Home » බුදු දහම » මනෝ විද්‍යාව » උපතින්ම ඔබට ලැබුණු, ඔබ තුල සැඟවී ඇති, සාර්ථකත්වයේ ප්‍රභල අවිය හඳුනාගන්න
cat with lion shadow.jpg.600x315_q80_crop-smart

උපතින්ම ඔබට ලැබුණු, ඔබ තුල සැඟවී ඇති, සාර්ථකත්වයේ ප්‍රභල අවිය හඳුනාගන්න

පුංචි මැයිමාර  බීජයක් තුළ විශාල ගසක් ඇති වීමට අවශ්‍ය සියලු දේ තැන්පත් වෙලා තියනවා. ඒ බීජය සරු පොළොවක තැන්පත් වුනොත් විශාල මාර ගසක් එයින් ලැබෙනවා. නිසරු පොළවක තැන්පත් වුනොත් ඉතා නිසරු කුඩා මාර ගසක් ඇතිවෙනවා. උපතේදීම අපි තුළත් විශාල ශක්තියක් ගැබ්ව තිබෙනවා. අපි හැදෙන වැඩෙන පරිසරයෙන් නිතරම ලැබෙන්නේ ඍණ ආකල්ප නම්, ආශ්‍රය කරන අයගෙන් ලැබෙන්නේ ඍණ ආකල්ප නම් අහන දිකන දේවල් වලින් ලැබෙන්නේ ඍණ ආකල්ප නම් අපි තුළ ඇති ශක්තිය අපට කවදාවත් දැනෙන්නේ නැහැ.

Vine-vera-Centella-Asiatica

අවුරුදු 08 ක් වයස ඇති කුඩා දරුවෙක් දරුණු අනතුරකට භාජනය වුණා. ඔහු ගින්නකට හසු වුණා. ශීත කාලයට උණුසුම් වෙන්න පාසලේ දර පොරණුවක් දැල්වුවා. හැමදාම උදේට මේ පෝරණුව දැල්වීමේ වගකීම භාර වෙලා තිබුණේ මේ කුඩා දරුවාට. වැරදීමකින් භූමිතෙල් වෙනුවට ඊට වඩා සැර ඉන්ධන වර්ගයක් දැමීම නිසා පෝරණුව පිපුරුණා. ඒ ගින්නට හසුවෙලා වයස අවුරුදු 13 ක් වන ඔහුගේ සොහොයුරා එතනම මිය ගියා. සිහිසුන්ව ගිනිදැල් මැද වැටිලා හිටිය මොහුගේ ඉනෙන් පහළ දරුණු විදිහට පිළිස්සී තිබුණි. වෛද්‍යවරු පැවසුවේ මොහුගේ ජීවිතය බේරාගන්න බැරිවෙයි කියලා.
කෙනෛකුට ඇති හොඳම අවිය වන්නේ ධෛර්ය සම්පන්න භාවයයි. ජරාජයට ආක්‍රමණය කළ නොහැකි බලකොටුව එයයි.
ඔහුගේ පාද වල බොහෝ මාංශපේශි ඉවත් කරන්න සිදු වුණා. වෛද්‍යවරු කකුල් දෙක කපා ඉවත් කරන්න පවා තීරණය කළා. දෙමව්පියන්ගේ දැඩි පෙරැත්ත නිසා දැඩි වෙහෙසක් ගෙන කකුල් දෙක නොකපා බේරා ගන්න සමත් වුණා.
අන්තිමේ දී වෛද්‍ය නිගමනය වුණේ ජීවිතාන්තය දක්වා ඔහුට ඇවිදීමට නොහැකි බවයි. ඊට ටික කලකට පසු මේ කුඩා දරුවා තම අභ්‍යන්තරයේ තිබූ අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගත්තා. රෝද පුටුවේ වාඩිවෙලා ඉන්නකොට ඔහු රෝද පුටුවෙන් බිමට පැන්නා. එය අසීමිත වේදනාවක් ගෙන දෙන්නක් වුණා. අත්දෙකින් වැටක එල්ලිලා පණ නැති කකුල් දෙක පොළොවේ ඇදගෙන එහෙට මෙහෙට ගියා. ඇහෙන් උනන හැම කඳුලක්ම ධෛර්යය බවට හරවා ගත්තා. හැමදාම වැට දිගේ පණ නැති කකුල් දෙකත් ඇද ඇද යන්න පටන් ගත්තා. අන්තිමේදී මේ කුඩා කොලුවාට තිබූ යකඩ ශක්තියෙන්, ස්ථිර අධිෂ්ඨානයෙන්, නොසැලෙන වුවමනාවෙන් ඒ මාරක අනතුරින් වසර දෙකකට පසු වෛද්‍යවරුන් මවිතයට පත් කරමින් දෙපයින් සිටගත්තා.
දෙපයින් සිට ගැනීම ඉතා වේදනාකාරි උනත් ඒ වේදනාව දරාගෙන වැටි වැටී පියවරක් දෙකක් තියන්න පුරුදු වුණා. ඊට පස්සේ ඇවිදින්න පුරුදු වුණා. ඊට පස්සේ දුවන්න පුරුදු වුණා. ජීවත් වෙන්නේ නැති වෙයි කියලා හිතපු ඔහු ජිවත් වුණා. රෝද පුටුවෙන් නැගිටින්න බැරිවෙයි කියලා හිතපු ඔහු ඇවිදින්න වුණා. ඔහු ‘‘ග්ලේන් කනින්හැම්“ නම් ධෛර්යවන්ත මිනිසාය.

04201940_01edxl

1934 ජූනි 16 වැනිදා ඔහු විනාඩි 4.06 කින් සැතපුමක් දුවලා ලෝක වාර්තාවක් තැබුවා. ඔහුට පටබැඳුනු නාමය වුනේ කෙන්සාස්වල යකඩ අශ්වයා යන්නයි. ඔහු 1932 සහ 1936 ඔලිම්පික් ක්‍රීඩා නියෝජනය කරමින් රටට කීර්තියක් ගෙන දුන්නා. ඔහුව ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස ඔලිම්පික් තරඟයට සහභාගී වු සෙසු ක්‍රීඩකයින් විසින් නම් කලා. ඔහු ගෘහස්ථ ක්‍රීඩාගාරයක් තුල අඩුම කාලයකින් සැතපුමක් දුවලා 1938 දී නැවත  ලෝක වාර්තාවක් තැබුවා. ඔහුට ගතවුණ කාලය වුණේ විනාඩි 4.04 ක්. ඔහු 1940 දී ක්‍රිඩාවෙන් සමුගත්තා. ඔහුගේ ලෝක වාර්තාව 1954 දී රොජර් බැනිස්ටර් විසින් බිඳදමා තිබුණා. ඒ තරම් ජවසම්පන්න කෙනෙක් බිහි වුණේ ඊට වසර 16 කට පසුයි. මේ මිනිසාට මෙතරම් ජවයක් ආවේ කොහෙන්ද? එය ඔහුගේ මනසේ ශක්තියයි.
කෙනෙක් සාර්ථකත්වයට පත් වුනාට පසුවයි දැනගන්නේ සාර්ථක වෙන්න අවශ්‍ය වූ සියලු දේ එතෙක් කල් තමා තුලම තිබූ බව.
කෙනෙක් සාර්ථක වුණාම දැනගන්නවා තමන්ට අවශ්‍ය හැමදේම තමා තුළම තිබූ බව. ‘‘ග්ලේන් කනින්හැම්ටත්“  එහෙම හිතෙන්න ඇති. දවසක ඔබටත් එහෙම හිතේවි. අපි මනසින් ශක්තිමත්ව ඉන්න හැමවෙලාවකම අපේ මනසින් ප්‍රබල චිත්ත තරංග නිකුත් වෙනවා. ඒ හැම චිත්ත තරංගයකට අපිට විශ්වාසයෙන් ඒ වගේම ප්‍රබල ප්‍රතිචාර ලැබෙන අවස්ථාවේදිත් එම ප්‍රතිචාර ලබන්න සුදුසු මානසික යෝග්‍යතාවයකින්, ප්‍රබලතාවයකින් සිටිය යුතුය. එහෙම අවස්ථා වලදී අපේ හිත් වලට විශිෂ්ඨ සිතුවිලි එනවා. හොඳ සැලසුම් එනවා. කොහෙන් හරි හොඳ අවස්ථා ලැබෙනවා. උදව් උපකාර ලැබෙනවා. අපිට අජේ ඉලක්ක ජයගන්න සොයන හැමදේම ලැබෙනවා.
ධෛර්ය සම්පන්න මිනිසාට ඇති ප්‍රශ්ණ නැතිවේ. දුර්වල මිනිසාට නැති ප්‍රශ්ණ ඇති වේ.
අත් දෙකම නැති කෙනෙකුට කෝකියෙක් වෙන්න සිතුවිල්ලක් පහල වෙයිද? එහෙම වෙනවා නම් ඔහුට කොයිතරම් ලොකු මානසික ශක්තියක් තියෙන්න ඕනද? අපි කතාකරන්න යන්නේ අති දක්ෂ කෝකිවරියක් ගැන. ඇයට අත් දෙක නැතත් කොකිවරියක් වෙන්න හැකියි කියලා සිතුවිල්ලක් සිතට එන්න ඇති. අපේ මනසට එන සිතුවිලි කියන්නෙත් විශ්වයෙන් අපිට දක්වන ප්‍රතිචාර වලට තමයි.
ඔබේ සිතුවිලි වලට නියත වශයෙන්ම විශ්වය ප්‍රතිචාර දක්වයි. ධනාත්මක ප්‍රතිචාර අවශ්‍ය නම් ධනාත්මක සිතුවිලි නිදහස් කරන්න.
අපි ප්‍රබල මානසික මට්ටමකින් ඉන්නකොට අපේ මනසින් නිකුත් චිත්ත තරංග වලට ලැබෙන ප්‍රතිචාර වලින් එකක් තමයි අපිට එන විවිධ සාර්ථක අදහස්. අත් දෙකම නැතත් කොහොහරි ජීවිතය ජයගන්නවා යන සිතුවිල්ලෙන්ම නිතරම හිටපු ඇයට ජයගන්න පුළුවන් හොඳ අදහසක් හිතට ආවා. ඇය එය බය නැතිව ක්‍රියාත්මක කළා. ඇය දක්‍ෂ කෝකිවරියක් බවට පත්වෙමින් ජීවිතය ජයගත්තා. අපි ඇගේ සත්‍ය ජීවිත කතාව මොකද්ද කියලා බලමු.
