Home » බුදු දහම » වත්මන් බෞද්ධ ලෝකයේ පුදුම 7
Capture copy

වත්මන් බෞද්ධ ලෝකයේ පුදුම 7

Bettany Hughes බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාස ගවේෂිකාවක් ලෙස ලොව ප්‍රසිද්ධියට පත්වූ කාන්තාවක්. ලොව ප්‍රධාන පෙලේ නාලිකාවන් වන Discovery Channel, ITV, BBC වැනි රූපවාහිනි නාලිකාවන් වෙනුවෙන් ඉතිහාස වැඩසටහන් රැසක් ඇය විසින් නිර්මාණය කර ඇත. මේ අතරින් BBC 2 නාලිකාව වෙනුවෙන් නිර්මාණය කළ 7 wonders of the Buddhist World නම් වැඩ සටහනින් ඇය නම් කළ බෞද්ධ ලෝකයේ පුදුම 7 ලොව ජනප්රියත්වයට පත්වූ වැඩසටහනක්. මෙහි ථේරවාද, මහායාන හා සෙන් බුදු දහමට අයත් වන ඉපැරණි මෙන්ම නවීන බෞද්ධ සිද්ධස්ථානද ඇතුලත්ව තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැක.
බුද්ධගයා විහාරය – ඉන්දියාව
z_p22-senanigama1
ශ්රීධ මහා බෝධීන් වහන්සේ අභිමුවේ දී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණි ස්ථානය බුද්ධගයාවයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් සිදුවු පූජනීය ස්ථාන හතරින් එක් ස්ථානයක් ලෙස මෙය හැදින්වෙනවා. මෙහි මුල්ම විහාරය ඉදිකර ඇත්තේ අශෝක අධිරාජයා විසින් ක්රිල.පු 3වන සියවසේ දීයි. දැන් පවතින ආකාරයට විහාරය ඉදිකිරීම් සිදුකර ඇත්තේ ක්රි .පු 7වන සියවසේ ගුප්ත රජවරුන් විසින්ය. මෙම විහාර භූමියට බුදුරජාණන් වහන්සේ සත් සතිය ගතකල ස්ථාන 7ත් ඇතුලත්ය. 2002 වර්ෂයේ දී යුනෙස්කෝව විසින් බුද්ධගයා විහාරය ලෝක උරුමයක් ලෙස ප්රුකාශයට පත්කර ඇත.

බෝධිනාත් ස්ථුපය – නේපාලය
99c72e0cf5e229553fdac385111adf54
බෝධිනාත් ස්ථුපය කත්මණ්ඩු නුවර බෝධා නම් ප්රේදේශයේ පිහිටා තිබෙනවා. මෙය නේපාලයේ විශාලම ස්ථුපය වගේම ටිබෙට් රටෙන් පිටත පිහිටා ඇති පූජනීයම ටිබෙට් විහාරයයි. මීටර් 36 උසින් යුක්ත වන මෙම ස්ථූපය ක්රිට.පු 14වන සියවසේ දී පමණ ඉදිකරන ලද බවයි සැලකෙන්නේ. 1959 දී චීනය විසින් ටිබෙටය ආක්ර‍මණය කිරීමෙන් පසු ටිබෙට් බුදු දහමේ වැදගතම ස්ථානය වුයේ මෙයයි. මෙම ස්ථුපයේ විශේෂත්වයක් වන්නේ ස්ථුපයේ ඉහල කොටසේ හතර දිශාවටම බුදුරජාණන් වහන්සේගේ නේත්රාථ යුගලයන් දක්වා තිබීමයි. අදවන විටත් ටිබෙට් බෞද්ධයන් විශාල වශයෙන් මෙම ස්ථානයේ වන්දනා කිරීමට හා භවනා කිරීමට පැමිණෙයි.

දළදා මාලිගාව – ශ්‍රී ලංකාව
kandy-668x362
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස හඳුන්වන බුදුරාජාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මහනුවර ශ්රීර දළදා මාලිගාවේය. රන්, රදී සහ ඇත්දළ වලින් නිම කරන ලද ද්වාර වලින් ආවරණය වී ස්වර්ණමය කරඩු 7ක් තුල, “වැඩසිටින මාලිගාව’‘ නම් කුටියේ ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කොට තිබෙනවා. දළදා මාලිගාව පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් ගොඩනගන ලද්දක්. යුනෙස්කෝව විසින් වර්ෂ 1988 දී දළදා මාලියාව සහ මහනුවර නගරය ලෝක උරුමයක් ලෙස ප්රෙකාශයට පත්කර ඇත.

වත් පෝ විහාරය – තායිලන්තය
wat_pho1
වත් පෝ විහාරය බැංකෝක් නුවර ඇති පැරණිම හා විශාලතම බෞද්ධ විහාරයයි. මෙහි තායිලන්තයේ විශාලම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඉදිකර තිබෙනවා. මෙම සැතපෙන බුද්ධ ප්‍රතිමාව මීටර් 46ක් දිගින් යුක්තයි.

අන්ග්කෝර් වත් විහාරය – කාම්බෝජියාව
Angkor-Wat-1
අන්ග්කෝර් වත් විහාරය අග්නිදිග ආසියාවේ ඇති විශාලතම හා පැරණිම විහාරයක්. ක්රිධ.ව 802 -1220 අතර ඛමර් යුගයේදී මෙය ඉදිකර ඇත. 1970 -1980 වර්ෂවල ඇති වු සිවිල් යුද්ධය නිසා මෙම විහාරයට හානි සිදුවුවත් වාසනාවකට ඒවා එතරම් විශාල හානි නොවීය. 1992 වර්ෂයේ දී යුනිස්කෝව විසින් මෙම විහාරය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. අද වන විට මෙම විහාරය නැරඹීමට වසරකට 600 000 පමණ සංචාරකයින් පැමිණෙන බව සදහන්.

පෝ ලින් බුද්ධ ප්‍රතිමාව – හොංග් කොංග්
182649_5cab562a2eece63346294089b18dde29_large
කුඩා විහාරයක් ලෙස 1924 දි ගොඩනගන ලද පෝ ලින් විහාරය වසර කීපයකින් පසු විවිධ කොටස් එකතුවී වර්ධනය විය. පසුව එහි එදිවු විශාල ලෝකඩ බුද්ධ ප්රිතිමාව නිසා වඩාත් වැදගත් ස්ථානයක් බවට පත්විය. මේ විශාල හිදි පිළිමය මීටර් 34ක් උසින් යුතුවන අතර ටොන් 250ක් බරින් යුක්තය. මෙය නිර්මාණය කිරීම සදහා වසර 10ක් ගතවී ඇත. 1993 දෙසැම්බර් මාසයේ දී මෙම ප්රුතිමාව බෞද්ධයන් සදහා විවෘත කරන ලදී. හොංග් කොංග් බුදු දහමේ වැදගත්ම ස්ථානය ලෙස හදුන්වනවා.

සී ලායි විහාරය – ලෝස් ඇන්ජලීස්
intCY
සී ලායි විහාරය ලොස් ඇන්ජලීස් හි පිහිටි විශාලතම චීන බෞද්ධ විහාරයයි. අක්කර 15ක් පුරා පැතිරී ඇති මෙම විහාරය සෙන් බුදු දහම ඇතුලු චීන බෞද්ධ දර්ශනයන් ඉගැන්වෙන ස්ථානයක්. මෙම විහාරය 1978 දී ඉදිකිරීම් ආරම්භකර 1988 දී නිමකර ඇත. මෙම විහාරයේ වැදගත්ම ගොඩනැගිල්ල වන්නේ ශාක්‍ය මුනිදුන් වෙනුවෙන් ඉදිකල සිද්ධස්ථානයයි. එය ඉදිරිපිට විශාල බුද්ධ ප්‍රතිමා තුනක් ඉදිකර තිබෙනවා. චීන බෞද්ධ සම්ප්‍රදාය අනුව එයින් මැද ඉදිකර තිබෙන්නේ ශාක්‍ය මුනිදුන්ගේ ප්‍රතිමාවත්, වම් පසින් අමිතාබා බුද්ධ ප්‍රතිමාවත්, දකුණු පසින් වෛද්‍ය බුද්ධ ප්‍රතිමාවත් ය.

Srilife.lk වෙතින්

Add a Comment

Your email address will not be published. Required fields are marked *