Home » බුදු දහම » බුදුන් වහන්සේගේ කේෂ ධාතූන් තැන්පත්ව ඇති ආශ්චර්යමත් පුදබිම්
Capture

බුදුන් වහන්සේගේ කේෂ ධාතූන් තැන්පත්ව ඇති ආශ්චර්යමත් පුදබිම්

සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්ම ගොස් නේරංජනා නදිය අසබඩ දී කඩුවෙන් කපා අහසට විසිකර දැමු කේශ ධාතු දේවගෝත්‍රික නායකයා වූ සක්දෙව් විසින් තවුතිසා ලොව,සිළුමිණ නම් සැයක් සදා තැම්පත් කර බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබේ.
තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් ලබාගත් කේශධාතු ස්ථාන රැසක තැම්පත් කර ඇත. ඒවා නම්,
577553_10150894990728171_1161140758_n
සිරිහඩු (සිරි=බුදුන්, හඩු=කෙස්) සෑය තිරියාය (2)පසුව මෙය ගිරිහඩු සෑය නම්විය. මෙම ස්ථානය ආකාශ චෛත්‍ය නමින්ද හැදින්වූ බවට සාදක ඇත.
ගිරිහඩු සෑය අම්බලන්තොට (3)
කුරුණෑගල මාවතගම, අරම්පල මකුලාන රජමහ විහාරය (4) (තපස්සු භල්ලුක වෙළදුන් ලද බුදුන්ගේ කේශ ධාතූන් තැන්පත්ව ඇති මකුලාන වෙහෙර ලිපිය කියවන්න)
හම්බන්තොට කළමැටිය ආසන්නයේ ඇති (එහි දාගැබ් නවයක් ඇත) විහාර නමය (5)

හම්බන්තොට ගොඩවාය වරාය අසල ගෝටපබ්බත රජමහ විහාරය (6)

දකුණේ තංගල්ල වනවාස විහාරය නොහොත් කුඩා තංගලු විහාරය අසල ගිරිහඩු සෑයක් ඉදිකර ඇතත් අද මෙය හදුනාගත නොහැක. ඉහත සදහන් සියලු ස්ථාන වල ඇත්තේ තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් ට ලබාදුන් කේශධාතු කොටස් ය. එනමුදු අද බැතිමතුන් සිතනුයේ තිරියායේ පමණක් තැම්පත් කල බවය. ඒ හා සමාන අනිත් ස්ථාන බොහෝදෙනෙකු නොදැන සිටීම මෙයට හේතුවය .

මීට අමතරව තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් විසින් ජයසේන නම් නා රජුට ලබාදුන් තවත් කේශධාතු කොටසක්, කාවන්තිස්ස රජුකල සිව නම් භික්ෂුන් වහන්සේ නමක් රැගෙනවිත් සේරුවිල මංගල මහා සැයේ තැම්පත් කල බව සදහන් වේ (7)

114584323
            සේරුවිල මංගල මහා සෑය
බුද්ධත්වයෙන් නමවන මස මියුගුණ දම් දෙසුමේදී,සුමන රජුට ලබාදුන් කේශධාතු මහියංගන චෙත්‍යයේ නිදන් කෙරුණි (8)
මහසෙන් රජ කල කරවූ (කි.ව.274-301)අනුරාධපුර ජේතවන මහා ස්තුපය තුල තවත් කේශධාතු කොටසක් ඇති බව, වන්දනා කිරීමට යොදාගන්නා ගාථාවේ සදහන්ය (9)
බුදුරදුන් මුතියංගන වැඩමවූ අවස්ථාවේ ඉන්දික නම් දේව පුත්‍රයාට දුන් කේශධාතු මුතියංගන දාගැබෙහි තැන්පත් කර ඇත (10) මීට අමතරව මුතු බවට පත්වූ බුදුන්ගේ දහදිය එහි ඇතයි විශ්වාසයක් පවතී .
16244397840_9681908956_b
                                                                                                    මුතියංගන මහ සෑය
බුදුරදුන් කතරගමට වැඩි අවස්ථාවේ එකල එහි පාලක වූ මහසෙන් නොහොත් මහාඝෝෂ රජුට ලබාදුන් කේශධාතු කිරිවෙහෙරේ තැම්පත් කර ඇත (11)
මහනුවර යටිහෙලගල විහාරයෙහි, පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ කේශධාතු කොටසක් තැම්පත් කර ඇත. ඉන් කේෂ ධාතූන් වහන්සේ සියක් නමක් පමණ මහනුවර ප්‍රදේශයේ මෑතක දී  ඉදි වූ අසිරිමත් නෙල්ලිගල ශාක්‍ය සිංහ සෑයේ තැන්පත් කර ඇත.(12)
Capture 2
                                                           නෙල්ලිගල ශාක්‍ය සිංහ මහ සෑය
පළමුවන මුගලන් රජු සමයේ, ශිලාකාල නම් කෙනෙකු දඹදිව සිට කේශධාතු රැගෙනවිත් තිබුනද, අද එය තැම්පත් කල ස්ථානය සොයාගැනීමට අපහසුය.
තවද බුදුරජුන් ජීවමාන සමයේ රහතුන් වහන්සේ සයනමකට ලබාදුන් කේශධාතු මුහුද ආශ්‍රිත පෙදෙසක ස්තුප සයක තැම්පත් කෙරුණි. එම දේශය “කේශාවති” නමින් හදුන්වනු ලෑබු නමුත් අද හදුනාගත නොහැක.
මීට අමතරව බංගලිදේශය, බුරුමය වැනි රටවලද කේශධාතු නිදන්වූ වෙහෙර විහාර ඇත. (කේෂ ධාතූන් තැන්පත් කොට ඇති බුරුමයේ කයිතියෝ සෑය ලිපිය බලන්න)

2203001022_74734093de_o

නමුත්“ඉන්දියාවේ” කේශධාතු හෝ නකාධාතු තැම්පත් කල ස්ථාන හමුවී නැත. කේෂ ධාතූන් නිදන් කර ඇති බුරුබංගලිදේශයේ ඇති කේශධාතු වලින් කොටසක් නැවතත් හුණුපිටිය ගංගාරාමය හා මාදම්පේ සේනානායකාරාමයේ මෑතකදී තැම්පත් කර ඇත.

Add a Comment

Your email address will not be published. Required fields are marked *