Home » විවිධ » නූතන විද්‍යාවේ DNA ගැන බුදු දහමෙන් විස්තරවන අයරු
Human-DNA-amazon-google

නූතන විද්‍යාවේ DNA ගැන බුදු දහමෙන් විස්තරවන අයරු

DNA කියන වචනය අද රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. මොකක්ද  DNA කියන්නේ? DNA යනු මෙලොව පහලවූ සෑම ජිවියකුගෙම ශරීර තුල පවතින සුවිශේෂි රසායන ද්‍රව්‍යයක්. එය සුවිශේෂී වන්නේ එය තොරතුරු ගබඩා කරගන්න පිළිවන් රසායන ද්‍රව්‍යයක් නිසා. පරීඝණකයක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය තොරතුරු එහි ද්‍රඩ තැටිය තුල ගබඩා වන්නා වගේම ජීවියෙකුගේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සියළු තොරතුරු ජීවි ශරීරයක් තුල ගබඩා වන්නේ මේ DNA කියන රසායන ද්‍රව්‍ය තුළ. ජීවියෙකුගේ බාහිර පෙනුමට අදාල ලක්‍ෂණ සියල්ලත් ඔවුන්ගේ හැසිරීමට අදාල සාධක සියල්ලම පාහේත් තීරණය කරණ තොරතුරු තමයි මෙලෙස මෙම රසායනික ද්‍රව්‍ය තුල ගබඩා වන්නේ.

2000px-Eukaryote_DNA-en.svg

DNA ලෙසටම අපට තවත් විද්‍යාවේ හුරුපුරුදු වචනයක් වන්නේ ජාන. මේ ලිපියේ විස්තර කෙරෙන කරුණු වඩාත් සරල චිත්‍රයකට හරවා ගැනිම වැදගත්ය. අප සලකන ජිවියා ඔබ උදාහරණය ලෙස ගතහොත් ඔබගේ සිරුර නිර්මාණය වී ඇත්තේ මූලික ඒකක වන සෛල වලින්. ඔබගේ ජීවිතය පවත්වා ගෙන යාමට අවැසි සියලු තොරතුරු අඩංගු වූ DNA අණු සෛලයක් තුල ඇති න්‍යෂ්ඨිය නම් කොටස් තුල අඩංගුවනවා. ලොව සිටින සෑම මනුෂ්‍යයකුගේම ශරීර තුල ඇති සෑම සෛලයක් තුලම තමන්ගේ ජිවිත කථාව තීරණය කෙරෙන සෑම තොරතුරක්ම අඩංගු DNA සහිත මෙකී වර්ණ දේහ හරියටම 46 ක් පිහිටනවා. මේ 46න් හරි අඩක් (වර්ණ දේහ 23) ඔබගේ පියාගෙන් උරුම වනවා. මෙකී වර්ණදේහ තුල අඩංගුවන DNA යන රසායනික ද්‍රව්‍යයේ තොරතුරු ගබඩා වී ඇති ස්ථාන විද්‍යාවේදී ජාන ලෙස හඳුන්වනවා.

dna2

එසේනම් අපගේ ශරීරයේ ඇති මේ ජාන වලින් හරි අඩක් (50%)ක් අපගේ මවගෙන්ද ඉතිරි ජාන අඩ පියාගෙන්ද උරුම වන බව ඔබට පැහැදිලිවනවා ඇතැයි සිතමි. ඒ වගේම ඔබගේ සිරුරේ මෙලෙස ඇති ජානවලින් හරි අඩක් ඔබගේ මීලඟ පරම්පරාවට (දරුවන්ට) ලබා දෙනවා මේ සංසිද්ධිය මිනිසෙකුට පමණක් ‍නොව මෙලොව වසන ඇසට පෙනෙන හෝ නොපෙනෙන සතුන්ටත් සෑම ශාකයකටමත් පොදු ධර්මතාවයක්. මේ මොහොත වන විට ලෝකයේ ජීවත්වන සෑම ජීවියෙකුගේම ශරීර තුල පවතින DNA නැතිනම් ‘‘ජාන‘‘ ඔවුන්ට උරුම වී ඇත්තේ මීට ඉහත පරම්පරාවල ජීවත්ව සිට මිය ගිය ඔවුන්ගේ මුතුන්මිත්තන්ගෙනි. වසර සිය දහස් ගණනක් පුරාවට වර්තමානය කරාත් වර්තමානයේ සිට අනාගතය දක්වාත් ජීවීන්ගේ ස්වරූපය හා හැසිරීම තීරණය කරන්නට හේතුකාරක වන මෙම DNA නැතිනම් ‘‘ජාන‘‘ ගමන් කරන්නේ මේ විදිහට. ජීවියාගේ භෞතික ශරීරය එක පරම්පරාවක් අවසානයේ විනාශ වී ගියත් නොනැසී මීලඟ පරම්පරාවට සංක්‍රමනය වන ප්‍රධාන භෞතික ද්‍රව්‍යය වන්නේ මේ ජාන. ලොව පහලවූ සෑම ජීවියකුගේම ප්‍රධාන අරමුණ වන්නේ තම ජීවිත කාලය තුල සාර්ථකව තමන්ගේ භෞතික ශරීරය තුල සංරක්ෂිත කර තබාගත් මේ ජාන මීළඟ පරම්පරාවට සාර්ථකව උරුම කරලා දෙන්න. මෙය තමයි ස්වභාවධර්මය විසින් මෙලොව සෑම ජීවියෙකුම භෞතිකව නිර්මාණය කිරීමට පාදක වී ඇති ආසන්නම විද්‍යාත්මක හේතුව වන්නේ.

Just-8-2-of-Human-DNA-Actually-Does-Something-the-Rest-Is-Junk-452054-2

යම් ජීවියකු සාර්ථකව මෙම කර්තව්‍යය සිදුකලායින් පසු ඒ අයගේ භෞතික ශරීරය තව දුරටත් ස්වභාවධර්මයට අවශ්‍ය වන්නේ නැත. එය ව්‍යාධියට, ජරාවට පත්ව විනාශයට පත්වී යයි. ස්වභාවයේ මෙලෙස සිදුවන මෙම චක්‍රය වසර මිලියන ගණනක සිට අදටත් නොවෙනස්ව මෙලොව මත සිදුවෙමින් පවතී.මෙම ක්‍රියාවලිය වෙනස් කිරීමට මෙලොව කිසිදු පෘතග්ජන ජීවියෙකුට නොහැකිය.

යම් ජීවියෙකු ඉපදුන දා සිට මරණය දක්වා හැඟීම් හා අවශ්‍යතා සියල්ලත් තමා විසින් තම පරම්පරාවෙන් උරුමකරගන්නා ලද ජාන තුල ගබඩාවී ඇති තොරතුරු අනුවම තීරණයවේ. මෙලෙස ජීවියෙකුට දැනෙන හා විඳින දේ ඒ ඒ ජීවියාගේ සිරුරු තුල ඇති ජාන මඟින් තීරණය වී ඇති දේ අනේක යැයි විද්‍යාවේ පැහැදිලි කීරමක් ගත නොහැක.

එසේනම් තම පැවත්ම සඳහා ජීවින්ගේ භෞතික ශරීර පාවිච්චි කරන්නාවූ මෙම ජාන තරම් ආත්මාර්ථකාමී ලෙස හැසිරෙන ස්වභාවධර්මයේ පවතින වෙනත් දෙයක් පිළිබඳව ලෝකය දෙස භෞතික වාදී ඇසකින් බලන්නකුට සොයාගෑනීම උගහටය.

ලොව සමස්ථ ජීවීන්ගේ ස්වභාවය හා ඔවුන්ගේ නිර්මාණය පිළබඳව අවබෝධ කර ගැනීමට මිනිසුන් උත්සාහ ගත්තේ අද ඊයේ නොවේ. එය ක්‍රි. පූ. 600 තරම් ඈතට දිව යන්නකි.බටහිර දාර්ශනික වාදීන් වඩාත් ආඩම්බරයෙන් සඳහන් කරන ක්‍රි. පූ. 450දී ලොව පහළවූ ග්‍රීක දාර්ශනික සොක්‍රටීස් මින එක් අයකුය. ඔහුගේ අනුගාමිකයා වූ ක්‍රි. පූ. 370 දී බිහිවූ ප්ලුටො මොලොව ඇති සියල්ල වෙනස් නොවන හා සදාකාලික දේ වලිනුත්, වෙනස් වෙමින් ගලාගෙන යන ශක්තියකිනුත් නිර්මානය වී ඇතිබවත් විස්තර කරන්නට විය.

plato-2

එනම් මෙලොව ඇති භෞතිකදේ මරනෙන් මතු වෙනස්වෙමින් ගලායන ශක්තියක් හරහා මීලඟට නිර්මාණය වන ශරීරයකට ජීවය දෙනබව ඔහුගේ විස්තරයෙන් පැහැදිලි වේ. ලොව පුරා බටහිර විද්වතුන් ඉතා ඉහලින් අගය කරන ක්‍රි. පූ 370 දී ප්‍රකාශ කෙරෙන මෙම සත්‍ය මුල්වර ලොවට ප්‍රකාශ වන්නේ ඊට වසර 2500කට පෙර මෙළොව පහලවූ ශ්‍රේශ්ඨතම දාර්ශනිකයා වූ ගෞතම බුදුන්වහන්සේ බව පැහැදිලිව දන්නේ ලොව අතළොස්සකි.

භෞතික ශරීර උපයෝගී කරගනිමින් පරම්පරා අතර නොනැසී සිටීමට ජාන සමානාත්මතා ලෙසටම ග්‍රීක දාර්ශනිකයාගේ වෙනස් නොවන භෞතික ද්‍රව්‍ය හා පරම්පරා අතර ගලා යන ‘‘ශක්තිය‘‘ අතර ඇති බැඳියාව ගැඹුරින් තේරුම් ගැනීමට දැන් කාළය එළඹ ඇත.

මේ තේරුම්ගැනීමේ ලා බුදු දහම මඟින් පැහැදිලි කරන ‘‘භව‘‘ සංකල්පය මනා අත්වැලක් වනු නොඅනුමානය.

බුදු දහම මඟින් පැහැදිලි කරන ‘‘භව‘‘ සංකල්පය මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *