Home » බුදු දහම » බුද්ධත්වයට පත් වූ පසුත් බුදුන්ට පළ දුන් අකුසල කර්ම විපාක
Buddha-Darshan-Hd-Wallpaper

බුද්ධත්වයට පත් වූ පසුත් බුදුන්ට පළ දුන් අකුසල කර්ම විපාක

බුදුරජාණන් වහන්සේට පළදුන් අකුසල කර්ම විපාක  දොළහක් පිළිබඳව අපදාන අටුවාවේ සඳහන් වෙයි. එම අකුසල කර්ම දොළහ මෙසේය.
  1. අවුරුදු සයක් ශරීරයට අපමණ දුක් දෙමින් සත්‍ය සොයා ගැනීමෙහිලා දුෂ්කර ක්‍රියා කිරීම
  2. චිඤ්චිමානවිකාවගේ අසත්‍ය චෝදනාවන්ට ලක්වීම
  3. සුන්දරි පරිබ්‍රාජිකාවගේ අසත්‍ය චෝදනාවන්ට ලක්වීම
  4. සුන්දරි පරිබ්‍රාජිකා මරණ ලැදැයි මහජනයාගේ චෝදනාවන්ට ලක්වීම
  5. දෙව්දත් තෙරුන්ගේ ගල් පෙරලීමට ලක්වීම
  6. ගල් පතුර වැදීමෙන් පාදයේ ලේ සෙලවීම
  7. දෙව්දත් තෙරුන් විසින් පෙරලන ලද ගලේ පතුරක් පයෙහි වැදීමෙන් ගෙඩියක් ඇතීවීම
  8. දෙව්දත් තෙරුන් විසින් නාලාගිරි ඇතු මෙහෙයවීම
  9. වරින් වර හිසේ රුජාවක් ඇතිවීම
  10. වේරඤ්ජාවේ වස් විසූ කාලයේ යවහාල් වළදන්නට සිදුවීම
  11. වරින් වර පිටෙහි රුජාවක් ඇති වීම
  12. ලෝහිත පක්ඛනිදිකා රෝගය ඇති වීම
අවුරුදු සයක් ශරීරයට අපමණ දුක් දෙමින් සත්‍ය සොයා ගැනීමෙහිලා දුෂ්කර ක්‍රියා කරන්නට සිදුවීම

16

වරක් අප බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බදුරජාණන් වහන්සේගේ කාලයේ ජෝතිපාල නමින් තරුණයෙක්ව ඉපදී සිටියේය. දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැක උන් වහන්සේගේ බුදුබව විශ්වාස නොකොට ‘‘මේ මුඩු ශ්‍රමණායාට බුදු බවක් කොහින් ද එය ඉතා දුර්ලභ එකකි‘‘ (කුතො මුණ්ඩස්ස සමණස්ස – බෝධි පරම දුල්ලභො) යනුවෙන් ද්වේශයෙන් කීය. මෙහි විපාක බොහෝ ආත්මයන්හි විඳ අවසන් ආත්මයේ එනම් බුදුබව ලබන ආත්මයේ එහි අවසන් අකුශල කර්මයේ විපාක වශයෙන් සය අවුරුද්දක් අප්‍රමාණ දුක් විඳ දුෂ්කරක්‍රියා කරන්නට සිදු විය.

චිඤ්චා මානවිකාවගේ අසත්‍ය චෝදනාවන්ට ලක්වීමට හේතු වූ අකුශල කර්මය

binh-dang-gioi

වරක් අප බුදුරජාණන් වහන්සේ ශුද්‍ර කුලයෙහි ඉපිද මුනාලී නම් දූර්තයෙක්ව සිටියේය. දිනක් ඔහු වෙත යම් කාරණයක් සඳහා පැමිණි සුරභි නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ කෙරෙහි ද්වේශයෙන් ‘‘මේ ශ්‍රමණයා දුශ්ශීලයෙකි. පවිටු අදහස් ඇත්තෙකි‘‘ (දුස්සීලො පාපධම්මො අයං සමණො)  ආදි වශයෙන් දොස් කීය. එහි විපාක බොහෝ කාලයක් විඳ අවසන් අත් බවෙහි ද එනම් සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව චිඤ්චා මානවිකාවගේ අසත්‍ය චෝදනාවන්ට ලක්වන්නට සිදු විය.

