Home » බුදු දහම » බෞද්ධ කලාව » සිදුහත් කුමරු උපන් තැන සල්ගස වටා ඉදිකළ පැරණි පන්සල මතුවෙයි
inside-mayadevi-temple

සිදුහත් කුමරු උපන් තැන සල්ගස වටා ඉදිකළ පැරණි පන්සල මතුවෙයි

බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවූයේ තැනත්, එය සිදුවූ කාලයත් තහවුරු කර ගත හැකි සාක්ෂි ලුම්බිනියේ සිදුකරන ලද කැණීම්වලින් මතු වී තියෙනවා.
බුදු උපත සිදු වූයේ මෙතෙක් පිළිගෙන ඇති පරිදි ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී නොව ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී බැව් මේ පිළිබඳව නේපාලයේ කැණීම් කළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් හෙළිදරවු කර ගෙන තියෙනවා.

Mayadevi-Temple-Lumbini

මේ සොයා ගැනීම කර ඇත්තේ එංගලන්තයේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබින් කනින්හැම් ප්‍රමුඛ 15 දෙනකුගෙන් යුත් පුරාවිද්‍යාඥයන්ගේ කණ්ඩායමක් විසිනුයි. නේපාලයේ ලුම්බිනිහී පිහිටි මායා දේවි පන්සල් භූමියෙහි කළ කැණීම්වලදියි, මේ විස්මිත සොයා ගැනීම කරන්නට ඒ විද්‍යාඥ පිරිස සමත් වූයේ. මෙම පන්සල් භූමිය මේ නමින් හැඳින්වෙන්නේ සිද්ධාර්ථ කුමාරයන්ගේ මෑණියන් වූ මහා මායා දේවිය සිහිපත් කරනු පිර්‍ණසයි.

