Home » බුදු දහම » ධර්මය » විදු ඇසට හසු නොවූ විශ්වයේ සැගවුණු අභිරහස් ත්‍රිපිටකය ඇසුරින් (තුන්වන කොටස)
flex_buddha

විදු ඇසට හසු නොවූ විශ්වයේ සැගවුණු අභිරහස් ත්‍රිපිටකය ඇසුරින් (තුන්වන කොටස)

පසුගිය කලාපයන්ගේ පලවූ ලිපි වල සාකච්ඡා කරපු දේවල් තව දුරටත් විද්‍යාත්මක පදනමක ඉදන් සකච්ඡා කිරීම තමයි මේ ලිපියේ අරමුණ වන්නේ.  පසුගිය ලිපිය මෙතනින් කියවන්න

එතකොට අපි පාසල් කාලයේ සිට හදාරපු විද්‍යාව ලෙස හඳුන්වන්නේ කුමක්ද කියා දැන ගැනීම වටිනවා.මම මේ ප්‍රශ්නයට ලෝකයේ පිළිගත් වෙබ් අඩවියක්වන —Wikipedia˜ හි නම් කර ඇති අර්ථය ගන්නම්. සාමාන්‍යයෙන් එම වෙබ් අඩවිය ලෝකයේ අනෙකුත් පොත් පත් හා දැනුම මගින් නිතර තම කරුණු වෙනස් කරන බව පෙනෙන්න තියන කාරනාවක් .ඒ නිසා මේ කාලයේ පිළිගත හැකි හොඳම අර්ථය එය ලෙස නම් කිරීමේ වරදක් නෑ.  මම මුලින්ම එහි ඇති ඉංග්‍රීසි අර්ථය දක්වන්නම්.

 “Science is a systematic enterprise that creates, builds and  organizes knowledge in the form of testable explanations and   predictions about the universe

                                                https://en.wikipedia.org/wiki/Science

මේ අර්ථ දැක්වීම අනුව විද්‍යාව යනු යම්  පරීක්‍ෂණ , නීරීක්‍ෂණ මගින්  ක්‍රමානුකූල කරන නිගමන,අර්ථ දැක්වීම අනුව විශ්වය පිලිබඳ දැනුම කියල කියන්න පුලුවන් .

මේ අකාරයට විද්‍යාව පරීක්‍ෂණ කල හැකි ආකාර සහ කරන නිගමන අනුව විවිධ බෙදීම කර තිබනවා .

The_Scientific_Universe

ඉහත දැක්වෙන රූපයේ වම් පස කෙලවරෙන් දැක් වෙන්නේ විශ්වයේ ඇති කුඩාබව සහ විශාල බවයි .

විශාල බව අංක වලින් කිව්වොත්, 1,000,000,000,000,000,000,000,000,000 මිටර් පමණ විද්‍යාවේ නිරීක්ෂණය කර තිබනවා . ඒ වගේම කුඩාම අංශුව ගැන හිතුවොත් මීටරයට මිලිමීටර් 1000 ක් තියනවා . හිතන්න මේ මිලිමීටරය තවත් කුඩා කොටස් 1000,000,000 වලට බෙදුවොත් . මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි විද්‍යාවෙන් නිරීක්‍ෂණය කරලා තියෙන්නේ .    මේ අගයන්ට එහා ලෝකය ගැන තියෙන්නේ ගණන් හදල ඔප්පු කරපු දේවල් සහ තර්ක වාද මත පදනම්ව ගොඩ නගපු විවිධාකාර මත සහ නිගමන . අපි කතාවට කිව්වොත් මහා පිපුරුම් වාදය සහ —String Theory˜කියන්නේ මේ ආකාරයට ගොඩ නගපු මතවාදයි .

බුදුරජාණන්වහසේගේ අනාවරණක් ඥාණයට තුලින් කරපු දේශනා තියනවා, මේ විද්‍යාවේ සියලු මාන වලින් ඔබ්බට විශ්වය ගැන ප්‍රත්‍යක්ෂ ලෙස කරපු පැහැදිලි කිරීම් . මේ ලිපි පෙළෙන් මෙතෙක් දුරට විග්‍රහ කලේ මේ කියන කාරනාව පැහැදිලි කිරීමක් .

ඒ අනුව ගිය ලිපි පෙලෙන් අපි කතා කලා  මිනිසුන් ගේ සිතුවිලි අනුව ශරීරයෙන් පිටවන ආලෝකය ගැනයි. මේ පිටවන අලෝකය නිරීක්‍ෂණය කලහැකි ආකාරයේ උපකරණ ලෝකයේ නිපදවා තියනවා . ඒ කැමරාව — AURA CAM˜ ලෙස නම් කර තියනවා. මේ උපකරණය දැන් ලංකාවෙත් තියනවා. ඕනෑම කෙනෙකුට ගිහිල්ලා තමාගේ අත ඒ උපකරණය උඩින් තියලා එහි තියන පරිඝණක තිරයෙන් තමන්ගේ ශරීරයෙන් පිටවන කිරන නිරීක්ෂණය කරන්න පුලුවන් . මේ කිරණ සටහන පෙන්නුම් කරන්නේ යෝගවලදී කතාකරන චක්‍ර හත අනුරූපවයි . ඒ කියන්නේ පරිඝනකයේ පෙන්නන ඒ රූප නිරීක්‍ෂණය කරපුවහම මේ  චක්‍ර හත පිහිටි ස්ථානවල පැහැදිලි වෙනසක් දකින්න පුලුවන්.

පසු ගිය ලිපි වලදී පෙන්වා දුන්නා මිනිස් චරිත ස්වභාවයන් මූලිකව සය ආකාරයක් බව, එනම් ලෝභ,ද්වේශ,මෝහ චරිත අලෝභ,අද්වේශ,අමෝහ චරිත ලෙසයි.

ලෝභ මූලික චරිත කියන්නේ ලෝභ ගති වැඩි කෙනා . අපි කතාවට කියන්නේ සමහර මිනිස්සුන්ට මෙයා නම් ලෝභයා කියල ඒ වගේ තමයි . සමහර අයට අපි කියනවා මෙයා නම් ගිනි බෝලයක් කියලා . ඒ කියන්නේ ද්වේශ චරිතයක් . මේ විදිහට ටිකක් කල්පනා කලොත් තම තමන් මොන වගේ චරිතයක්ද කියල දැන ගන්න පුලුවන් . ලගින්ම කෙනාගෙන් ඇහුවනම් හරියටම කියයි . මොකද අපේ චරිත ලක්‍ෂණ වලින් තමන්ට පස්සෙ ගොඩක් කරදර තමා ලඟින්ම ඉන්න කෙනාටනෙ.

ඉතින් මේ විදිහට ලෝභ චරිතයක් තියන කෙනා ගිහිල්ලා තමාගෙ ඕරා රටාව බැලුවොත් කහ පාට ගතිය වැඩියෙන් දකින්න පුලුවන් . හැබැයි එයාට උනත් තරහ යන මොහොතේදී ඕරා රටාවේ වර්ණය රතු පාට වෙනවා. සදාකාලික ලෝකයක් පවතිනවා වගේ නිවනට සාපේක්ෂව මෝඩ දෙයක් හිතුවොත් වර්ණය නිල් පාට වෙනවා.  මේ කිරණ රටා වල  ඇති වර්ණය තව දුරටත් විස්තරාත්මකව බැලුවොත්

කහ වර්ණය = ලෝභ

රතු වර්ණය = ද්වේෂය

නිල් වර්ණය = මෝහය

කළු – සියලු වර්ණයන්ගේ එකතුව

සුදු  – අලෝභ , අද්වේෂ සහ අමෝහ කියන්න පුලුවන

කලින්  පෙන්නපු වර්ණවලින් කියවෙන ඕරා රටා  එක්ක කෙනෙකුට අයත් චරිත ලක්ෂණ කියන්න පුලුවන් . හරියට සාස්තර කියනවා වගේ. ඒ වගේම ප්‍රබල ඕරා රටාවක් තියන කෙනෙක් සහ සාමාන්‍ය ඕරා තියන කෙනෙකුත් එක ලඟින් හිටියහම ප්‍රබල කෙනාගෙ රටාවෙන් අනෙකාට බල පෑමක් තියනවා . ඒ නිසා තමයි අත දිගු කරල ආශිර්වාද කරන්නෙ . මේ කරුණු නිරීක්ෂණය කරන්න පුලුවන් විද්‍යාත්මක කරුණු . ඒ කියන්නෙ    ආගම් ජාති බේදයකින් තොරව කාටත් පොදුයි.

විවිධ ආගම් වලත් ආශිර්වාද කරන විට අත් විහිදවා ආශිර්වාද කිරීම දක්නට ලැබෙනවා. ඒ කියන්නෙ එසේ ආශිර්වාදය කිරීම විද්‍යාත්මකයි.

ගිය වර ලිපියෙනුත් අපි කතා කලා ගස් කොලන් වලටත් ඒ වගේම ගල් වැනි ද්‍රව්‍ය වලට ඕරා රටා තියන බව . ඒ රටා හැදෙනනේ ඒ දේවල් හිතන හින්දා නම් නෙවෙයි . ඒ පිටවෙන්නේ ඒ දේවල් හැදීමට මූලික වූ ශක්ති විශේෂ. ඒ ශක්තියන් ලැබුනේ කොහොමද කියන කාරණාව මේ ලිපි පෙලේ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතයි .

මේ ගස් ගල් වල තියන ඕරා රටා වලට අපේ තියන ඕරා රටාවට බලපෑමක් එල්ල කරන්න පුලුවන්.  ඒක තමයි ඉස්සර අපිට කියන්නෙ මේ අපලයට මේ ගස් හොඳයි. මේ අපලයට මේ ගල් දාගන්න කියලා .

මේ දේවල් අපේ සමහර අය මෝඩ ගැමි සංකල්ප ලෙස විස්තර කලාට. අද නූතන ලෝකයේ මේ ක්‍රම විද්‍යාත්මකව භාවිතා කරනවා. භාවිතා කරන ආකරය ගැන පොඩි විස්තරයක්  කලොත් . කෙනෙක් ඕරා රටාව පරිඝනක තිරයෙන් බලන් ඉන්න ගමන් විවිධාකාර පාෂාණ අතට දෙනවා . මේ අතට ගන්නා පාෂාණ  අනුව සුදු වර්ණයට ඉතාම ලඟ ඕරා වර්ණය ලැබෙන පාෂාණයෙන් කොටසක් අරගෙන ඒකෙන් යම් කිසි ආභරණයක් නිර්මාණය කරලා පළඳිනවා.  එතකොට තමන්ගේ වටා පිහිටන කිරණ ධාරාව යහපත් වෙනවා. එතකොට යහපත් ප්‍රතිඵල ලැබෙනවා .

ඒ එක්කම පසුගිය ලිපිවලදී අපි විස්තර කලා අනන්තර ප්‍රත්‍යය සහ සමනන්තරප්‍රත්‍යය කියල එකක්. මේ කාරණාව තමයි මම කලින් කාරණාව සමග විස්තර කලේ බාහිර දේවල් වලින් අපේ ඕරා මණ්ඩලය වෙනස්  කරන්න පුලුවන් කියලා.අපේ ඕරා මණ්ඩලය සුදු බවට පත් කරගත්තොත් අපි කරා  සුදු කිරණ ඇඳිලා ඒමේ හැකියාව ඇති වෙනවා. අපි නිතර ලෝභ  ද්වේශමෝහයෙන් නම් ඉන්නේ එතකොට කළු කිරණ ඇඳිල එනවා . කළු සුදු කිරණ ඇඳිල එන්නෙ කොහෙන්ද කියන එක හැමෝටම හිතිල ඇති. කොහේ තිබිලද මේවා එන්නෙ.   ඉදිරි ලිපි වලදී  මේ කාරණාව පැහැදිලි කරලා දෙන්නම් .  දැනට කෙටියෙන් කිව්වොත් තම තමන් අනන්ත සංසාරයේදී කරපු දේවල්ම තමයි එහෙම ඇදිලා එන්නෙ . මේ කාරණාව අනුව අන් අන්තර ප්‍රත්‍යය සහ සම අන්තර ප්‍රත්‍යය කියන කාරණාව තේරුම් ගන්න පුලුවන් —Bluetooth˜ කියන තාක්ෂණය මගින්. අපි ජංගම දුරකථන දෙකක් අතර දත්ත හුවමාරු කර ගැනීමට මේ තාක්ෂණය භාවිතා කරනවා.

Bluetooth-dispositivos

මෙහිදී සිදුවන්නේ තමන් සතු දුරකථනයේ ඇති —Bluetooth˜ පද්ධතිය ක්‍රියා කිරීමෙන් බාහිරව එම සංඛ්‍යාතය ඇති කෙනෙකු සමග දත්ත හුවමාරුව ආරම්භ කල හැකී . මේ හරියටම බැලුවොත් අන් අන්තරය ලෙස තමාගේ දුරකථනයේ —Bluetooth˜  පද්ධතිය ක්‍රියා කරවීමත් අන් අන්තරය ලෙස අනෙක් දුරකථනයත් එක්ක සුසර වීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ පුලුවන්. මේ කියන අන් අන්තර ප්‍රත්‍යය සහ සම අන් අන්තර ප්‍රත්‍යය අපි මුලින් කතාකරපු හේතු ප්‍රත්‍යය වගේම  සූවිසි ප්‍රත්‍යය වලින් තවත් ප්‍රත්‍යය දෙකක් . මේ සූවිසි ප්‍රත්‍යය වලින් විස්තරාත්මකව පෙන්වා දෙන්නේ ලෝකය පවතින, ක්‍රියාත්මක වෙන ආකාර 24 කි . මේ විස්තරය අඩංගු වෙන්නේ පට්ඨානප්‍රකරණය කියන ත්‍රිපිටක ග්‍රන්ථයේ.

මම හිතනවා මේ මොහොත වෙද්දී පහුගිය ලිපිවල තියන කාරණාත් එක්ක මිනිසා හිතන හිතන ආකාරයට ආලෝකයක් ශරීරයෙන් පිටවන බවත් මේ ආලෝකය ශරීරය වටා පිහිටන බවත්. මේ පිටවන ආලෝකය හිතන සිතුවිලිවලට අනුරූප බවත් පැහැදිලි ඇති කියලත් .

අපි දැන් මෙතනින් ඉදිරියට මේ ගැන කතා කරන්න පටන් ගමු . මුලින්ම බලමු පිටවෙන්නෙ ආලෝකය නම් මේ ආලෝකය කියන්නේ මොකද්ද කියලා

ආලෝකය කියන්නේ තරංගයක්. අපි විද්‍යාවේදී කතා කරනවා  තරංග කියල ජාතියක් ගැන. ඇත්තටම  තරංග කියන්නෙ එක තැනක ඉදං තව තැනකට ශක්තිය ගමන් කරන විදිහකටයි . මේ ශක්තිය ගමන් කරන්නෙ අපි ශ්‍රමදාන වලදි එහෙම තාච්චි අතින් අත අරන් යනවා වගේ . එකිනෙක ලඟින් තියෙන අංශු කම්පනය වෙලා ශක්තිය ඉස්සරට ඉස්සරහට යනවා . නිකන් හිතන්න මිනිස්සු අංශු කියලා , තාච්චිය ශක්තිය කියල  එතකොට වැඬේ හරියටම තේරෙනවා . මේ ශක්තිය අරගෙන යන වේගයට කියනවා සංඛ්‍යාතය කියලා .   ඒවගේම  තත්පරයකට කම්පන කියල කියන්නත් පුලුවන්   . හරියට  තත්පරයට අරගෙනගිය තාච්චි ගාන වගෙයි . සංඛ්‍යාතය එක්ක තරංගයේ තියන ශක්තිය තීරණය කරන්න පුලුවන් . ආලෝකය කියන තරංගය ඉරේ ඉඳලා අපි ගාවට එන්නෙ විද්‍යුත් චුම්බක තරංග කම්පන ආධාරයෙන් .   ඉතින් එද්දි ගේන ශක්ති ප්‍රමානය අනුවත්   සංඛ්‍යාතය අනුවත්  ඒවා විවිධ නම්වලින් හඳුන්වන්න පුලුවන්. කොටින්ම කිව්වොත් විවිධ පාට තියෙන්නෙ විවිධ සංඛ්‍යාත නිසයි. මේ කාරණා වලින් ආලෝකය කියන්නේ ශක්තිය ගබඩා වෙච්ච තරංග විශේෂයක් කියල හිතාගත්තහම හොඳටම ඇති.

මේ කාරණාව කතාවට පමණක්ම විශ්වාස කරන්නේ නැතිව අපි තව දුරටත් විස්තරාත්මකව ඊළඟ ලිපියෙන් බලමු .

Add a Comment

Your email address will not be published. Required fields are marked *