Home » බුදු දහම » මනෝ විද්‍යාව » සිහිය පිහිටුවීමේ මනෝචිකිත්සාත්මක වැදගත්කම
Silhouette of a woman doing yoga on the beach at sunset

සිහිය පිහිටුවීමේ මනෝචිකිත්සාත්මක වැදගත්කම

සිහිය පිහිටුවීමේ මනෝචිකිත්සාත්මක වැදගත්කම

ආචාර්ය සුමන රත්නායක

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

 

සතිපට්ඨානය (සති  උපට්ඨාන) හෙවත් සිහිය පිහිටුවීම අධ්‍යාත්මික පාරිශුද්ධත්වයේ ආරම්භයේ සිට අවසානය දක්වා සම්බන්ධ බව ”ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා . . .”  යනුවෙන් සතිපට්ඨාන සූත‍්‍රය පැහැදිලිව සඳහන් කරයි. එසේ සිහිය පිහිටුවා ගන්නා ආකාර හා එමගින් මනස වැඩෙන ආකාරත් මනෝරෝග සුව වන ආකාරත් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

මෙහිදී මනස සම්බන්ධ සියලූ රෝග විශ්ලේෂණයකට යොමු නොවී මනස විවිධ පීඩාවන්ට ලක්වන ස්වරූපය හා එකී පීඩාකාරී ස්වරූපයන්ගෙන් සිත මුදවා ගැනීමට බුද්ධ දේශනා තුළින් මතුකර තිබෙන මූලික ක‍්‍රමවේදයන්ගෙන් කීපයක් හඳුනාගැනීමට අපේක්‍ෂා කෙරේ.

පන්සාළිස් වසක් මුළුල්ලේ දේසිත බුද්ධ දේශනාවන්හි අරමුණ බුදුන් වහන්සේ ම සාරාංශ කොට දක්වන ආකාරය ද මුලින් ම සිහියට ගත යුත්තකි. ”පුබ්බේචාහං භික්ඛවේ ඒතරහි දුක්ඛඤ්ච පඤ්ඤපේමි. දුක්ඛස්ස ච නිරෝධං.”  (පෙරත් දැනුත් මහණෙනි මා දේශනා කරන්නේ දුක හා දුකෙහි නිරෝධයයි.*

දුක යනුවෙන් සාරාංශ කෙරෙන්නේ පුළුල් පරාසයකට විහිදී යන අවශ්‍යයෙන් ම වටහා ගතයුතු දහමකි. ඒ පිළිබඳව උනන්දු නොවී සිහිය පිහිටුවීමක් ගැන හෝ මනෝ චිකිත්සාවක් ගැන හෝ බුද්ධ දේශනා ආශ‍්‍රයෙන් කථා කිරීම අදාල නොවන (අවිසයස්මිං) මාර්ගයකට පා තැබීමකි. දුක පිළිබඳව සූත‍්‍ර දේශනා පෙන්වා දෙන ප‍්‍රකට පාඨය තුළ ඉදිරිපත් කෙරෙන ප‍්‍රධාන අංශ තුනකි.

  1. ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය දුකබව
  2. අපි‍්‍රයයන් හා එක්වීම, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම දුක බව
  3. සැකෙවින්, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන ස්කන්ධ පහ උපාදාන කරගැනීම හෙවත් සිතින් දැඩිව අල්ලාගෙන, උරුම කරගෙන, තමන් සතු කරගෙන කි‍්‍රයාකිරීම දුක බව යනුවෙනි.

මෙහි දැක්වෙන සියලූම කොටස් මතුපිටින් වටහාගෙන පමණක් සෑහීමට පත්වුවහොත් බුදුන් වහන්සේ පෙන්වා දෙන තරමට ගැඹුරින් මනෝ චිකිත්සාවක් හෙවත් මානසික සුවපත් වීමක් සිදු නොවේ.

ඉපදීම (ජාති) යන්නෙන් මෙලොවට බිහිවීම පමණක් නොවේ, අදහස් කෙරෙන්නේ. ඉපදීමට සම්බන්ධ මමත්වය, මගේ කරගැනීම, ඒනිසා ම ”මම” බිහිවීම, ඒනිසා ම ඇතිකරගන්නා නොවෙනස්ව පවත්නා යැයි හැගෙන අනන්‍යතාව හෙවත් ආත්ම හා ආත්මීය ස්වරූප මුළු ජීවිත කාලය පුරාවට ම සම්බන්ධය.   මෙකී ස්වභාවයන්ගෙන් පෙළෙන මනස ඒතරමට ම එකී ස්වරූපයන්ගෙන් වියෝවීමටද සූදානම් නොවෙයි. එමගින් ම පෙළෙයි. ඒ අනුව මරණය දුකක් වන්නේ අවසන් හුස්ම හෙළන විට පමණක් නොව මුළු ජීවිත කාලය තුළ මමත්වයේ වියෝව නිසා ඇතිවන කම්පන පදනම් කරගෙනයි.

මේ ආකාරයට වියපත්වීම පමණක් හෝ රෝගීවීම පමණක් හෝ දුක් නොවේ. එසේනම් දුක්බවට පත්වන්නේ වයසට යෑම නිසා තමා උරුම කරගත් හෙවත් මමත්වය මූලික කරගත් පුද්ගලයාගේ අනපේක්‍ෂිත වෙනස මනස භාරනොගන්නා නිසයි. මේ ආකාරයට ඉහත කී විවිධ ස්වරූපයේ අත්දැකීම් දුක් බවට පත්වන්නේ මමත්වය පදනම් කරගත් උපාදාන කරගැනීම් මතයි. ශාරීරිකව ලෙඩ වුවත්, මරණසන්න වුවත් ඒ අනුව මනස ලෙඩ නොකර ආරක්‍ෂා කර ගත හැකිනම් එය සැබෑ දියුණුවකි, මෙත් වැඞීමේ ඵළයකි, මනෝ චිකිත්සාවකි. නිවන්සුව භුක්තිවිඳින රහතන් වහන්සේලා අජායමාන (නොයිපදෙනසුළු) වන්නේ මෙසේ මමත්වය ඉපදවීමෙන් තොරව ජීවිත අත්දැකීම් ලබන බැවිනි. මජ්ඣිමවනිකායේ ධාතුවිභංග සූත‍්‍රයේ එන පහත සඳහන් පාඨය මෙහි ලා ඉතා වැදගත්ය.