සුන්දරි පරිබ්‍රාජිකාවගේ අසත්‍ය චෝදනාවන්ට ලක්වීම
බුදුරජාණන් වහන්සේ මහජනයාගේ අප්‍රසාදයට ලක් කිරීමේ අරමුණින් අන්‍ය තීර්ථකයන් විසින් මෙහෙය වන ලද සුන්දරී පරිබ්‍රාජිකාව සෑම දිනකම උදෑසන දෙව්රම් වෙහෙරෙහි රාත්‍රිය ගත කළ ලෙස අඟවමින්  ඒ දෙසින් එන්නට විය.  මෙය විශ්වාස කළ බොහෝ ජනයා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දූශ්ශීල යැයි චෝදනා කරන්නට විය. මෙය ද පෙර සුරභි බුදුරජාණන් වහන්සේට දොස් කීමේ විපාක වශයෙන්ම සිදු වූවකි.

සුන්දරි පරිබ්‍රාජික මරණ ලැදැයි මහජනයාගේ චෝදනාවන්ට ලක්වීම
 මෙසේ දින කිහිපයක් ගිය කල්හි තීර්ථකයන් විසින් සුන්දරී පරිබ්‍රාජිකාව මරා දෙව්රම් වෙහෙර මල් ගොඩක් යට සැගවීය. පසුව ඔහුන් විසින් සුන්දරී පරිබ්‍රාජිකාව නැතැයි පවසමින්, පසුව අයගේ මළකඳ දෙව්රම් වෙහෙර මල් ගොඩක් යට තිබී හමු වූ බව පවසමින් එය බුදුරජාණාන් වහන්සේගේ හා මහා සංඝරත්නයේ ක්‍රියාවක් යැයි අඟවමින් මහ ජනායාගේ අප්‍රසාදයට ලක් කරන්නට විය. තීර්ථකයන්ගේ මේ සැලැස්ම බොහෝ මහජනයාගේ අප්‍රසාදය සඳහා හේතු විය.
මෙසේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලාට මෙවන් අපහාස විදීම සඳහා හේතු වූයේ පෙර කරන ලද අකුසල කර්මයකි. එනම්, පෙර අප බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කුලයක තාපසයෙක්ව ඉපිද පන්සියයක් ශිෂ්‍යයන්ට වේදය උගන්වමින් හිමවත් පදෙසෙහි විසීය. දිනක් මේ බ්‍රාහ්මණ තාපසතුමා අට්ඨ සමාපත්ති ලාභී තාපසයෙක් දැක ද්වේශයෙන් ‘‘මේ තාපසයා කාම භෝගි එකෙකි. අනාචාර හැසිරීම් ඇත්තෙකි‘‘ (ඉස්සාපකතො තං අදූසකං ඉසි කාමභෝගී කුහකො අයං ඉසීති අබ්භාචික්ඛි. අත්තනො සිස්සේච ආහ. අයං ඉසී එවරූපො අනාචාරකොතී තෙපි තමේව අබ්භාචික්ඛිංසු) ආදි වශයෙන් බැණ වැදිණි. ඔහුගේ ශිෂ්‍යයෝද තම ගුරුවරයාගේ කීම විශ්වාස කොට එම තපසතුමාට එලෙසින්ම බැණ වැදිණි. එහි අකුසල විපාක වහයෙන් බුදුරජාණන් වහන්සේට හා මහරහතන් වහන්සේලාට ‘‘සුන්දරී පරිබ්‍රාජිකාව මරණ ලදැ‘‘යි මහජනයාගේ නොයෙක් ආකාරයේ අපහාස විඳින්නට සිදුවිය.

