Home » පුරාවිද්‍යාව » සිංහලයන්ට අපහාස කළ ගිරි නිගණ්ඨයා පළවාහැර, වගම්බා රජු කරවූ අභයගිරි මහා සෑය
1_Abhayagiri

සිංහලයන්ට අපහාස කළ ගිරි නිගණ්ඨයා පළවාහැර, වගම්බා රජු කරවූ අභයගිරි මහා සෑය

මහින්දාගමනයත්  සමගම ශ්‍රී ලංකාව තුළ ආර්ථික, සමාජීය, සංස්කෘතික මෙන්ම ආගමික විප්ලවයක් සිදුවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. දෙවන පෑතිස් රජු දවස ශ්‍රී ලංකාවේ බුදු දහම පිහිටුවීමත් සමගම මෙරට ප්‍රථම බෞද්ධාගමික නඟරය වූයේ අනුරාධපුරයයි. එහෙයින් අනුරාධපුර නගරයේ පූජනීය ආගමික ස්ථානවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දීපවංශය, මහා වංශය, සමන්ත පාසාදිකාවේ සඳහන් වන අන්දමට මිහිදු හිමියන් විසින් නම්කල ආගමික ස්ථාන අටක් පිළිබඳව සඳහන් වේ. නමුත් ඒවා වර්තමානයේ අටමස්ථාන ලෙස හඳුන්වන ස්ථාන නොවන අතර පසුකාලීනව අටමස්ථාන ලෙස ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, ථූපාරාමය, මිරිසවැටිය, රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ලංකාරාමය හා ජේතවනය හඳුන්වනු ලැබේ.

abhayagiriya-stupa-overview-hdr

මහාවංශයේ සඳහන්වන අන්දමට ද්‍රවිඩ ආක්‍රමණයන්ගෙන් බේරීමට බළගම්බා පලායන අවස්ථාවේ අභය ගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලායයි යනුවෙන් අපහාස කල බවත්, පසුව වසර 14ට පසු පැමිණි වලගම්බා රජු එම ස්ථානයේ පිහිටි නිගන්ඨ දේවාලය කඩාදමා මහා සෑයක් කරවූ බවත් එය අභයගිරිය වන බවත් සඳහන්වේ. එසේම එය තමන්ට උපකාර කළ කුප්පිකල තිස්ස හිමියන්ට පූජාකල අතර එමගින් සංඝ භේදයක් ඇතිවූ බවත් මහාවංශයේ සඳහන් වේ. නමුත් වලගම්බා රජ දවස බොහෝ සෙයින් පුද සත්කාර රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්තේ අභයගිරිය විහාරයටය.
ක්‍රිස්තු පූර්ව පළමු සියවසයේ වළගම්බා රජු කරවූ මෙම විහාරය එකොලොස්වන සියවසය දක්වාම හොඳින් ක්‍රියාත්මක වූ බව සඳහන් වේ. එහි ශාඛා ආරාම විදේශ රටවලද පැවති බවට නිදසුන් ජාවා රටෙහි පවතී. අභයගිරිය සිංහ භික්ෂූන්ගේ ආරාමය. නම් සංස්කෘත ශිලා ලිපියක් එහිදී හමු වී ඇත. එසේම මෙය පැරණි ඉන්දියාවේ පැවති නාලන්ද, වික්‍රමශිලා වැනි බෞද්ධ ආරාධිත විශ්ව විද්‍යාල ගනයට ඇතුලත් කළ හැකිය.
ගුණවර්ධන නම් කාශ්මීර රජතුමා, පාහින් වැනි චීන ජාතික භික්ෂූන් ඇතුළු විදේශීය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණ ඇත. පාහියන් හිමියන්ගේ සටහන්වලට අනුව 5වන සියවස වන විට මෙහි භික්ෂූන් වහන්සේලා 5000ක් පමණ වැඩසිටි බවට සඳහන් වේ.