අස්මීති භික්ඛු මඤ්ඤිතං එතං; අයං අහං අස්මීති මඤ්ඤිතං එතං; භවිස්සන්ති මඤ්ඤිතං එතං; න භවිස්සන්ති මඤ්ඤිතං එතං; රූපී භවිස්සන්ති මඤ්ඤිතං එතං; අරූපී භවිස්සන්ති මඤ්ඤිතං එතං; සඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතං එතං; අසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතං එතං; නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතං එතං. මඤ්ඤිතං භික්ඛු රොගො, මඤ්ඤිතං ගණ්ඩො, මඤ්ඤිතං සල්ලං. සබ්බ මඤ්ඤිතානං ත්වේව භික්ඛු සමතික්කමා මුනි සන්තොති වුච්චති. මුනි ඛො පන භික්ඛු සන්තෝ න ජායති න ජීයති න මීයති න කුප්පති නප්පිහෙති. තං පි අස්ස භික්ඛු නත්ථි යෙන ජායෙථ. අජායමානො කිං ජීයිස්සති, අජීයමානො කිං මීයිස්සති, අමීයමානො කිං කුප්පිස්සති, අකුප්පමානො කිස්ස පිහෙස්සති.

(‘මම වෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. ‘මේ මම වෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. ‘මම වන්නෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. ‘මම නොවන්නෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. ‘මම රූපස්වභාවයකින් යුක්ත වන්නෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. ‘මම අරූපස්වභාවයකින් යුක්ත වන්නෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. ‘මම සඤ්ඤී ස්වභාවයකින් යුක්ත වන්නෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. ‘මම අසඤ්ඤී ස්වභාවයකින් යුක්ත වන්නෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. ‘මම සඤ්ඤී ස්වභාවයකින් යුක්ත වන්නෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. ‘මම සඤ්ඤීත් නොවන අසඤ්ඤීත් නොවන ස්වභාවයකින් යුක්ත වන්නෙමි’ යන්න සිතෙන් මවාගත්තකි. සිතෙන් මවාගැනීම රෝගයකි … ගඩුවකි … හීයකි … සියළුම සිතෙන් මවාගැනීම් අභිබවා යෑමෙන් මුනිවරයා ශාන්තවූ අයෙක් බව කියනු ලැබේ. නමුත් ශාන්තවූ ඒ මුනිවරයා නූපදියි; නොදිරයි; මිය නොයයි; නොසැලෙයි; ඊර්ෂ්‍යා නොකරයිx ඉපදවීමට හේතු වියහැකි යමක් ද එතුමා සතුව නැත. නූපදින කෙනා දිරයිද? නොදිරන කෙනා මිය යයිද? නොමියන කෙනා සැලෙයිද? නොසැලෙන කෙනා ඊර්ෂ්‍යා කරයිද)

තවත් ආකාරයකින් මනසේ ගැඹුරින්ම ඇති පෙළීමට නෑකම් කියන්නේ ලෝභ, දෝස, මෝහ වශයෙන් සාරාංශ කෙරෙන ආවේග තුනයි. ලෝභ යන්නෙන් අප කැමති මූලික අවස්ථාවේ සිට විවිධ අන්තවලට ඇබ්බැහි වීම, එල්බගෙන සිටීම, ගිජුකම ආදි ප‍්‍රවණතා අදහස් කෙරේ. දෝස යන්නෙන් අප අකමැති මූලික අවස්ථාවල සිට සිතෙහි හටගන්නා නුරුස්නා බව, තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ ආදී ප‍්‍රවාහයන් අදහස් වේ. ලෝභ පැත්තට ඇලීම, ආකර්ශනය ඇති වෙන්නාක් මෙන් ම ද්වේශ පැත්තට නුරුස්නා බව හා එමගින් ඇති වන ප‍්‍රතික්‍ෂිප්ත බව ඇති වේ. මෙහි පදනම මුලාවයි, හෙවත් මෝහයයි. මෙසේ විවිධාකාරයෙන් පෙන්වා දෙන දුක අප කරා එළඹෙන්නේ ඉතා සියුම් ව වෙස් වලාගත් ස්වරූපයකිනි. ඒ පිළිබඳව අවදි නොවූ සිතකට එකී දුක් ස්වරූප වටහා ගැනීමට අපහසුය. මේනිසා ම බුදුන් වහන්සේ ඉතා වැදගත් ක‍්‍රමවේදයක් මගින් දුකින් මිදෙන මග පෙන්වා දීමට හඳුනා ගැනීම (recognition) වැදගත් වන ආකාරය පෙන්වා දුන්හ. ලෝකයේ පවත්නා  ඕනෑම යහපත් කළමනාකරණයකට මෙම ක‍්‍රමවේදය ඉතා වැදගත් ය. මෙහිදී දුක හෙවත් මානසික පීඩන කළමනාකරණයකට ලක්කරන්නේ හඳුනාගැනීම පදනම් කරගෙන බව ‘පරිඤ්ඤෙය්‍යං’ (පූර්ණ වශයෙන් වටහාගත යුතුයි, හඳුනාගත යුතුයි) යන යෙදුමෙන් පෙනේ. දුක්ඛ සත්‍යය පිළිබඳ ඇති ප‍්‍රායෝගිකත්වය හෙවත් දුක සම්බන්ධයෙන් කළ යුතු වැදගත්ම දේ නම් ‘පරිඤ්ඤෙය්‍යං’ යන්නෙන් අදහස් කෙරෙන දුක පිළිබඳව බොහෝ පැතිවලින් පිරිසිඳ දැන ගැනීමයි. මජ්ඣිම නිකායේ සබ්බාසව සූත‍්‍රයේ දී ද ‘ජානං’ (දැනගැනීම) ‘ඵස්සං’ (දැකීම) යන යෙදුම් භාවිත කර තිබෙන්නේ තමා තුළ ඇති ආවේග, කෙළෙස් හෙවත් දුක්පීඩා දැනීම, දැකීම පදනම් කරගෙන තුනී වී, නැති වී යන ආකාරය පෙන්වා දීමටයි.

”ජානතෝ අහං භික්ඛවෙ පස්සතෝ ආසවානං ඛයං වදාමි, නො අජානතෝ නො අපස්සතෝ.”  (මහණෙනි, ආශ‍්‍රවයන්ගේ පහවීම මා පෙන්වා දෙන්නේ දන්නහුට හා දකින්නහුට මිස නොදන්නහුට නොදකින්නහුට නොවේ.)

මේ අනුව කිසියම් පීඩනයක්, මානසික ගැටළුවක් හෝ දුකක් මූලිකව ම හඳුනාගැනීම අත්‍යවශ්‍ය ය. එකී හඳුනාගැනීම මගින් ගැටළුව ක‍්‍රමයෙන් ලිහිල් වේ. ලිහිල් නොවන, නොනිමෙන ගැටළුවක් හෝ මානසික පීඩනයක් තිබේනම් එසේ වන්නේ මමත්වය පඳනම් කරගෙන, වැරදි ආකාරයකට ඒවා හඳුනාගැනීමට කරන ලද උත්සාහය නිසා බව කිව යුතුය. මේ පිළිබඳව තවත් පැහැදිළි කිරීම් තේරුම් ගැනීම් සඳහා මජ්ඣිම නිකායේ ආනාපානසති සූත‍්‍රය  ද ඉතා ප‍්‍රයෝජනවත් ය. එහිදී හුස්ම ගැනීම හෙළීම පදනම් කරගෙන සිත එක්සත් කිරීමට යොමුවන පුද්ගලයා ඉතා සරල හුස්ම වැනි කි‍්‍රයාවලියකට හිත යොමු කිරීමෙන් දීර්ඝව හුස්ම ගැනීම හා හෙළීමත් හ‍්‍රස්වව හුස්ම ගැනීම හා හෙළීමත් නුවණින් දැනගැනියි. හෙවත් මනාව දැනගනියි. මෙම දැනගැනීම ‘සබ්බකායපටිසංවේදී’ යනුවෙන් හුස්ම කි‍්‍රයාවලිය පිළිබඳ සම්පූර්ණ අවධානය යොමුකොට දැනගැනීම හා ඒ මගින් හික්මීම දක්වා වර්ධනය වේ. මෙම සියුම් අත්දැකීම් ලබන පුද්ගලයා ‘පස්සම්භයං කායසංඛාරං’ යන්නෙන් අදහස් කෙරෙන පරිදි හුස්ම කි‍්‍රයාවලියේ (කායසංස්කාරයේ) නිවීම හෙවත් සංසිඳීම අත්දකියි. මෙහිදී ද දැනීම, නිවීම සඳහා යොමු වී ඇති ආකාරය ක‍්‍රමයෙන් පෙන්වා දී තිබේ. ඒ අනුව දුක දැනීම, හඳුනා ගැනීම විශේෂ හැරවුම් ලක්‍ෂ්‍යයක් බව වටහාගත හැකිය. හඳුනාගැනීම පදනම් කරගෙන ලබන නිවීම (පස්සම්භනය) නිරායාසයෙන් ම ඇගයිය යුත්තකි. මේනිසා ම දුක හෙවත් විවිධ මානසික ගැටළු කළමනාකරණය කරගැනීම පිණිස මීළඟට වැදගත්වන පෙළඹවීම හෙවත් අභිපේ‍්‍රරණය ඇගයීමයි. මේ බව ආනාපානසති සූත‍්‍රය තුළ දී ‘පස්සම්භයං’ හෙවත් නිවීම අත්දකින කෙනා ‘පීතිපටිසංවේදී’ යනුවෙන් සතුට අත්දකිමින් ආශ්වාස ප‍්‍රශ්වාස කරන බව කියැවේ. හුස්ම කි‍්‍රයාවලියේ නිවීම තුළින් ලබන සැනසීම නිරායාසයෙන්ම ඇගයීමට ලක්වේ. එබැවින් සතුටත් ඉන්පසුව සැනසීමත් අත්දකින ඒ පුද්ගලයා ‘සුඛපටිසංවේදී’ (සැපය අත්දකින්නා) යනුවෙන් හැඳින්වේ. මේ ආකාරයට කෙරෙන ඇගයීමම හඳුනාගැනීමෙන් වෙන්නොවී තවදුරටත් මානසික ඒකාග‍්‍රතාවය පිණිස යොමුවන ආකාරය මෙම සූත‍්‍රය පෙන්වා දෙයි. එකී පෙළඹවීම් තුළ මීළඟට කියවෙන්නේ ‘චිත්තසංඛාරපටිසංවේදී’ යන්නයි. ඒ තුළින් සිතේ ඇතිවන පීති සුඛ ආදි සිතුවිලි කි‍්‍රයාවලි පිළිබඳ අත්දකිමින් පුද්ගලයා හුස්ම ගනිමින් හෙළමින් හික්මෙන බව කිය වේ. මීළඟට ‘පස්සම්භයං චිත්තසංඛාරං’ යනුවෙන් එකී පීති සුඛ ආදි සිතුවිලි පවා නිවීමට, සංසිඳීමට පත්වන ආකාරයත් ඒ අනුව හික්මෙන ආකාරයත් පෙන්නුම් කෙරේ. සූත‍්‍රය මීළඟට යොමුකර තිබෙන්නේ සිත සම්බන්ධව හඳුනාගැනිම හෙවත් චිත්තානුපස්සනාව පුද්ගලයාගේ අත්දැකීමක් බවට යොමුකරවමිනි. ‘චිත්ත පටිසංවේදි අස්සසිස්සාමීති … පස්සසිස්සාමීති සික්ඛති’ යනුවෙන් ඒ බව කිය වේ. තවදුරටත් සිත එක්සත් බවට යොමුකරවීමට පෙළඹෙන පුද්ගලයා ‘අභිප්පමෝදයං චිත්තං’ යනුවෙන් දැක්වෙන පරිදි සිත තවත් ප‍්‍රමෝදයට පත්කර ගනිමින් හුස්ම ගනිමින් හෙළමින් හික්මෙයි. මෙසේ ප‍්‍රමෝදයට පත්කිරීම් කුසල සහගත ය. එබැවින් ප‍්‍රමෝදයක හෙවත් සතුටක වැරදි ලෙස අන්තගාමී නොවන පුද්ගලයා මීළඟට සිතේ නිවීම ද යළි යළිත් අත්දකියි. ඒ නිසාම සිත තදින් එක්සත් වේ. කුසල සිතුවිලිවල එක්සත් බව අත්දකියි. ඒ බව ‘සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති . . . පස්සසිස්සාමීති සික්ඛති’ යනුවෙන් පැහැදිලි කෙරේ. මීළඟට සූත‍්‍රය පෙන්වා දෙන්නේ ගැඹුරින් සමාධිගත වූ මනස ඊළඟට ලබන අත්දැකීම ගැනයි. එය හැඳින්වෙන්නේ ‘විමෝචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති ….. පස්සසිස්සාමීති සික්ඛති’ යනුවෙනි. මෙහිදී ‘විමෝචයං’ යන්නෙන් තව තවත් සිත නිදහස් වීම, සමාධියේ තව තවත් ඉහළ ධ්‍යාන ආදියට යොමුවීම, කෙළෙස් ආදියෙන් නිදහස් වීම අදහස් කෙරේ. සිත සම්බන්ධව මෙසේ අත්දැකීම් ලබන පුද්ගලයා තවදුරටත් හඳුනාගැනීම යොමුකරන්නේ සමාධි ආදියෙහි පවා වෙනස්වන ස්වරූපය භාරගනිමිනි; සියල්ල වෙනස්වන සුළු බව අත්දකිමිනි. ‘අනිච්චානුපස්සී’ යන්නෙන් ධම්මානුපස්සනාවට සම්බන්ධ එකී අත්දැකීම එලෙස පැහැදිලි කෙරේ. වෙනස් වන ධර්මතා දැකීම ම තමන් ලබන දියුණු අත්දැකීමක් බැවින් කිසියම් සුභ අසුභ අත්දැකීමක වෙනස එකී පුද්ගලයා භාරගන්නේ වැදගත් හඳුනා ගැනීමක් සිතට කියාදෙමිනි; අවබෝධකර ගැනීමෙනි. මීළඟට කියවෙන ‘විරාගානුපස්සී’, ‘නිරෝධානුපස්සී’ අත්දැකීම් ද වෙනස්වන ලෝකය භාරගන්නා පුද්ගලයා නිරායාසයෙන් ලබන ගැඹුරු අත්දැකීම් ය. විරාගය යන්නෙන් නොඇලෙන බව මෙන්ම යමක් ක‍්‍රමයෙන් තුනී වී, අඩු වී යන බව හා නිරෝධානුපස්සී යන්නෙන් එකී  ඕනෑම ප‍්‍රවාහයක් අවසානයකට එළඹෙන බව, නිරුද්ධ වෙන බව අදහස් කෙරේ. මෙවැනි අත්දැකීම් ලබන පුද්ගලයා ඊළඟට ලබන අත්දැකීම ‘පටිනිස්සග්ගානුපස්සී’ යනුවෙන් සඳහන් කෙරේ. එයින් අදහස් වන්නේ අතහැරීම, උච්චාවචන පිළිගැනීම, වෙනස්වන ධර්මතා එසේ සිදුවන විට නොගැටීම සහ ඊටඉඩදීමයි. letting be, letting go යනුවෙන් ඉංග‍්‍රීසියට නගා තිබෙන්නේ මෙම ‘පටිනිස්සග්ගානුපස්සී’ යන අත්දැකීමයි. තවත් සූත‍්‍රවල දී ‘වොස්සග්ගපරිනාමි’  යනුවෙන් ද ප‍්‍රකාශවන්නේ මෙම අත්දැකීමේ ප‍්‍රගුණත්වයයි.

මෙසේ සිහිය පිහිටුවීමේ අවස්ථා අතර අනුක‍්‍රමික සම්බන්ධයක් ඇතත් මුහුණද මට සිදුවන අභ්‍යන්තර හෝ බාහිර පරිසර අනුව ඒවාහි ක‍්‍රමිකබව වෙනස් විය හැකිය. උදාහරණ වශයෙන් ශබ්ද වැඩියෙන් ඇසෙන පරිසරයක ‘පටිනිස්සග්ගානුපස්සී’ව ශබ්ද තියෙන්නට ඉඩදීමෙන් එකී ශබ්ද බාදාවක් නොකරගෙන නොගැටී ආරම්භ කළ හැකිය.

මේ ආකාරයට හඳුනාගැනීම හා ඇගයීම පුද්ගලයාගේ අධ්‍යාත්ම සංවර්ධනය පිණිස යොමුකරගත හැකි ආකාරය පෙන්වා දෙන සූත‍්‍ර දේශනා රාශියකි. බෞද්ධ භාවනා ක‍්‍රම සමාධිය හෙවත් කුසල චිත්ත ඒකාග‍්‍රතාවය උපදවා ගැනීම පිණිස යොමුකරගෙන තිබෙන්නේ එමගින් මනසේ හැකියා වර්ධනය හා විනිවිද දැකීමේ කුසලතා ඇතිකරගැනීම පිණිස එය අත්‍යාවශ්‍ය බැවිනි. එක්සත් මනස සැඟවුණු හා වෙස්වලාගෙන මෙන් පැමිණෙන දුක හඳුනාගැනීමට මහෝපකාරී වෙයි. අවුල් සහගත මනසකට එසේ හඳුනාගැනීම කළ නොහැකිය. විපස්සනාව හෙවත් අනිත්‍ය දුක්ඛ අනත්ත වශයෙන් අප සතු අනන්‍යතා හා අත්දැකීම් වටහා ගැනීමට සමාධියෙන් යුක්ත මනස විනිවිද යයි. මේ ආකාරයට සමාධිය විපස්සනාමය හඳුනාගැනීම් පිණිස යොමුවන බව පෙනේ. මෙහිදී ද ගැඹුරු අර්ථයකින් මනෝචිකිත්සාවක් හෙවත් මනස සුවපත් වීමක් සිදුවෙයි.

මනසේ සුවපත් වීම ගැඹුරුම හා පරම තත්ත්වයකට පත්වන්නේ නිර්වාණ සාක්‍ෂාත්කරණයෙනි. එහෙත් ඒ සඳහා යොමුවන සියළු ක‍්‍රමවේද ලෞකික ජිවිතය තුළ ලැබිය හැකි සියලූ මානසික සුවපත් වීම් සඳහා යොමුවන බව නොරහසකි. මේ නිසාම විවිධ මනෝවිද්‍යාඥවරු බටහිර රටවල දී පවා අපක්‍ෂපාතීව සතිපට්ඨාන ක‍්‍රමය භාවිතයට ගෙන ඇති ආකාරය ප‍්‍රකට ය. උදාහරණ වශයෙන් ඵඊක්‍ඔ වශයෙන් හඳුන්වන Mindfulness Based Cognitive Therapy (සිහිය පදනම් කරගත් ප‍්‍රජානනාත්මක මනෝචිකිත්සාව)  MBSR – Mindfulness Based Stress Reduction (සිහිය පදනම් කරගත් මානසික පීඩා / ආතති සමනය) නූතන ලෝකයේ මනෝ වෛද්‍යවරු, මනෝ චිකිත්සකවරු හා භාවනා ගුරුවරු විවිධ චිකිත්සක ක‍්‍රම සඳහා හා දුක් පීඩා සමනය සඳහා භාවිත කරති. මෙකී ක‍්‍රම භාවිත කරන ප‍්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙකි Mark Williams’ මනෝ වෛද්‍යවරුන්ට හා මනෝ චිකිත්සකවරුන්ට මානසික ආතතිය සුවකිරීම පිණිස ඉහත කී ක‍්‍රම පෙන්වා දීමට පුරෝගාමී වූ ඇමරිකන් ජාතික භාවනා ගුරුවරයා Jon Kabat-zinn ය. මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ Center for Mindfulness in Medicine, Health Care, and Society බිහි කිරීමේ පුරෝගාමියා වූයේ ද මෙතුමා ය. 2002 වර්ෂයේදී පල කළ Mindfulness Based Cognitive Therapy for Depression කෘතිය රචනා කරන ලද්දේ ප‍්‍රකට මනෝ වෛද්‍යවරුන් තුන්දෙනෙක් වන Z. V. Segal, J. M. G. Williams, J. D. Teasdale විසිනි. මෙම කෘතියට පෙරවදනක් සපයා ඇති Jon Kabat-zinn පවසන්නේ සතිය (Mindfulness) බෞද්ධ භාවනා පුහුණුවේ හරය වන අතර එහි සාරය විශ්ව සාධාරණ වූවක් බවයි.

සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වශයෙන් සාරාංශ කෙරෙන සියලූම ධර්ම අධ්‍යාත්ම සංවර්ධනය, පෞරුෂ වර්ධනය, කුසල වර්ධනය ආදි වශයෙන් විස්තර කෙරෙන මනෝචිකිත්සාව උදෙසා යොදාගත හැකිය. සතර සතිපට්ඨානයෙන් ආරම්භ කෙරෙන, ආර්යෂ්ඨාංගික මාර්ගය පුහුණු කිරීමේ උපරිම අවස්ථාව දක්වා යොමුවන ඒකායන මාර්ගයක් වශයෙන් ඉහත කී බෝධිපාක්‍ෂික ධර්ම හැඳින්විය හැකිය. සතිපට්ඨාන සූත‍්‍රයේ දී ‘ඤායස්ස අධිගමාය’  වශයෙන් න්‍යාය හෙවත් මාර්ගය මැනවින් අවබෝධ කරගැනීම පිණිස සතිපට්ඨානය හෙවත් සිහිය පිහිටුවීම යොමුවන බව සඳහන් වේ. කාය, වේදනා, චිත්ත, ධම්ම (කායික සහ මානසික අත්දැකීම් පදනම් කරගත් ධර්මතා) පිළිබඳ මෙනෙහි කිරීම සතර සතිපට්ඨාන වශයෙන් සැකෙවින් හැඳින්විය හැකිය. මෙම පදනම සතර සම්‍යග්ප‍්‍රධාන වශයෙන් හැඳින්වෙන කුසල් වර්ධනය පිණිසත් අකුසලයන්ගෙන් දුරුවීම පිණිසත් කරන උත්සාහය ඔස්සේ දිගින් දිගටම වර්ධනය වේ. ඒ සඳහා සතර ඉද්ධිපාද වශයෙන් හැඳින්වෙන ඡුන්ද, චිත්ත, විරිය, වීමංස මනෝවිද්‍යාත්මක ශක්තියක් (psychic potency) ඇති කරවයි. ඉන්පසු අනුක‍්‍රමයෙන් පංච ඉන්ද්‍රිය වශයෙන් අධ්‍යාත්මික ගුණවගාව තවදුරටත් හැඩගැස්වීම පිණිස ගුණධර්ම පහක් හඳුන්වා දී තිබේ. එනම් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යනුවෙනි. සතිය මෙහිදී කේන්ද්‍ර කරගෙන සද්ධා, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණාංග අන්න්‍යෝන්‍ය පෝෂණය පිණිස, කිසිම ගුණාංගයක් අන්තයකට නොයන ලෙස මධ්‍යම ප‍්‍රතිපදාවක පිහිටා කි‍්‍රයාත්මකය. ඒ අනුව සද්ධා – පඤ්ඤා දෙකත්, විරිය – සමාධි දෙකත් එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් සතිය හරහා සකස් වෙයි. මෙකී ගුණාංග පහම පුහුණුව තුළින් අධ්‍යාත්මික පංච බලයන් බවට පත්වේ. මෙසේ ශක්තිමත් වන ගුණධර්ම සප්ත බොජ්ඣංග තුළ දී තව තවත් අධ්‍යාත්මික අභිවෘද්ධිය පිණිස නැඹුරු වෙයි. ආරම්භයේ සිටම බෝධිපාක්‍ෂික ධර්ම පුරා සටහන් වෙන ප‍්‍රධාන ගුණාංගය වන සතිය යළිත් බොජ්ඣංග ධර්මයන්ගේ පදනම සකස් කරයි. අනුක‍්‍රමිකව සිහිය දියුණු කිරීමෙන් පරික්‍ෂාකාරීබව (ධම්මවිචය) වැඩෙයි. මේ සඳහා යළිත් කුසල වර්ධනය හා අකුසලයෙන් ඈත්වීම අර්ථවත් කෙරෙන වීර්ය උපකාරී වෙයි. මේනිසා ලබන සාර්ථකත්වය පී‍්‍රතිය පිණිස යොමුවේ. පී‍්‍රතිය පස්සද්ධියට හෙවත් කායික මානසික නිවීමට හේතුවේ. මේ අත්දැකීම චිත්ත සමාධිය හෙවත් කුසල සිත් එක්සත් කරගැනීම පිණිස උපකාරී වෙයි. මෙසේ මානසික ශක්‍යතා වර්ධනය උපේක්‍ෂාව ඇතිකර ගැනීම පිණිස පදනම සකස් කරයි. උපේක්‍ෂාව (උපෙක්ඛා – උප  ඉක්ඛ – සමීපව දැකීමේ) යනු අන්තගාමී නොවී ගැඹුරින් සමීපව විනිවිද දැකීමේ නුවණයි. බොජ්ඣංග හත මගින් ලබන පුහුණුව තවදුරටත් මධ්‍යම ප‍්‍රතිපදාවේ ගැඹුරු හරය අත්දකින්නට හේතු වෙයි. ‘ඤායස්ස අධිගමාය’ යනුවෙන් ඉහත සඳහන් කළ න්‍යායට හෙවත් ක‍්‍රමවේදයට පිවිසීම නිවන් සාක්‍ෂාත් කිරීම පිණිස යොමුවන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම පුහුණුවේ උච්චතම අවස්ථාවක් ලෙස දැක්වේ.