දෙව්දත් තෙරුනගේ ගල් පෙරලීමට ලක්වීම

8137206_orig

පෙර එක් අත් බවයක අප බුදුරජාණන් වහන්සේට තමාගේ පියාට දාව වෙනත් මවකට උපන් කණිටු සොහොයුරෙක් විය. පියාට මහත් ධනයක් වූ අතර එම ධනය තම කණිටු සොහොයුරාට දීමට අකමැති වූ බෝසත්තුමා තම කණිටු සොහොයුරා ගිරි දුර්ගයකට ගෙන ගොස් ඔහු එයින් හෙළා මරා දැමීය. එහි විපාක වශයෙන් බුදු වූ අත් බවෙහි ද දෙව්දත් තෙරුන්ගේ ගල් පෙරලීමට ලක් විය. එය අපදාන අටුවාවේ මෙසේ විස්තර වෙයි.
ද්වේමාතුභතිකං පුබ්බේ – ධන හේතුං හනිං අහං  පක්ඛිපිං ගිරි දුග්ගස්මිං – සිලායච අපිංසයිං තේන කම්මවිපාකේන -දේවදත්තෝ සිලං ඛිපි අංගුට්ඨං පිංසයී පාදේ – මම පාසාණසක්ඛරාති˜

ගල් පතුර වැදීමෙන් පාදයේ ලේ සෙලවීම
පෙර අප බුදුරජාණන් වහන්සේ එක් අත් බවයක කුඩා දරුවෙක්ව ඉපිද මග අසල ක්‍රීඩා කරමින් සිටින්නේ පිඬු පිණිස වැඩි පසේ බුදුවරයෙකු දැක ද්වේෂයෙන් ‘‘මේ මුඩු මහණා කොහි සිට අවේ දැයි‘‘ බැණ ගල් කැබැල්ලක් ගෙන පා වලට වැදෙන සේ දමා ගැසීය. (අයං මුණ්ඩකො සමණෝ කුහිං ගච්ඡතීති පාසාණේ සකලිකං ගහෙත්වා පාදපිට්ඨියං ඛිපි. පාදපිට්ඨිං චම්මං භින්දිත්වා රුධිරං නික්ඛමි.) එහි විපාක වශයෙන් දෙව්දත් තෙරුන් ගල් පෙරලු අවස්ථාවේ එයින් නික්මුණු ගල් පතුරක් ශ්‍රී පාදයේ වැදී තුවාල විය.
දෙව්දත් තෙරුන් විසින් පෙරලන ලද ගලේ පතුරක් පායෙහි වැදීමෙන් ගෙඩියක් ඇතීවීම
පෙර අප බුදුරජාණන් වහන්සේ පසල් දනව්වක රජෙකුව ඉපිද පාප මිත්‍ර ආශ්‍රය නිසා සුරාවට හා සූදුවට ලොල්ව සහසිකයෙක් බවට පත්විය. බීමත් වූ රජු දිනක් පිරිවර සමඟ නගරයේ හැසිරෙනුයේ එහි එන මිනිසුන් කඩුවෙන් කපා මරන්නට විය. එහි විපාක වශයෙන් දෙව්දත් තෙරුන් විසින් පෙරලන ලද ගලෙන් ගැලවුණු පතුරක් ශ්‍රී පාදයේ වැදීමෙන් ගෙඩියක් හටගත් අතර එය ජීවක වෙදැදුරු විසින් පළා බෙහෙත් දමා සුව කරන ලදි.
දෙව්දත් තෙරුන් විසින් නාලාගිරි ඇතු මෙහෙයවීම

maxresdefault

පෙර එක් අත් බවක අප බුදුරජාණන් වහන්සේ ඇත් ගොව්වෙක්ව උපන්නේය. දිනක් ඇතුපිට නැඟී මහමග යන අතර පිඬු පිණිස වඩින පසේ බුදුකෙනෙක් දැක ‘‘මේ මුඩු මහණා කොහි යන්නේ දැයි‘‘ (කුතො ගච්ඡති අයං මුණ්ඩකෝ ආහත චිත්තො ඛිල ජාතො හත්ථීනා ආසාදේසිං) පවසමින් ඇතාට ගසා පසේ බුදුරදුන් දෙසට ඇතු මෙහෙය වූහ. එහි විපාක වශයෙන් දෙව්දත් තෙරුන් විසින් රා පොවා මත් කරන ලද නාලාගිරි ඇතු බුදුරදුන් වෙත මෙහෙය වන ලදි.