ඇය නමින් “මැරියල් ඇපටාන්“ 2005 සැප්තම්බර් 25 ඇය දරුණු ඛේදවාචකයකට මුහුණ දුන්නා. එතකොට ඇයට වයස 11 යි. ඇය ඇගේ මාමා සමඟ වතුර ගෙන්න යමින් සිටියා. මිනිසුන් හතරදෙනෙක් ඔවුන්ගේ මඟ හරස් කළා. ඔවුන්ගේ අතේ දිගු පිහි තිබුණා. ඇගේ මාමාට බිම දිගාවෙන ලෙස ඔවුන් අණ කලා. ඇගේ ඇස් ඉදිරිපිටම ඔවුන් ඇගේ මාමාව ගෙල සිඳලා මැරුවා. ඇය දැඩි කම්පනයකට ලක් වුණා. ජීවිතය වෙනුවෙන් කෑ ගසමින් දුවන්න ගත්තා. ඇගේ ගෙලටත් පිහි පාරක් වැදුනා. ඇය සිහිසුන්ව බිම ඇද වැටුනා. ටික වෙලාවකට පසු ඇයට සිහිය ආවා. ඇය දැක්කේ ලේ ගොඩක්. ඇයට දැනුනා එම මිනිසුන් තවමත් ඉන්න බව. ඇය මියගිය විදිහටම හිටියා. ඒ මිනිසුන් ගිය පසු ඇය නැගිටලා දුවන්න ගත්තා. ඇයට තේරුණා ඇගේ අත් දෙක එල්ලෙන බව.
ඒ තිරිසන් මිනිසුන් ඇගේ අත් වලට දරුණු පිහිපාරවල් එල්ල කරලා තිබුණා. ඇය ගෙදරටම දුවගෙන ගියා. අම්මා ඇයව දැකීමෙන් දැඩි කම්පනකට පත් වෙලා කෑගසමින් අඬන්න ගත්තා. කුරිරු වද වේදනාවන්ට ලක් වෙලා තිබුණු මේ පුංචි දැරියව රෝහල් ගත කළා. ඇය සුව වී ගෙදර එන විට එම මිලේච්ඡ මිනිසුන් ඇගේ දුප්පත් නිවහන ගනිබත් කර තිබුනා. ඇය රෝහලෙන් ආවේ අත් දෙකම නැතිව.
නමුත් ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව, මහත් ශක්තියෙන් ඇය ජීවිතයට මුහුණ දෙන්න පටන් ගත්තා. ඇය ඉගෙන ගත්තා. ඇය ඉගෙනගත් පාසලේ වඩාත්ම කාර්යක්‍ෂම දරුවා ලෙසත්, පරිගණක වලට දක්‍ෂම දරුවා ලෙසත්, වඩත්ම ආචාරශීලී දරුවා ලෙසත් ඇයව හැඳින්වුවා. 2008 වර්ෂයේදී ඇය හෝටල් ආපනශාලා  කළමනාකරණ පාඨමාලාවක් සාර්ථක ලෙස අවසාන කළා. ඇයට රන් පදක්කමක් ලැබුණා. කලාත්මක නිර්මාණ ශිල්පය සඳහා අත්දෙක නොමැතිව ඇය ඉතා සිත්ගන්නා කලාත්මක නිර්මාණ කළා. එම සියලු නිර්මාණ වළලුකරෙන් පහල දෑතම නැති අයෙකු තියුණු පිහියක් ආධාරයෙන් කල නිර්මාණ බව කිසිවෙකුටත් පිළිගත නොහැකි තරම් අලංකාර වුනා. කිසිම අභියෝගයකට බැරි වුණා මේ තරුණියගේ ගමන නවත්තන්න.

maricel-apatan-chef-no-hands

ඒ සියළු අභියෝග වලට වඩා ඇගේ ආත්ම ශක්තිය විශාල වුණා. ඒ ශක්තියෙන් ඇය ඇගේ ජීවිතය ජයග්‍රහණය කළා. අපි කළ යුත්තේ අභියෝග ජයගන්න එක ගැන සිතමින් ඉන්න එක නොවේ. එම අභියෝග වලට මුහුණදීමට අවශ්‍ය ශක්තිය තමන් තුළ ඇති කර ගැනීමයි. හැමවිටකම අභියෝග වලට වඩා අපේ ආත්ම ශක්තිය විශාල වෙන්න ඕන. එතකොට කසිම ප්‍රශ්ණයකට අපේ ජයග්‍රහණය වළක්වන්න බැහැ.

Maricel-apatan5

Maricel-apatan3

ලංකා රසාංජන

Add a Comment

Your email address will not be published. Required fields are marked *