මජ්ඣිම නිකායේ මහා චත්තාරීසක සූත‍්‍රයට අනුව සම්මා දිට්ඨි, සම්මා වායාම හා සම්මා සති යන අංග තුන ආර්ය මාර්ගයේ කි‍්‍රයාත්මක වන්නේ එකහා සමාන පුරෝගාමිත්වයකිනි.  උදාහරණ වශයෙන් සම්මා වාචා (යහපත් වචන) පුහුණු කිරීමේ දී එම අංගය සම්පූර්ණ වන්නේ ඉහත කී අංග තුනේ පුරෝගාමීත්වය ඇතිවමය. සතිපට්ඨාන සූත‍්‍රයේ දී ‘ආතාපි සම්පජානෝ සතිමා’  යනුවෙන් වීර්ය ඇති බව, දැනුමෙන් යුක්ත බව හා සිහි ඇති බව සතර සතිපට්ඨානය දියුණු කිරීම පිණිස අවශ්‍ය බව, ලෝකයෙහි දැඩි ලෝභය හා දොම්නස දුරුකර ගැනීම පිණිස බලපාන බව පැහැදිළිය. සත්ත බොජ්ඣංග තුළ දී ද මෙම අංග තුන මූලිකත්වයෙහිලා සලකා ඇති බව සති, ධම්මවිචය, විරිය යන බොජ්ඣංග තුන මූලිකව යොදා තිබීමෙන් පෙනේ.

දුකින් ජය ගැනීම ඇත්තේ දුක තුළ ම බව වටහාදෙන තවත් සූත‍්‍රයකි, සංයුත්ත නිකායේ උපනිසා සූත‍්‍රය.  එහිදී ‘දුක්ඛූපනිසා සද්ධා’ යනුවෙන් දුක පිළිබඳ අවබෝධය තුළින් ශ‍්‍රද්ධාව, විශ්වාසය ඇතිවන බවත් එය ධනාත්මක කි‍්‍රයාදාමයකට පදනම් වන ආකාරයත් පෙන්වා දී තිබේ. ශ‍්‍රද්ධාව ප‍්‍රමෝදයටත් ප‍්‍රීතියටත් නිවීමටත් සමාධියටත් ඤාණදස්සන පිණිසත් අවසාන වශයෙන් ආශ‍්‍රව ක්‍ෂය වීම පිණිසත් යොමුවන ආකාරය මෙම සූත‍්‍රයෙන් පැහැදිළි කෙරේ. දුක හඳුනාගැනීම තුළින් ලබන හැරවුම් ලක්‍ෂ්‍යය ශ‍්‍රද්ධාදි ගුණාංග ඔස්සේ මනෝචිකිත්සාවේ උච්චතම අවස්ථාව වන ආස‍්‍රව මුලිනුපුටා දැමීම දක්වා යොමු වී ඇති ආකාරය මෙහිදී පෙන්වා දී තිබේ.

දුක හඳුනාගැනීම තුළින්

ශ‍්‍රද්ධාදි ගුණාංග

 

 

 

 

 

 

 

 

 

 

 

තවදුරටත් මෙය පැහැදිලි කෙරෙන උපමාවක් සඳහන් කළ හැකිය. කුණු කසල වශයෙන් ඉවත ලන අපද්‍රව්‍ය කිසියම් ක‍්‍රමයකට පරිවර්තනය කොට කොම්පෝස්ට් පොහොර සකස් කර ගත හැකිය. පොහොර භාවිතයෙන් මල් ඵල සරුවන බව පැහැදිලිය. එපරිද්දෙන් ම ලෝභ, දෝස, මෝහාදි අකුසල ධර්ම මැනවින් තේරුම් ගන්නා විට, දුක වශයෙන් හැඳින්වෙන සියලූ ආවේග දැන හඳුනාගන්නා විට, එකී හඳුනාගැනීමම ඇගයිය යුතුය. මෙම ආකල්පය සතුට, නිවීම, සැනසීම ඇතිකරවන ධනාත්මක අත්දැකීම් උපදවයි. එවිට අභ්‍යන්තරගත අකුසල ධර්ම කෙරෙහි වෛර කිරීම නතර වේ. ඒ වෙනුවට හඳුනාගැනීම  හා හඳුනාගැනීමේ දැනුම ඇගයීමක් බවට පත්වේ. වෛද්‍ය විද්‍යාව තුළදීත් රෝග පිළිබඳ අධ්‍යයනය :ඡු්එයදකදටහ* වෛද්‍ය ශිෂ්‍යයින්ට අත්‍යවශ්‍ය පදනම සකස්කර දෙයි. එය ධනාත්මක චින්තන රටාවක ආරම්භයයි; ක‍්‍රියාදාමයයි. රෝග නිවාරණ කටයුතු සියල්ලෙහි ම පදනමයි.

අංගුත්තර නිකායේ එන ‘අරියවිරේචන’ ‘අරියවමන’ වැනි දේ්ශනා මගින් බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ ඇතැම්විට තිකිත්සකවරුන් දෙන ‘විරේචන’ බෙහෙත් මගින් රෝග සුව නොවන්නට ඉඩ ඇතත් උන්වහන්සේ දෙන ‘අරියවිරේචන’ හෝ ‘අරියවමන’ නොවරදින බවත් එමගින් අතිශයින් වැදගත් මනෝ චිකිත්සාවක් සිදු වී පුද්ගලයාගේ සසර දුක නිමාවන බවත් ය.

සිහිය පිහිටුවීම තමා විසින් ම මනෝචිකිත්සාවක් ඇතිකර ගැනීමේ ක‍්‍රියාදාමයක් බව ඉහත කී සියලූ කරුණු මගින් පැහැදිලි ය. දුකින් මිදීමට දුකට වෛර කිරීම නුසුදුසු බවත් දුක හඳුනා ගැනීම තුළ ම ඇගයිය හැකි අවබෝධයක් ඇතිකරගත හැකි බවත් පැහැදිලි ය. බුදු දහමේ හරය වටහා ගැනීම පිණිසත් ආර්ය මාර්ගයේ නියැලීම පිණිසත් සිහිය පිහිටුවීමේ ක‍්‍රම හා අරමුණු මෙන්ම ඉහත කී හැරවුම් ලක්‍ෂ්‍යයන් මැනවින් තේරුම් ගැනීම ඉතා වැදගත් ය. මෙකී ක‍්‍රමවේදයන් භාවිත කළ යුත්තේ කායික නිරෝගි බව පිණිස නොව මානසික සුව පහසුව පිණිස ය. මානසික සුවය අනිවාර්යයෙන් ම කායික සුවය පිණිස බලපාන බව නොරහසකි. සිහිය පිහිටුවීම මනෝචිකිත්සාව පිණිස යොමුකරගත හැකි ක‍්‍රම හා විධි විවිධ ය. මෙම සංක්‍ෂිප්ත ලිපියෙන් අපේක්‍ෂා කළේ සූත‍්‍ර දේශනා තුළින් මතු කෙරෙන නොයෙක් ආකාරයේ උදාහරණ සහ ක‍්‍රම වේදයන් තවදුරටත් සෙවීම පිණිස කිසියම් අත්වැලක් සපයා ද’මයි.

 

ආශි‍්‍රත ග‍්‍රන්‍ථ

මූලික ග‍්‍රන්‍ථ

එංගලන්තයේ පාලි පොත් සමාගමෙන් පලකරන ලද ඵ්වවයසප් භසනāහ් :ඵභ*ල ී්ṃහමඑඒ භසනāහ් :ීභ*ල ්ṅටමඑඒර් භසනāහ් :්භ*ග

පරිවර්තන හා ද්විතීයික ග‍්‍රන්‍ථ

්බāක්හදග 2003ග ී්එසච්ṭṭයāබ්ල එයැ ෘසරුජඑ ඡු්එය එද ඍැ්කස‘්එසදබග ණ්බාහථ ඊමාායසිඑ ඡුමඉකසජ්එසදබ ීදජසැඑහග

බණ්ඩාර, අශෝකා පද්මිනීx රත්නායක, සුමනx 2012x සතිපට්ඨාන බෞද්ධ භාවනාවේ හදවත (සිංහල පරිx* ී්එසච්ṭṭයāබ් –ඔයැ ්‍යැ්රඑ දෙ ඊමාායසිඑ ඵැාසඒඑසදබ ඉහ භහ්බ්චදබසන් ඔයැර්ග 1962ග මහනුවර : බෞද්ධ ග‍්‍රන්‍ථ ප‍්‍රකාශන සමිතියx

ඊයසනනයම ඊදායසග 1995ග ඔයැ ඵසාාකැ ඛැබටඑය ෘසිජදමරිැි දෙ එයැ ඊමාාය්ථ ් භැඅ ඔර්බික්එසදබ දෙ එයැ ඵ්වවයසප් භසනāහ්ග ඔර්බික්එැා ඉහ ඊයසනනයම චිāṇ්පදකස ්බා ඊයසනනයම ඊදායසග ණ්බාහථ ඊමාායසිඑ ඡුමඉකසජ්එසදබ ීදජසැඑහග

ඨැඑයසබල ඍ ඵ ඛග 2007 :ත්‍සරිඑ ීදමඑය ්ිස්බ ෑාසඑසදබ*ග  ඔයැ ඊමාායසිඑ ඡු්එය එද ්අ්නැබසබටග ධංදෙරාථ ධබැඅදරකාග

්‍යැබැචදක් ඨමබ්ර්ඒබ්ල ඪැබැර්ඉකැග 1991ග ඵසබාමෙකබැිි සබ ඡුක්සබ ෑබටකසියග ඊදිඑදබථ උසිාදප ඡුමඉකසජ්ජඑසදබිග

ණ්ඉ්එ-’සබබල න්‍දබග :1990*ල 1996ග ත්‍ඹඛඛ ක්‍්ඔ්ීඔඍධඡු්‍යෑ ඛෂඪෂභඨථ ්‍යදඅ එද ජදචැ අසඑය ිඑරුිිල ච්සබ ්බා සකකබැිි මිසබට පසබාමෙකබැිි පැාසඒඑසදබග ඛදබාදබථ ඡුස්එනමිග

ණම්බල ඔිැ-මෙග 2008ග ඵසබාමෙකබැිි සබ ෑ්රකහ ඊමාායසිපථ භැඅ ්චචරද්ජයැි ඔයරදමටය ඡුිහජයදකදටහ ්බා ඔැංඑම්ක ්බ්කහිසි දෙ ඡු්කසල ක්‍යසබැිැ ්බා ී්බිනරසඑ ීදමරජැිග ඛදබාදබ ්බා භැඅ ශදරනථ ඍදමඑකැාටැ ඔ්හකදර ්බා ත්‍ර්බජසි ඨරදමචග

චිāṇāබ්බා්ල ඊයසනනයමග1971ග ක්‍දබජැචඑ ්බා ඍැ්කසඑහග ණ්බාහථ ඊමාායසිඑ ඡුමඉකසජ්එසදබ ීදජසැඑහග

භය්එ ්‍ය්බයල ඔයසජයග :1976* 1983ග ඔයැ ඵසර්ජකැ දෙ ඊැසබට ්අ්නැථ ් ඵ්බම්ක දබ ඵැාසඒඑසදබ දෙර එයැ මිැ දෙ හදමබට  ්ජඑසඩසිඑිග ණ්බාහථ ඊමාායසිඑ ඡුමඉකසජ්එසදබ ීදජසැඑහග

භසිි්බන්ල ්‍ය ී ීග 2002ග ඊමාායසිඑ ඡුිහජයදඑයැර්චහග  ෘැයසඅ්ක්ථ ඊමාායසිඑ ක්‍මකඑමර්ක ක්‍ැබඑරුග

 

භමටැටදා්ල ෘ ඊග :2007* 2010ග ධඩැරජදපසබට ඡුිහජයදකදටසජ්ක ීඑරුිිග ීරස ඛ්බන්ථ ෘැච්රඑපැබඑ දෙ ක්‍දපපමබසඑහ ඵැාසජසබැල ඍ්ව්ර්ඒ ඹබසඩැරිසඑහග

භහ්බ්චදබසන් ඔයැර්ග 1962ග ඔයැ ්‍යැ්රඑ දෙ ඊමාායසිඑ ඵැාසඒඑසදබථ ් ය්බාඉදදන දෙ පැබඒක එර්සබසබට ඉ්ිැා දබ එයැ ඊමාාය්’ි අ්හ දෙ පසබාමෙකබැිිග ණ්බාහථ ඊමාායසිඑ ඡුමඉකසජ්එසදබ ීදජසැඑහග

________ග :1968* 1986ග ඔයැ ඡුදඇර දෙ ඵසබාමෙකබැිිථ ්බ ෂබුමසරහ සබඑද එයැ ීජදචැ දෙ ඊ්රු ්එඑැබඑසදබ ්බා එයැ ඡුරසබජසච්ක ීදමරජැි දෙ සඑි ීඑරුබටඑයග ණ්බාහථ ඊමාායසිඑ ඡුමඉකසජ්එසදබ ීදජසැඑහග

ඡුරුප්ිසරසල ඡු ෘග 2002ග ඵැාසඒඑසදබග ඊමාායසිඑ ෑබජහජකදච්ැාස් දෙ ඊමාායසිපග ඪදකමපැ ඪෂග ත්‍්ිජසජකැ 4ග  ක්‍දකදපඉදථ ඔයැ ෘැච්රඑපැබඑ දෙ ඊමාායසිඑ ්ෙේසරිල ඵසබසිඑරහ දෙ ඊමාාය්ිāි්බ්ග චච 660-668ග

ඍ්එබ්හ්න්ල ීමප්බ්ග 2003ග ්බ ෂබඑරදාමජඑසදබ එද ඊමාායසිඑ ඡුිහජයදකදටහ ්බා ඡුිහජයදඑයැ්චහග ීහපචදිසමප දබ ඊමාායසිඑ ීඑමාසැිල ඔඇබඑසැඑය ්බබසඩැරි්රහ ක්‍දපපැපදර්එසදබග ෑාග ඍ්යමක්ල ණදඒචසඑසහැග ඹණථ ඔය්පැි ඵැාසඒඑසදබ ීදජසැඑහග  චච 82 –111ග

ී්ප්ර්ර්එබැල ඨදාඅසබග :2005* 2007ග ඔයැ ඨැබඑකැ උ්හ දෙ ඊමාායසිඑ ඵැාසඒඑසදබථ ් ඍැ-චරුිැබඒඑසදබ දෙ ඨදාඅසබ’ි ඍැඑරු්එ ඔ්කනි සබ ්‍යදබට ණදබටල 1997ල ඉහ න්‍ැ්බබැ ඵහබදඑඑග ඡුැබ්බටථ ෂබඅ්රා ඡු්එයග

ීැට්කල ඪ ’සබාැකග උසකකස්පිල න්‍ ඵ්රන ඨග ඔැ්ිා්කැල න්‍දයබ ෘග 2002ග ඵසබාමෙකබැිි-ඊ්ිැා ක්‍දටබසඑසඩැ ඔයැර්චහ දෙර ෘැචරුිිසදබථ ් භැඅ ්චචරද්ජය එද ඡුරුඩැබඑසබට ඍැක්චිැග භැඅ ශදරනග ඛදබාදබථ ඔයැ ඨමසකදෙරා ඡුරුිිග

උැඑඑසපමබහල ඍගඨගාැගීග :1978* 1998ග ඔයැ ඊමාාය්’ි ඔැ්ජයසබට ්බා එයැ ්පඉසටමසඑහ දෙ ෑංසිඑැබජැග ත්‍ැකසං ඡුරසබඑැරි ඛඑාග

 

ක්‍්ිිැඑඑැි

 

ඔයසජය භය්එ ්‍ය්බයග 1998ග ඵසබාමෙකබැිි ්බා ඡුිහජයදඑයැර්චහග උදරනසබට අසඑය ්බටැර ්බා  භදමරසියසබට ෂබබැර ඡුැ්ජැ ෑ්ජය ්බා ෑඩැරහ ෘ්හ – ෑිචැජස්කකහ දෙර ඡුිහජයදඑයැර්චසිඑිග ඔ්චැ 1 ්බා 2ග ක්‍දකදර්ාදථ ීදමබාි ඔරමැග

 

ආන්තික සටහන්

Add a Comment

Your email address will not be published. Required fields are marked *