OeZ8yuGhLGs4C50XW4qb8owTty44R120140309124606

ඇතුලු නුවරට උතුරින් පිහිටි බැවින් මෙය උත්තර මහා චෛත්‍ය්‍ය ලෙසද හැඳින්වේ. වලගම්බා රජ කරවූ මේ ස්තූපයට ගජබාහු රජතුමා සතර දිශාවේ ආදිමුඛ නම් වූ අංගයක් සාදා ඇත. කණ්ට්ථතිස්ස රජතුමා එම ආදිමුඛ වැඩි දියුණු කර වාහල්කඩ කරවූ බවත්, මහා පැරකුම්බා රජ ඒවා පිලිසකර කළ බවත් සඳහන් වේ. සතර මූලයකින් වටවූ අභයගිරිය ගොඩනැගිලි 5කින් යුක්ත වේ. ඒවා පුරාණයේ පිරිවෙන, ප්‍රාසාද, ආරාම, කුඩා දාන ශාලාවක් හා ජන්තාසරයකින් සමන්විතවේ. ජන්තාසරය යනු භික්ෂූන්වහන්සේලාගේ ශරීර සුවතාවය සඳහා ජලය උණුකර ස්නානය සඳහා යොදාගත් ස්ථානයකි. එවැනි ස්ථාන වීනයේද ඇති අතර දෙරට අතර මහා සබැඳියාවක් මෙම කාලයේ සිට පැවත එන්නට ඇතැයිද අනුමාන කල හැක. අභයගිරිය නිර්මාණය කර ඇති ස්ථානය අටමස්ථාන නැතිනම් සොළොස්මස්ථාන වලට අයත්වන අතර බුදුරදුන්ගේ පාදස්පර්ශයෙන් පහස ලද ස්ථානයක් ලෙසද හඳුන්වනු ලැබේ. අභයගිරිය විහාරය උසින් අඩි 400කින් යුක්ත වන අතර පහළ පේසාවේ විශ්කම්භය මීටර් 120කි. දාන ශාලාවේ ඇති අඩි 19ක දිග බත් ඔරුවේ පාත්‍රා 5000ක ධාරිතාවයක් ඇත. පසෙකින් ඇති කුඩා ඔරුව ව්‍යාංජන සඳහාය. පසෙකින් පාත්‍රා වියලීම සඳහා ගල් විලක් ඇත. සූර්යාලෝකයෙන් වේලාව දැක්වූ හෝරා තැටියක්ද හමු වී ඇත.

31b63ac75f159fb6de8a85486da94c1e

එත්න ප්‍රාසාදය යනු අභයගිරියේ පෝය ගෙයයි. එය දිව්‍ය විමානයක් බඳුවූ බව 5 වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ. ස්තූපයේ දකුණු දොරටුවේ සංඛ පද්ම රූප සහිත මුරගල් මගින් කුවේර සංකල්පය දක්වයි. එසේම ලංකාවේ දක්නට ලැබෙන කලාත්මකම සඳකඩ පහන දක්නට ලැබෙන්නේ මෙයටම යාබද ගොඩනැගිල්ලකය.

moonstone

ශ්‍රී ලංකාවට දළඳාව වැඩමවන අවධියේ එනම් 4 වන සියවසයේදී කිත්සිරිමෙවන් රජු දවස, දළඳාවේ භාරකාරත්වය හිමිවූයේ අභයගිරියේ පැරණිතම භික්ෂු කණ්ඩායම වූ උත්තර මූලයටය. අනුරාධපුර යුගයේදී පෙරහැර පැවැත්වූයේද ඇතුළු නුවර සිට අභයගිරි විහාරය දක්වාය. අභයගිරි විහාරය බුදුදහම පවතින තුරාවට විරාජමානව පැවරීවායි සකල බෞද්ධයින්ගේ ඒකායන ප්‍රාර්ථනාවද වේ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *