Home » බුදු දහම » මනෝ විද්‍යාව » ලෝකය වෙනස් කල බෞද්ධයකුගෙන් ඔබේ සාර්ථක්වයේ පළමු පාඩම ඉගෙන ගන්න
soichirohonda-588x288

ලෝකය වෙනස් කල බෞද්ධයකුගෙන් ඔබේ සාර්ථක්වයේ පළමු පාඩම ඉගෙන ගන්න

නැවක් වරාය ඇතුලතදි හරි සුරක්ෂිතයි. හැබැයි නැව් හදල තියෙන්නේ වරායේ තියන්න නෙවෙයි ඈත දියඹට යන්න  ඕනි. ඈත මුහුදේ දූපත් දකිනන්  ඕනි.  නිල් සමුදුර තරණය කරන්න  ඕන.නැවක් වෙලා වරායට වී ඉදීමෙන් පලක් නෑ.එතකොට හැමදාමත් නැව දකින්නේ ඒ වරායම තමයි. අපි ඉල්කක හබා යෑමේ ශක්තිය අපි ලඟ තියෙනවා. විවධ කාරණා නිසා අපි අපේ ඉලක්ක ජයග‍්‍රහනය කිරීම මග හරවා ගන්නවා. බොහෝ විට ඒක අවබෝධයේ පුංචි ගැටලූවක් වෙන්න පුලූවන්.
අනාගතයේ ඉලක්ක ජයග‍්‍රහනය කිරීම අතීතය හෝ අපි අතීතයේ කල දේවල් බලපාන්නේ ඉතා සුළුවෙනි වර්ථමානය තුල හරියටම කටයුතු කිරීම තුලින් අනාගතය ජය ගත් අය අප‍්‍රමාණයි. අපි කල යුත්තේ එයයි.ඔබට ඉලක්කයක් ජය ගැනීමට අවශ්‍යනම් පළමුව ඒ ඉලක්කය පැහැදිලව තොරා ගන්න එයින් මනස පුරවා ගන්න. ඔබ වැනි අය  ඕන තරම් ඉලක්ක ජය ගෙන ඇති බව පමණක් සිතන්න. අතීතයේ සිදුවීම් සියල්ල අමතක කරන්න. වර්තමානයේ තම ඉලක්කය සිහිනය තුල ජීවත් වෙන්න නෞකාව වරායෙන් මුහුදට ගන්න. තම ඉලක්කයට ආදරය කරන්න. ජය ගන්නා බව අධිෂ්ඨාන කර ගන්න. එය ජය ගන්නවා නියතයි.
හැම මනුෂ්‍යයෙක්ම දක්ෂයි. අපේ ජීවිතය අලූත් වෙන්න අපිට අළුත් බලාපොරොත්තු පැහැදිලව දකින්න පුළුවන් වෙන්න  ඕනි. ඒක පළමු කාරණාව දෙවනි කාරණාව තමයි අපිට හැරවුම් ලක්ෂයක් අවශ්‍යයි.
නැව දියඹට ගන්න
හේතුවක්  ඕන වෙනවා
හේතුව දන්නේ ඔබයි
නැවියාද ඔබයි
ඔබ අහල ඇති ‘‘සොයිචිරෝ හොන්ඩා‘‘ ගැන අපි කවුරුත් දන්න හොන්ඩා මෝටර් බයිසිකලය ලෝකෙට හදුන්වා දුන්නේ ඔහුයි.පාසලේදී හොණ්ඩා ඉගෙන ගන්න කටයුතු වලට දක්ෂ ලමයෙකු ලෙස පිළිගත්තේ නෑ.ඔහු දුර්වල ශිෂ්‍යයෙකු හැටියට තීරණය වෙලා තිබුනා. දක්ෂ ළමයින්ගෙන් ඉවත්ව පන්තියේ කෙලවරක හුදකලාව ගුරුතුමියගේ ඇස් වලින් හැංගිලා ඉන්න හොන්ඩා උත්සහ කලා ස්වභාවයෙන්ම ඔහු ශරීර ශක්තියෙන් දුර්වල කෙනෙක් වුනා. පාසලේ ක‍්‍රීඩා තරඟ වලින් ජයග‍්‍රහන ලැබීමට ඔහුට බැරි වුනා. ගමේ මිතුරන් සමග ක‍්‍රිඩා කිරීමේදී ඔහුට නිතරම හිමි වුනේ පරාජයයි. ඔහු ඉක්මනින් රවට්ටන්න පුළුවන් මෝඩ චරිතයක් බව මිතුරන් අතරේ පිළි ගැනීමක් තිබුනා.

images

හොන්ඩාගේ ගමේ මිතුරන්ට පිහිණ‍මේ හැකියාවක් තිබුනා. පිහිනන්න දන්නේ නැති හොන්ඩා ගමේ වැඩිහිටි මිතුරෙකුගෙන් විමසුවා ‘‘පිහිනන්නෙ ඉගෙන ගන්නේ කොහොමද?‘‘ කියලා ගමේ වැඩිහිටි මිතුරා හිතුවා හොන්ඩාව රවට්ටන්න.ඔහු හොන්ඩාට කිව්වා ‘‘පීනන්න පුරුද වෙන්න  ඕන නම් ඉස්සර වෙලාම මාළුවෙකු ගිලින්න  ඕනි‘‘ කියලා. එය විශ්වාස කළ ඔහු මාළුවෙකු ගිල්ලා ඔහු සමහර තැන් වලදී එතරම් දුර්වල චරිතයක් පෙන්නුම් කලා.අන් අය අතරේ ඔහු කොතරම් දුර්වල වුනත් ඔහු තුල ප‍්‍රභල සිහිනයක් තිබුනා.ඒ වන විටත් ඔහුගේ නෞකාව දියඹට හැරිලයි තිබුනේ අනිත් අය ඒ ගැන දැනගෙන හිටියේ නෑ.
                හොන්ඩාට වයස අවුරුදු 7ක් 8ක් වන විට ඔහුගේ හිත තදින් ඇදිලා ගිය දෙයක් දුටුවා ඒ තමයි වී මඩින යන්ත‍්‍රය හොන්ඩා ඒ යන්ත‍්‍රය දකින්න ආස කලා. ඒ ශබ්දයට ආස කලා. එහි තෙල් සුවඳට ආස කලා.යන්ත‍්‍ර සූත‍්‍රවලට ඇති ඇල්ම වැඩි වීමට යන්ත‍්‍ර සුත‍්‍ර ගැන ඉගෙනීමට දැඩි කැමැත්තක් ඇති වීමට ඒ වී මඩින යන්ත‍්‍රය හොන්ඩාට හැරුම් ලක්ෂයක් වුනා. අන් අය අතර දුර්වල චරිතයක් ලෙස පිළිගැනුනත් යන්ත‍්‍ර සූත‍්‍ර ගැන ඉගෙන ගන්න බවත්, ඒ තුලින් තම ජීවිතය ජය ගන්නා බවත්, හොන්ඩා විශ්වාස කලා. ඔහු ඒ ජීවිතය සමග ජීවත් වුනා නෞකාව සෙමෙන් සෙමෙන්  දියඹට ඇදුනා.
අවුරුදු 15 දි ඔහු ටෝකියෝ නගරයට ආවා. ඒ ආ‍වේ ගරාජයක වැඩ කිරීමේ අරමුනින්. නමුත් ගරාජයක වැඩ කිරීමට වයස මදි යැයි පැවසූ ගරාජයේ හිමිකරු ඔහුගේ දරුවා බලා ගැනීමේ වගකීම හොන්ඩාට පැවරුවා.ඔහු දරුවාව පිටේ බැඳන් ගරාජයේ අනිත් අය වැඩ කරන හැටි ඉගෙන ගත්තා.පසු කලෙක ගරාජයේ හිමිකරු වැඩට එන ලෙස හොණ්ඩාට පැවසුවා. එය ඔහු ජීවිතයේ වඩාත්ම සතුටු වුන දවසක් වුනා.
බාහිර පරිසරය
පසුබිම හෝ ගැටලූව කුමක් වුනත්
ඉලක්කයට ගැලපෙන
මානසික මට්ටමක්
ඔබ පවත්වා ගන්නේ නම්
ඔබට හැරවුම් ලක්ෂ පෙනෙවි
ඔබ නැව දියඹට රැගෙන යාවි
වයස 20දී සොයිචිරෝ හොන්ඩා නැවතත් ගමට පැමිණියා. තමාගෙම ගරාජයක් ඇරඹුවා. ඔහු රාත‍්‍රි කාලයේදී විවධ යන්ත‍්‍ර සුත‍්‍ර පිළිබඳව පර්යේෂණ පැවැත්වුවා. වයස අවරුදු 30 දී හොන්ඩා තමා නිපද වු ස්පොක් සහිත රෝදයට පේටන්ට් බලපත‍්‍රය ගත්තා. ඊට පසුව පිස්ටන් නිර්මාණය කිරීමට පටන් ගත්තා.

lich-su-ve-su-nghiep-lay-lung-cua-ong-chu-de-che-honda-9121-1411376490-541fe56aef518

