුලූවක් පවත්වන මගේ අදහසක් තියනවා . මොකද මේ කාරණා සමහර අයට තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍ය බව තේරෙන නිසායි .
මේ සංකල්ප විස්තර කරන්න භෞතික විද්‍යාවේ එන සංකල්ප අවශ්‍ය නිසා, ඒවා කවදාවත් අහපු නැති බහුතරයකට මේ ලිපිය නොතේරෙන්න පුලූවන්, ඒ නිසා ඒ වැඩමුලූවේදී ඒ විද්‍යත්මක කරුනු ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරන (Maltimedia) අනු සාරයෙන් උගන්වලා මේ ගැන වඩා දැනුවත් කිරීමක් මගින්  මීටත් වඩා අවබෝධය පුලූල් වෙන්න පුලූවන්. ඉහත සඳහන් මූල ධර්ම උසස් පෙල භෞතික විද්‍යාව විද්‍යා අංශයේ හෝ විශ්ව විද්‍යාලවල භෞතික විද්‍යාව හදාරන ඔබලාගේ දුව පුතාගේන් අසා දැනගෙන සැක හැරගන්න පුලූවන් . එයට හේතුව ඔබ මැදිවිය ඉක්මවපු  වැඩිහියෙක් නම් ඔබ උසස් පෙල හදාරන කාලයේ මේ මූල ධර්ම පාසල් අධ්‍යයාපන ක්‍රමය නූගන්නපු  නිසාත් මේ මූල ධර්ම මෑත කාලයේ විද්‍යා විෂයට ඇතුලත් කර ඇති මූල ධර්ම  නිසාත්ය.
වලස්මුල්ලේ අභය හිමි

Add a Comment

Your email address will not be published. Required fields are marked *