Home » විවිධ » ජපානයේ සිදුවූ භූමිකම්පාවකදී මවක් කළ යථාර්තයේ කතාව
312223_172715646153571_171799356245200_339349_1275433190_n

ජපානයේ සිදුවූ භූමිකම්පාවකදී මවක් කළ යථාර්තයේ කතාව

භූමිකම්පාවෙන් පසු සුන්බුන් පරීක්ෂා කරමින් යන ගලවා ගැනීමේ කණ්ඩායම් එක්තරා තරුණ කාන්තාවකගේ ගෙදරට ලං වුණා. සුන්බුන් අතරින් ඒ අය ඇගේ සිරුර සොයා ගත්තා නමුත් ඒ සිරුර තිබුණේ අමුතු ඉරියව්වකින්. ඉදිරියට නැමිලා සිටිය ඇගේ සිරුර ඇගට යටනි තිබුණ යම් දෙයක් වටා එතිලා තිබුණා සිරුර මතට කඩන් වැටුණු නිවස ඇගේ පිටුපසට හා සිරුරට හානි කොට තිබුණා.
ගැලවීමේ කණ්ඩායම් නායකයා ඉතාම අපහසුවෙන් කඩා වැටුණු බිත්ති අතරින් අත දාලා ඇගේ සිරුරට අත ලං කරගන්න සමත් වුණා. ඔහු බලාපොරොත්තු වුණේ මේ කාන්තාව තවම පණ පිටින් ඉන්නවා ඇති කියලා. කොහොම වුනත් සීතල වෙලා දරදඬු වලො තිබුණ ඇගේ සිරුර ඔහුට කීවා ඇය දැනටමත් මය ගිහින් ඇති බව.
ඔහු ඔහුගේ කණ්ඩායම සමඟ ඒ නිවස අත්හැර ඊලඟට තියෙන කඩා වැටුණු නිවස දෙසට යන්න පටන් ගත්තා. නමුත් සැනින් ඇති වූ යම් සිතුවිල්ලක් විසින් ඔහුට බලකරනු ලැබුවා නැවත ඒ මියගිය කාන්තාවගේ නිවසට යන්න. ආපසු ගිහින් එතන දනගසාගත් ඔහු අර සුන්බුන් වල පටු සිදුරු අතරින් අත දාලා ඇගේ සිරුර යට තිබුණු කුඩා ඉඩකඩ පිරික්සුවා. එකපාරටම ඔහු මහත් උද්වේගයකින් කෑ ගැසුවා.
“ළමයෙක් මෙතන ළමයෙක් ”
මුළු කණ්ඩායමම එක්ව වැඩ කළා. මියගිය කාන්තවගේ සිරුර වටා තිබුණු සුන්බුන් පරිස්සමින් ඉවත් කළා. එතන මල් මල් රෙදිකඩකින් එතිලා තමන්ගේ අම්මගෙ සිරුරට යට වෙලා හිටියේ මාස තුනක පිරිමි දරුවෙක්. බැලූ බල්මටම පෙනුනේ ඔහ්ගේ අම්මා ඔහුව බේරගන්න තමන්ගේ අන්තිම පරිත්‍යාගය කරපු බව. නිවස කඩාගෙන වැටෙද්දි ඇය තමන්ගේ සිරුර යොදාගෙන තමන්ගෙ දරුවව ආරක්ෂා කරන්න උත්සාහ කරලා තිබුණා. ගැලවීමේ කණ්ඩායමේ නායකයා ඔහුව මයවලා උඩට ගනිද්දී ඔහු හිටියේ සාමකාමී නින්දක.
වෛද්‍යවරයා ඉක්මනින් ඇවිත් ඔහුව පරීක්ෂා කළා. දරුවව ඔතාගෙන තිබුණු පොරෝනය ඉවත් කරද්දි ඔහුට ඒ තුල තිබිලා ජංගම දුරකථනයක් හමු උණා. එහි තිරය මත කෙටි පණිවිඩයක් තිබුණා “ඔයාට බේරෙන්න පුළුවන් වුණොත් මතක තියගන්න මම ඔයාට ආදරෙයි” දුරකථනය එතන උන් අයගේ අතින් අතට මාරු උණා. එය කියවපු හැම කෙනෙක්ම වැලපුණා.
ඔයාට බේරෙන්න පුළුවන් උනොත් මතක තියාගන්න – මම ඔයාට ආදරෙයි. ඒ තමයි අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන ආදරය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *