Home » බුදු දහම » මනෝ විද්‍යාව » අසාර්ථකත්වය ජයග්රිහණයක් බවට පෙරලා ගත් දිරිය මිනිසුන්
can-failure-lead-to-success

අසාර්ථකත්වය ජයග්රිහණයක් බවට පෙරලා ගත් දිරිය මිනිසුන්

ඇල්බර්ට් අයින්ස්ටයින්

einstein

අපි ඔහු විශිෂ්ඨයෙකු බව දන්නවා. ඔහු වයස අවුරුදු 4 වෙනකන් කතා කලේ නෑ.ඔහු වයස අවුරුදු 7 වෙනකම් ලිව්වේ නැ.ඔහු සමාජයෙන් විතැන් වූ මුලුගැන්වුනු මන්ධ බුද්ධික දරුවෙකු ලෙස හැසුරුනා අවසානයේ ඔහු පාසලෙන් නෙරපා දැමුවා.ඔහු ‘‘සූරිච්‘‘ බහුකාර්මික විද්‍යාලයට ඇතුලත් වීමේ පරික්ෂණය අසමත් වුනා.
නමුත්
ඔහු භෞතික විද්‍යාව නව මාවතකට ගනිමින් ඊට නොබෙල් ත්‍යාගයක්ද ලබමින් ලොව විශිෂ්ඨයෙක් වුනා.

වෝල්ට් ඩිසිනි

walt-disney

අද ඩිස්නි නම වටා ව්‍යාපාර සිය ගණන් සිදු වනවා. මිලියන ගණන් ගනුදෙනු වනවා. ඩිස්නිලන්තය ගැන අහල නැති කෙනෙක් ලෝකේ නැති තරමටම එය විශිෂ්ඨ නිර්මානයක් වෙලා තියෙනවා.මෙතරම් නිර්මාණාත්මක දේ කරන්න හැකි වුන වෝල්ට් ඩිස්නි ඔහු වැඩ කල පුවත් පතකින් ඉවත් කලා.ඔහුට නිර්මාණශීලි හැකියාවක් නෑ කියලා ඊට පසු ඔහු පටන්ගත් ව්‍යාපාර කීපයක් ද බිඳ වැටුනා.
නමුත්
ලෝකයේ විශිෂ්ඨතම නිර්මාණ රාශියක සහ ආයතන කීපයකම අයිතිකරුවා බවට ඔහු පත් වුනා.

 තෝමස් අල්වා එඩිසන්

thomas-alva-edison

කුඩාකල පාසලේදි අදක්ෂ මෝඩ සිසුවකු ලෙස ගුරුවරුන් ඔහු හැදින්වූවා.ඔහුව පන්තියේ කෙලවරටම දමා තිබුනා. ඔහුගේ පළමු රැකියා දෙකෙන්ම ඔහුව ඉවත් කෙරුවා. බල්බය නිර්මාණය කිරීමේදී ඔහුගේ උත්සහය 1000 වාරයක් පැරදුනා
නමුත්
අවසානයේදි ඔහු අද අප භාවිතා කරන බල්බය, බල්බයක් නැති යුගයකදී සොයා ගත්තා. එම ජයග්‍රහනය ලෝකයම එළිය කරන්න අද භාවිතා කරනවා.

රයිට් සහෝදරයෝ

141212_03_broedrene-wvfRITNLvebJt74lzduUZg

බොහෝ ආර්ථික ගැටළු වලට මූහුණ දුන් දෙදනෙකු ලෙස හදුන්වා දෙන්න පුළුවන්. ලෙඩරෝග වලිනුත් බැට කෑ මොවුන් මානසික අවපීඩන තත්වයට පත්ව සිටියා. ජීවත්වීමේ මාර්ගය ලෙස බයිසිකල් විකුණන කඩයක් පවත්වාගෙන ගියා. එහිදි ගුවන් යානයක් සෑදීමේ සිහිනය තබාගෙන පරීක්ෂණ කළා. විශාල වාර ගණනක් ඵල රහිතව ඔවුන්ගේ උත්සහය ව්‍යර්ථ වුනා.
නමුත්
අවසානයේ ගුවනින් ගමන් කලහැකි ප්‍රථම යානය බයිසිකල් විකුණන සාමාන්‍ය වෙළෙන්දන් දෙදෙනකු අතන් බිහි වූවා.

Add a Comment

Your email address will not be published. Required fields are marked *