131126112412-01-natgeo-buddha-horizontal-gallery

මෙම කණ්ඩායමට නායකත්වය දෙන මහාචාර්ය රොබින් කනින්හැම් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ කැණීම්වලට ද ක්ෂේත්‍ර මට්ටමෙන් උපදේශකයකු වශයෙන් වසර කීපයකට පෙර සහභාගි වූ අයෙක්. එසේ සහභාගි වූයේ අනුරාධපුර රාජධානිය හා ඒ අවට ප්‍රදේශයේ කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලටයි. එහිදී ඉපැරණි බෞද්ධාගමික නටබුන් ගැනත් විහාරාරාම වලින් ලංකාවේ වාර්මාර්ග පද්ධතියට ලැබුණු දායකත්වය පිළිබඳවත් තොරතුරු හෙළිදරව් කර ගනු ලැබුවා.
නේපාලයේ ඇති මෙම සිද්ධස්ථානය වසර 2600කටත් වඩා පැරණි ලොව පැරණි ම පන්සල්වලින් එකක් සේ සැලකෙනවා. මෙතෙක් කලක් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ තැන ලෙස ලොව පුරා බොදු බැතිමතුන් වන්දනාමාන කරන මේ ස්ථානය පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත්තේ ඔවුන් සිදුකල කැණීම් වලින් බව කැනින්හැම් ප්‍රමුඛ විද්‍යාඥ පිරිස විසින් ප්‍රකාශ කර තියෙනවා. මේ නිගමනයට ඔවුන් එළඹ ඇත්තේ කැණීම්වලදී මතු කර ගත් පුරාවස්තු නවීන විද්‍යානුකූලව කාල නිර්ණයට අනුව පරීක්ෂා කිරීමෙන් පසුවයි.
2ancient-step-pyramid-egypt.si_
මෙම ස්ථානය යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන්නක්. සිදුහත් කුමරුගේ උත්පත්ති ස්ථානය ලෙස විශ්වාස කරන ලුම්බිනි මේ මායා දේවි පන්සල් භූමිය බුදුන්වහන්සේ ජීවිතයේ මුල්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානය ලෙස සැලකෙනවා.
ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ජපානය, කොරියාව, චීනය, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, තිබ්බතය, කාම්බෝජය වැනි පෙරදිග රටවලින් ද බටහිර රටවල රටවලින් ද බෞද්ධ බැතිමතුන් දස දහස් ගණනක් දිනපතා මේ ස්ථානයට වැඳුම් පිදුම් කරන්නට මෙහි පැමිණෙන නිසා මේ ස්ථානය ඉතාමත් ජනාකීර්ණ තැනක්.
Architectural-Ruins-inside-the-Maya-Devi-temple
බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායම මෙම ශුද්ධ භූමියෙහි කැණීම් කටයුතු කළේ බොදු බැතිමතුන්ගේ හා භික්ෂූන් වහන්සේලාගේ වන්දනාමානවලට බාධා නොවන පරිද්දෙනුයි. ඔවුන්ට මේ සඳහා නේපාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සැලසුම්කරුවන්ගේ සහය ලැබුණා.
බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායමේ සාමාජිකයන් මේ ස්ථානයේ කැණීම්වලට හා නිරීක්ෂණ කටයුතුවලට ගියේ එහි වන්දනාවේ යන බැතිමතුන් මෙන් ම පාවහන්වලින් තොරව හෝ සෙරෙප්පු පමණක් භාවිත කරමින්. ඔවුන් මෙහි කැණීම්වලදී ඉතාමත් අසීරු යැයි සැලකෙන ශීත සෘතු තුනක් ඇතුළත්ව වසර තුනක් මෙහි කැණීම්වල නිරත වී තියෙනවා.
බුද්ධත්වයට පත් වීමෙන් පසු ගෞතම බුද්ධ යනුවෙන් හැඳින්වුණු සිදුහත් කුමරුන්ගේ මහා මයා දේවිය එකල චාරිත්‍රවලට අනුව කුමාරෝත්පත්තිය සඳහා මව්පියන් වෙත යමින් සිටියදී අතරමග ලුම්බිනි සල් උයනේ දී මෙහි වූ ගසක අත්තක් අල්ලා ගෙන කුමරුන් බිහි කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.
මහාචාර්ය කනින්හැම් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායම විශ්වාස කරන්නේ මෙම විහාරය ඇතුළේ මැද ඇති විවෘත කොටසෙහි දී සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවන්නට ඇතය කියායි. එහි වූ ඒ ගස වටා ඈත අතීතයේ දී පන්සලක් ඉදිකරන්නට ඇතැයි යන විශ්වාසය මතයි, ඔවුන් මේ කැණීම් සිදු කළේ. එහිදී ඔවුන්ට ඒ ගසේ කොටස් පවා හමු වී තියෙනවා.

41

මහාචාර්ය කනින්හැම් පවසන්නේ බෞද්ධ ආගමික පිළිගැනීම් තුළ සිදුහත් උපත සිදු වී ඇත්තේ ක්‍රි.පූර්ව 4 සියවසේ දී හෝ ක්‍රි. පූර්ව 7 හෝ 8 වැනි සියවස්වල දී බව සඳහන් වුවත් ඔවුන්ගේ අලුත් ම කැණීම් හා සම්බන්ධ නිරීක්ෂණවලින් එය සිදුවන්නට ඇත්තේ ස්ථීරව ම ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ දී බව තහවුරු කර ගැනීමට හැකි වී ඇති බවයි.
‘‘මේ සොයා ගැනීම බෞද්ධ පුරාවිද්‍යාව අතින් සිදු කළ විශිෂ්ට එකක්. කලින් කැණීම්වලින් මේ ස්ථානය නිශ්චිත ලෙස හඳුනා ගනු ලැබුවත් ගසක් වට කොට ඉදි කළ ඒ පැරණි පන්සල කෙබඳුදැයි දැන් අපට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.‘‘ යනුවෙන් මහාචාර්ය රොබින් කනින්හැම් ඒ පිළිබඳ ව කරුණු පැහැදිලි කරනවා.

image_1572e-Buddha-Birthplace

මේ ස්ථානයේ නව කැණීම් කටයුතුවලට අරමුදල් සපයන ලද්දේ නේපාල රජයත් සමග ජපාන රජයත් ඇති කරගත් ගිවිසුමක් අනුව යුනෙස්කෝ ව්‍යාපෘතියක් හැටියටයි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මෙහි පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු හා පන්සල් භූමියේ කළමනකාරණය විධිමත් කිරීමයි

Add a Comment

Your email address will not be published. Required fields are marked *