Home » විවිධ » බලාපොරොත්තුවේ දෙවඟන අන්ජා රින්ගෙර්න්
KARMA-SAMPLE2

බලාපොරොත්තුවේ දෙවඟන අන්ජා රින්ගෙර්න්

 

එදා…, මේ පැටියාගෙ අම්මා තාත්තත් ගමේ අනිත් අය වගේම අන්ත දුප්පත්. නූගත්. මේ කොලු‍පැටියා ඉපදිලා අවුරුදු එකහමාරක් යද්දි එයාගෙ අම්මයි තාත්තයි මේ දරුවා ගැන සාස්තරයක් ඇහුවා. සාස්තරයෙන් කියවුනේ මේ කොලු‍ පැටියා පවුලට අපල ගෙනාපු මායාකාරයෙක් කියලා. ඉතින් ඒ කතාව විශ්වාස කරපු අම්මයි තාත්‍තයි ඒ සාත්තරේ ඉස් මුදුනින් පිලි අරන් විශ්වාස කලා. මායාකාරයෙක් ගෙදර තියාගන්න ඒ ගොල්ලො කැමති උනේ නෑ. ඒ හින්දා අවුරුදු එකහමාරක මේ පුංචි දරුවව ගෙදරින් පන්නලා දැම්මා.

එච්චර පුංචි දරුවෙක්….. කොහේ කියල යන්නද… මොනව කියල කරන්නද… කොලු‍ පැටියා ඔහේ ඇවිදගෙන ගියා. මායාකාරයෙක් තමන්ගෙ ගෙට වැද්දගන්න ගමේ අනිත් මිනිස්සු කැමති උනෙත් නෑ. පුංචි එකා ඔහේ ඉබාගාතේ ඇවිදගෙන ගියා. කන්න බොන්නවත් දෙයක් නැතිව…. හොදටෝම බඩගිනි උනාම කෑ ගහලා හැඩුව.අම්මව හෙව්ව..බඩගින්න ඉවස ගන්න බැරි උනාම බිම වැටිලා තියෙන දෙයක් අහුලගෙන කෑවා… නැත්තම් හාමතේ වැටිලා හිටිය… පුංචි එකා ගිනි අව්වට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි ඔහේ ඉස හැරුනු අතේ යන්න ගියා.. අදින්න ඇදුමක්වත් නොතිබුන නිසා සීතලේ ගැහි ගැහි රලු‍ වැලි පොලවක නිදා ගත්ත…

Justice_2මේ විදිහට… මේ අසරණ කොලු‍ පැටියා මාස අටක්.. ඔව්…. මාස අටක් තිස්සෙ අසරණ අයාලෙ යන බලු‍ පැටියෙක් වගේ අයාලෙ ගියා… පුංචි එකා විදින මේ දුක දෙවියන්ටත් බලාගෙන ඉන්න බැරි වෙන්න ඇති…ඒ වගේ වෙලාවට දෙවියන් කාගෙ හරි වේෂයකින් පොලවට බහිනවා වෙන්න ඇති.. මේ දරුවා ලඟටත් දෙවියන් පිහිට වෙන්න ආවා…සුදු පිරුවට ඇදගෙන උපාසක වේෂයකින් නෙවෙයි..අත් දෙකෙයි කකුල් දෙකෙයි පච්ච කොටා ගත්ත.. කොට කලිසමක් ඇදගත්ත සංකර කෙල්ලෙක් වගේ…..ඇත්තටම මේ පුංචි දරුවට පිහිට උන මේ සුදු කෙල්ල.. අන්ජා රින්ගෙර්න් දේවතාවියක් තමයි….අන්ජාට මේ දරුවා මුන ගැහෙනකොට දරුවා ඉබාගාතේ ඇවිදින්න පටන් අරන් මාස අටක්… දරුවගෙ ඔලු‍වෙ උකුනො… ඇගේ කිනිතුල්ලො…. පනුරෝග වලින් දරුවා හොදටෝම දුර්වල වෙලා… මන්දපෝෂණයට ගොදුරු වෙලා….අන්ජා ඒ දරුවාට පිහිට උනා… දැන් මේ දරුවා නයිජීරියාවෙම රෝහලක සුවපත් කර ඇයගේ ආදරය සහ කරුණාව නිසා එම දරුවා අද සිටින හැටි ඔබට පේනවා ඇති ඉබාගාතේ ගිය කොලු‍ පැටියාට දැන් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියනවා…. දැන් කොලු‍ පැටියගෙ නම ”‍බලාපොරොත්තුව”‍ ”‍යදචැ”‍ වෙන මොනවත්ම කියන්නෙ නෑ…. අන්ජා මහත්මියනි…. ඔබට අනේක වාරයක් පින්….

ඇය විසින් තැබූ සටහනක්

එම අහිංසක දරු පැටියා මගේ දෝතට ගත් විට, ඔහු වැඩි කලක් ජීවත් වෙන එකක් නැති බවයි මට සිතුනේ. ඔහු හුස්ම ගත්තේද ඉතාමත් අපහසුනෙි. නමක් සහ නිසි ගෞරවයක් නොමැති ඔහු අසරණයෙකු ලෙස මරණයට පත්වෙනවා දැකීමට මම කැමති උනේ නැහැ. එමනිසා හෝප් (බලාපොරොත්තු) යනුවෙන් මම ඔහුට නම් තැබුවා. මීට බොහෝ කලකට පෙර මගේ ඇගිලි වල (හෝප්) යනුවෙන් පච්චයක් කොටාගත්තේ, සෑම දිනකම කිසිවෙකුට උදව් කල යුතුයි යන අධිෂ්ඨානය සැතැතිවෙයි.

Add a Comment

Your email address will not be published. Required fields are marked *