1945දී ලෝක යුද්ධයේ අමිහිරි සිදුවීම් වලට මූණ දෙන්නට හොණ්ඩාටත් සිදු වුනා. ඔහුගේ කර්මාන්ත ශාලාව පොලොවට සමතලා වුනා. මතක තියා ගන්න ඈත දියඹට නෞකාව යද්දී අහයපත් කාලගුණික තත්ව වලට කුණාටු වලට මූහුන දෙන්න සිදු වෙනවා.අපි ප‍්‍ර‍වේශමෙන් නැව යාත‍්‍රා කරන්න ඕන.ඒවාට බයේ වරායේම නෞකාව රඳවා ගන්න බැරි බව තේරුම් ගන්න  ඕන.
මේ බව දැනගෙන හිටිය හොන්ඩා යුද්ධයෙන් සියල්ල අහිමි වුනත් තම උත්සහය අත් ඇරියේ නෑ මේ දවස් වල ජපානය හැම අතින්ම වැටිල හිටියේ ප‍්‍රවාහන පහසුකම් සියලූ දෙනාට ලොකු අභියෝගයක් වුනා. මෙන්න මේ අවස්ථාවේදි ඔහුගේ නිර්මාණශීලි මනසට අපූර්ව අදහසක් ආවා. ලෝකයේ ප‍්‍රථම වතාවට සයිකලයට මොටරයක් සවි කලා. එය ලොකයේ ප‍්‍රථම මෝටර්සයිකලය වුනා. ඔහු එය වැඩි දියුණු කලා මෝටරයක් දරා ගත හැකි අයුරින් බයිසිකලය විශාලව සහ ශක්තිමත්ව නිර්මාණය කලා. ඊට ගැලපෙන මෝටරයක් නිපදවුවා. 1949 වර්ෂයේදී අශ්වබල 3ක බලය ඇති 98cc ලොව ප‍්‍රථම කාර්මික මෝටර්යසිකලය හොන්ඩා නිශ්පාදනය කලා. ඔහු එයට ”Dream” (සිහිනය) නැමැති නම යෙදුවා. එය ඔහුගේ සිහිනය සැබැ වීමක් ලෙස ඔහු දකින්න ඇති.

honda2

ඒ ශක්තිමත් නෞකාවට සියලූ දේ සපිරි සශ‍්‍රික දූපතක් හමු වුනා ටික කාලයකින් ජපානයේ බොහෝ දෙනෙකුගේ ජනප‍්‍රියම වාහනය බවට ”Dream” (සිහිනය) මෝටර්සයිකලය පත් වුනා.ලෝකයේ නන් දෙසින් ඔහුට ඇනවුම් ගලාගෙන ආවා.ඔහු කෝටිපතියෙකු වුනා.
කුණාටු වගේම සියලූ දේ සපිරි
සශ‍්‍රික දූපතුත් නැව් වලට හමු වෙනවා
ඉලක්කය දුපත නම්
කුණාටුවට මූහුන දෙන්න

abcc913228a29a42f29fd43c59f44400

හොන්ඩාට සිහිනයක් තිබුනා. ඒ හීනයට ඔහුට හැරවුම් ලක්ෂ ගණනක් හුමු වුනා. වී මඩින යන්ත‍්‍රය දැකීම පළමුවෙනි හැරවුම් ලක්ෂයයි. එය ගරාජයක වැඩට යන්න තරම් අවශ්‍යතාවක් ඔහුගේ සිතේ ඇති කලා ගරාජයේ හිමිකරු ඔහුගේ දරුවා බලා ගන්න වගකීම හොන්ඩාට පැවරුවත් කාලයකට පසුව හොන්ඩාට ගරාජයේ වැඩට එන ලෙස කීවා. එය 2වන හැරවුම් ලක්ෂයයි. ලෝක යුද්ධයෙන් බැට කෑ ජපානයට ප‍්‍රවාහන පහසුකම් ලොකු අඩුවක් වුනා. ඒ හිඩැස දැක්ක එක  තවත් හැරවුම් ලක්ෂයක් වුනා. හොන්ඩා තම ඉලක්කයට යන ගමනේ තවත් හැරවුම් ලක්ෂ දක්වා ඒවා ප‍්‍රයෝජනයට ගත්තා. එහෙම වුනේ ස්ථිර බලාපෙරොත්තුවක් හීනයක් හිතේ තිබුන නිසා.
හීනයක් හිතේ තියාගෙන එය ඉලක්කයක් කර ගන්න ඒ මග සක‍්‍රියව ජීවත් වෙන්න ඔබට හැරවුම් ලක්ෂය හමු වේවි. ඉලක්කය ජය ගැනීමට අවශ්‍ය සියලූම දේ එකින් එක පෙලගැසේවි මෙය ලොකේ ඉලක්ක ජය ගත් හැම දෙනාටම පොදු සාධකයක් වෙලා තියෙනවා.ඔබටත් එය එසෙමයි.
නිතරම තමන්ගේ අරමුණු ගැන හිතන්න.එය ජය ගන්න බව විශ්වාස කරන්න අරමුණක් හිතේ ඇත්නම් ඒ ගැන විශ්වාසයක් ඇත්නම් ඔබේ ඉලක්ක බලා යන ගමන නියම ලෙස දිශාගත කිරීමට අවශ්‍ය සියලූම දේ ඔබට හමු වේවි. ඔබට අලූත් සිතුවිලි පහල වේවි. අලූත් සැලසුම් පෙනේවි. අළුත් අවස්ථාවන් ලැබේවි. ඒ සියල්ල ඔබේ ජයග‍්‍රහනයට ලැබුන පැහැදිලි මාවතක් වේවි.
මාහාචාර්ය ලංකා රසංජන

Add a Comment

Your email address will not be published. Required fields are marked *