වරින් වර හිසේ රුජාවක් ඇතිවීම
පෙර අත් බවක ධීවර ගම්මානයක උපන් අප බුදුරජාණන් වහන්සේ මාළු අල්ලන තැනකට ගොස් ඔවුන් මාළු අල්ලන දෙස බලා සතුටට පත් විය. (සො එක දිවසං කෙවට්පරිසෙහි සද්ධිං මච්ඡමාරණට්ඨානං ගන්ත්වා මච්ඡේ මාරෙන්තේ දිස්වා තත්ථ සොමනස්සං උප්පාදෙසි) එහි විපාක වශයෙන් බුදුරජාණන් වහන්සේට වරින් වර හිසේ රුජාවක් ඇතිව ඇත.
වේරඤ්ජාවේ වස් විසූ කාලයේ යවහාල් වළදන්නට සිදුවීම
පෙර අත් බවක අප බුදුරජාණන් වහන්සේ හීන බුද්ධි ඇතිව ඉපිද ඵුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මධුර වූ සුවදැල් බත් අනුභව කරනු දැක කිපී ‘‘බොල මුඩු මහණ යවහාල් කාපියව්.. යවහාල් කාපියව්..‘‘ (අරේ මුණ්ඩ සමණො යවං ඛාදථ මා සාලිභෝජනං භුඤ්ජථාති අක්කෝසි) යනුවෙන් දොස් නැගීය. එහි විපාක වශයෙන් බුදුරජාණන් වහන්සේට වේරඤ්ජාවෙහි වස් විසූ තුන් මාසයේ යවහාල් අනුභව කරන්නට සිදුවිය.
වරින් වර පිටෙහි රුජාවක් ඇති වීම
පෙර අත් බවක අප බුදුරජාණන් වහන්සේ ශක්ති සම්පන්න පුරුෂයෙක්ව උපන්නේය. මල්ලව පොරයට දක්ෂ විය. දිනක් මල්ව පොරයක දී තම ප්‍රතිවාදියා අහසෙහි කරකවා බිම දමා කොන්ද බිදීය. (බෝධිසත්තො තං උක්ඛිපිත්වා අකාසේ භමිත්වා භූමියං පාතෙන්තෝ ඛන්ධට්ඨිං භින්දිත්වා පාතේසි) එහි අකුසල විපාක වශයෙන් බුදුරජාණන් වහන්සේට බුදුවුවත් වරින් වර කොන්දේ රුජාවක් ඇති විය.
ලෝහිතපක්ඛනිදිකා රෝගය ඇති වීම
අප බුදුරජාණන් වහන්සේට තම දිවියේ අවසන් සමයේ ලෝහිතපක්ඛන්දිකා (ලේ අතීසාරය) නම් රෝගයක් හට ගත්තේය. ඒ සඳහා හේතුව ඇත්තේ පෙර අත් බවක අප බුදුරජාණන් වහන්සේ වෛද්‍ය වරයෙක්ව උපන්නේ රෝගයකින් පෙළෙන සිටු පුත්‍රයෙකුට පිළියම් කොට සුව කරන ලදි. එහෙත් ඔහු සුවවීමෙන් පසු පොරොන්දු ඉටු නොකළ නිසා නැවත බෙහෙතක් යොදා වමනය විරේචනයක් කොට ඔහු දුකට පමුණුවන ලදි. බුදුරජාණන් වහන්සේට ලෝහිතපක්ඛන්දිකා රෝගය සෑදීමෙන් පළ දී ඇත්තේ එම කර්ම විපකයයි.
තිකිච්ඡකෝ පුරේ ආසිං – සෙට්ඨිපුත්තෝ විරේචයී  තේන කම්මේන විපාකෙන – හෝති පක්ඛන්දිකො මමාති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
පූජ්‍ය මහරැඹෑවැවේ පාලිත හිමි

Add a Comment

Your email address will not be published. Required fields are marked *