Home » විවිධ » කේන්ද්‍රයේ රාශි දොළසට අදාල සංකේත නිර්මාණය වූ අයුරු
Watch-Guide-to-suit-your-Zodiac-Sign-Mast-Image

කේන්ද්‍රයේ රාශි දොළසට අදාල සංකේත නිර්මාණය වූ අයුරු

කේන‍ද්‍රය පදනම් කොට පුද්ගල චර්යාවන් විග්‍රහ කිරීමේදී එහි පවතින භාවයන් දොළස රාශි වලින් හඳුන්වන අතර සෑම රාශියක්ම සම්බන‍්ධවන කාලපුරුෂයාට අයත් අවයව එක් එක් රාශිය මගින් හඳුන්වා දෙනු ලැබේ.
රාශිය                                  කාලපුරුෂයාගේ අවයව
මේෂ                                      හිස
වෘෂභ                                  මුහුණ
මිථුන                                   උරහිස්
කටක                                  හෘදවස්තුව
සිංහ                                     උදරය
කන්‍යා                                 උකුළ
තුලා                                      ගුදය
වෘශ්චික                              ලිංගය
ධනු                                        කලවා
මකර                                   දෙදණ
කුම්භ                                  කෙණ්ඩා
මීන                                       පතුල්

zodiac-man-1512

මෙම රාශි මෙසේ නම්කර ඇතත් ඒවා හඳුනාගැනීම පහසු කිරීමට විවිධ සංකේත උපයෝගී කරගනී. එසේ සංකේත වලින් හඳුන්වනුයේ නැගෙනහිර ක්ෂිතිජයෙහි උදාවන රාශිවලින් පෙන්නුම් කරන හැඩය හඳුනාගැනීම පෙර අපර තාරකා ශාස්ත්‍රඥයින් විසින් කරන ලද පර්යේෂණ ඇසුරෙනි.
පෘථීවිය සූර්යයා වටා ගමන් කිරීමේදී එය වටා පවතින අවකාශය ඇතුළත ඉතා දුරස්ථව පිහිටා ඇති තාරකාමණ්ඩල දොළස ගෙන ඇති හැඩතල වලට අනුව මෙම රාශින් සංකේතවත් කර තිබේ.
  රාශිය                                  සංකේතය
 මේෂ                                      එළුවා
වෘෂභ                                   ගොනා
මිථුන                                    ස්ත්‍රී පුරුෂ යුවලක්
කටක                                    කකුළුවා
සිංහ                                       සිංහයා
කන්‍යා                                   කාන්තාවක් සහ පිරිමියෙක්
තුලා                                       තරාදිය
වෘශ්චික                                ගෝනුස්සා
ධනු                                         දුන්නක් අතින් ගත් පිරිමියෙක්
මකර                                     හිස මුවෙකු සහ ශරීරය මෝරෙකු
කුම්භ                                    කලයක් අතින් ගත් පුරුෂයෙක්
මීන                                         මාළුවන් දෙදෙනෙක්

449988-astro-new-123

මෙසේ සංකේතවත් කරන රාශිවල උදාවීමේ ආකාරය විවිධාකාරය. මේෂ රාශිය එළුවකුගේ රූපය මෙන් පෙන්වා ඇත්තේ නැගෙණහිර ක්ෂිතිජයට පිටුපස සිටින අයුරිනි. එම රාශිය පිටින් උදාවන රාශියක් නිසා මෙසේ සංකේතවත් කර ඇත. වෘෂභ රාශියේද දක්නට ඇත්තේ ගොනෙකුගේ හිස පමණි. එයද පිටින් උදාවන රාශියකි. තුන්වෙනි රාශිය වූ මිථුනයේ පෙනුම ඊට වඩා වෙනස් ස්වරූපයක් ගනී. එහි ඇත්තේ ප්‍රකෘති ස්වභාවයකි. එසේ වීමට හේතුවන්නේ එය හිසින් උදාවූ රාශියක් වීමයි. එනිසා එහි සංකේතය වනුයේ වී කරල් මිටියක් අතින් ගත් කාන්තාවක් සහ යගදාවක් අතින් ගත් පුරුෂයෙකි. පිටින් උදාවූ කටක රාශියේ සංකේතය කකුළු හිසකි.
පස්වැන්න වූ සිංහ රාශිය සංකේතවත් කරන සිංහයාගේ හිස නැගෙණහිර ක්ෂිතිජයේ එක් පසෙකින් පෙනෙන සේ පෙන්වා ඇති නිසා එම රාශියද හිසින් උදාවන රාශියක් ලෙස හඳුන්වයි. එක් අතකින් හැල් කරල් මිටියක්ද, අනෙක් අතින් පහනක්ද ගත් කාන්තාවගෙන් සංකේතවත් කරනුයේ කන්‍යා රාශියයි. මෙම රාශිය හිසින් උදාවූවකි. හිසින් උදාවූ අනෙත් රාශිය තුලාවයි. මෙහි සංකේතය තරාදියක් අතින් ගත් ප්‍රකෘතිමත් පුරුෂයෙකුගේ රූපයකි. විෂදළ සහිත ගෝනුස්සෙකුගේ ස්වරූපය ගත් වෘශ්චික ලග්නය හිසින් උදාවූවකි.
ධනු රාශිය පිටින් උදාවුන නමුදු එහි ස්වරූපය පූර්වාර්ධයෙහි දුන්නක් අතින් ගත් මිනිසෙකුද. අපරාර්ධයෙහි පෙනුම අශ්වයෙකුගේ හැඩය ගනී. පිටින් උදාවූ අනෙක් රාශිය මකරයයි. මෙහි සංකේතය කොටස් දෙකකින් සමන්විතය. පූර්වාර්ධය මුවෙකි. අපරාර්ධය මෝරෙකි. මෙහි තවත් මතයක්ද පවතී. අපරාර්ධය කිඹුළෙකුටද සමාන කර තිබේ. කුම්භ රාශිය හිසින් උදාවූවක් වන අතර එය සංකේතවත් කරන්නේ කළයක් අතින් ගත් මිනිසෙකි. අවසාන රාශිය වූ මීන රාශිය මාළුවන් දෙදෙනෙකුගෙන් සංකේතවත් වන අතර එය ප්‍රකෘති ස්වභාවයකින් යුත් හිසින් උදාවූවකි.
අප පෘථීවියේ සිට නැගෙණහිර ක්ෂිතිජයෙන් උදාවන සූර්යයා දෙස බැලීමේදී එයට බොහෝ දුරින් පිහිටා ඇති මෙම ග්‍රහ තාරකාවන් අහස ඉතා පැහැදිළි මොහොතකදී රාත්‍රි කාලයේදී මෙම ග්‍රහ තාරකා මණ්ඩලය හඳුනාගත හැකිවනු ඇත.
කළ්‍යාණි හේරත් මැණිකේ
ජ්‍යොතිර්වේදිනී, කිවිපතිනි

Add a Comment

Your email address will not be published. Required fields are marked *