Home » බුදු දහම » මනෝ විද්‍යාව » අසාර්ථකත්වය ජයග්රිහණයක් බවට පෙරලාගත් දිරිය මිනිසුන් – 2
Strategic-Success-iStock_000009610569Medium

අසාර්ථකත්වය ජයග්රිහණයක් බවට පෙරලාගත් දිරිය මිනිසුන් – 2

ලොව වැඩියෙන්ම අළවිවූ පොතේ හිමිකාරිය ඇයයි ජේ. කේ. රෝලින්

c2-91yazmayacagim-c2-91-dedi-dayanamadi

හොටෙල් සේවිකාවක්ව සිටින අතර තුර රචනා කරන ලද හැරී පොටර් නම් නවකතාවක්, ග්‍රන්ථ ප්‍රකාශකයින් බොහෝ ප්‍රමාණයකට ඉදිරිපත් කළත්, එය මුද්‍රණය කිරීම ඔවුන් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කළා. එහෙත් එක් ප්‍රකාශකයකුගේ 8 හැවිරිදි දියණියගේ බලවත් ඉල්ලීම මත එක් වරක් එය ප්‍රකාශයට පත්කිරීමට අවස්ථාවක් ලැබුණා.
නමුත්
අවසානයේ එම ග්‍රන්ථය ලොව වැඩිමයෙන්ම අලවිවු ග්‍රන්ථය බවට පත්වුණා. සාමාන්‍ය හොටල් සේවිකාවක් වූ ඇය ලෝකප්‍රකට ලේඛිකාවක් බවට පත්වුණා.

 බෙහෙත් බිලට ලොව ජයගත් පාපන්දු ශූරයා ලයනල් මෙසී

barcelona-espanyol-lionel-messi-hat-trick_3238116

ආජන්ටිනාවේ දුප්පත් පවුලක උපන් කුඩා ලයනල් මෙසීට පාපන්දු පුහුණු වීම සඳහා මුදල් සෙයා ගැනීමට ආපනශාලාවක සේවය කිරීමට සිදුවුණා. වයස 11 දී ඇති වුණු හෝමොන ඌනතාවයක් හේතුවෙන් ඩොලර් 900ක් ඖෂධ සඳහා වැයකිරීමට තම කම්කරු පියාට නොහැකි වූ නිසාතම ඖෂධ බිල්පත් ගෙවීම වෙනුවෙන් Fc Barcelona ක්‍රීඩා කිරීමට ඔහුට සිදුවුණා.
නමුත්
ආර්ථික ගැටළු හා සෞඛ්‍ය ගැටළු ඉදිරියේ තම ඉලක්කය අත් නොහල ඔහු අවසානයේ ලොවක් ආදරය කරන ලෝකයේ අංක එකේ පාපන්දු ක්‍රීඩකයා බවට පත්වුණා.

වානේ පන්නරය වන බවලොවට පෙන්වූ අධිෂ්ඨානයේ නායකයා ඒබ්‍රහම් ලින්කන්

Abraham-Lincoln-art-ppcorn

ජයග්‍රහණවලට වඩා ජීවිතයේ පරාජය අත්වින්දා. බොහෝ පීඩාකාරී අවස්ථාවලට මුහුණ දුන්නා. ආරම්භ කල ප්‍රථම ව්‍යාපාරයම වැටුනා. එය ආරම්භ කිරීමට ණයවූ මුදල වසර 17ක් ගෙව්වා. ඡන්ද ගණනාවකින් පිට පිට පරාජය වුණා.
නමුත්.
අවසානයේ ඇමරිකාවේ ජනාධිපති උණා. විශ්ෂ්ඨ චරිතයක් ලෙස ඇමරිකානු ජනතාවගේ හිත්දිනා ගත්තා. අදටත් ඇමරිකානුවන් ගරු කරන චරිතයක් බවට පත්වුනා.

ඔබ සතු බොහෝ විදුලි උපකරණවල පියා දන්නවාද? අකියෝ මොරීටා

cover

මොහු ප්‍රථමයෙන් නිර්මාණය කළේ බත් පිසින ඉලෙක්ට්‍රොනික් උදුනක් (Rice cooker) එයඉතා අසාර්ථක උණා. පළමු නිෂ්පාදනයෙන්  100ක් වත් ඔහුටඅලෙවි කරගන්න බැරිවූනා.
නමුත්
වීර්යයෙන්,  ස්ථීර ඉලක්කයන් තබා ගෙන වැඩ කල ඔහු මිලියන ගණනක් වටිනා සෝනි (Sony) ආයතනය නිර්මාණය කළා.

ඔබේ වාහනය දුවන්නේ තෙල් වලින් නම් අනිවාර්යෙන්ම මොහු දැනගත යුතුයි. හෙන්රි ෆෝඞ්

Mezzanine_190

ඔහු මුලින් කළ ව්‍යාපාර සියල්ල බිඳ වැටුනා. ඔහු 5 වතාවක් ආර්ථිකව බිංදුවටම ඇද වැටුනා. ඔහු නොපසු බට විර්යයෙන් කටයුතු කළා. වසර ගණනාවක් එක දිගට වැඩකළා. අන් අයගෙන් උදව් ඉල්ලන විට ඔහුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වුනා.
නමුත්
ප්‍රථම වතාවට පෙට්‍රල් වලින් ධාවනය වන ෆෝඞ් කාර් එක ලොවට හඳුන්වා දුන්නා. එදා ඔහුව ප්‍රතික්ෂේප කලත් අද සියලු වාහන ඉන්ධන වලින් ධාවනය වෙනවා.

අසාර්ථකත්වය ජයග්රිහණයක් බවට පෙරලාගත් දිරිය මිනිසුන් – 01

Add a Comment

Your email address will not be published. Required fields are marked *