Home » විවිධ » මිනිසා හසුරවන්නේ ජ්‍යෙතිෂයෙන්ද?
KARMA-SAMPLE2

මිනිසා හසුරවන්නේ ජ්‍යෙතිෂයෙන්ද?

සෑම මිනිසෙක්ම තම ජීවිතය පිළිබඳ යථාවබෝධය ලබාගන්නේ නම් දිවිමගෙහි ඇතිවන ගැටළු සඳහා මුහුණදීම, ඒවා නිරාකරණය කර ගැනීම ඉතාමත් පහසුවනු ඇත- මෙනිසා ජීවිතය පිළිබඳ ඇතිවිය හැකි ගැටළු පිළිබඳව තොරතුරු දැනගැනීම පහසු කරුණක් නොවේ- එනිසා එය හඳුනාගැනීම ප්‍රථමයෙන් කළයුතුය-
ජ්‍යෙතිෂ ශාස්ත්‍රයෙන්, මිනිසුන්, සත්වයින්, ස්වභාවධර්මය, පණඇති සහ පණනැති සියළු වස්තුන් පිළිබඳ හඳුනාගැනීමට අවැසි මන් සළකුණු පැහැදිළි කරයි-
ජ්‍යෙතිෂයෙන් ජන්මියාගේ චරිත ස්වභාවයත් එය ඔස්සේ ඔහුගේ හෝ ඇගේ දෛවය හෙවත් ඉරණම හඳුනාගැනීම කළහැකි බව පැහැදිළි කරයි- මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ ඒ ඒ අයගේ චරිත ස්වභාවයන් වෙනස් කළහැකිනම් දෛවයද වෙනස් කළහැකි බවයි- ඒ සඳහා අවැසි ප්‍රතිපාදන හා මන් සළකුණු හඳුනාගැනීමට උපකාරි වන ශාස්ත්‍රීය මග පෙන්වීම ජ්‍යෙතිෂය මගින් ඉටුකරයි-
ජ්‍යෙතිෂයෙන් ජන්මියාගේ සෞඛ්‍යය, වැළඳිය හැකි රෝග, චරිත සවභාවය, ජන්මියාට උරුම වෘත්තීන්හි සවභාවය, විවාහය සහ දරුවන්, ධනය සහ මිළමුදල් යනාදි කරුණු කාරණා මෙන්ම ලෝකෝත්තර දිවියට අදාළ පැතිකඩ පවා පැහැදිළි කරන බව මෙම විෂය ලොවට හඳුන්වා දුන් යුගයේ පටන් හඳුනාගත් යහපත් පෙරනිමිත්තක් බව සැළකිල්ලට ගැනීම වැදගත් කරුණකි-
එසේනම් ජ්‍යෙතිෂය යනු කුමක්ද? ජ්‍යෙතිෂය යනු බැබළීමයි- බබළන දේ පිළිබඳ කරුණු දක්වන ශාස්ත්‍රයයි- ලොවෙහි බබළන වස්තූන් නම් ඉර, හඳ, තාරකා වේ- එම වස්තූන් කේන්ද්‍ර කොට කරුණු දක්වන ශාස්ත්‍රය ජ්‍යෙතිෂයයි- මෙය ඉංග්‍රීසියෙන් Astrology ලෙස  හැඳින්වේ- නක්‍ෂත්‍ර විද්‍යාව මෙයට තවත් නමකි-
අපි ලෝකයට පැමිණීමත්, ජීවත්වීමත්, ලෝකය හැරයාමත් කවදා, කෙසේ, කුමන වෙලාවක සිදුවේදැයි නොදනිමු- එකිනෙකාට අසමාන වූ මිනිසා එසේ වීමට බලපෑ හේතු නිශ්චය කිරීම ඉතාමත් අපහසු කරුණකි- මෙවැනි අවස්ථාවක ජ්‍යෙතිෂය අපට මග පෙන්වයි- එය අධ්‍යයනය කිරීමෙන් ජීවන චර්යා රටාව විද්‍යාමාන වනු ඇත- මෙසේ සළකා බැලීමේදී මෙම විෂය භාවිතයෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකි බව පැහැදිළි කරුණකි-
එසේ වුවද, මිනිසාට අවශ්‍ය ඕනෑම කරුණක් ජ්‍යෙතිෂයෙන් හෙළිනොකලද, ග්‍රහතාරකා ඇසුරින් කිසියම් ප්‍රමාණයක් හෙළිකරගත හැකිය- ජන්ම කේන්දරයක් තුළ පතිතව සිටින ග්‍රහයින්ගේ හැසිරීම් පාලනය කිරීමේ ශක්තිය මිනිසාට නොමැතිද? ප්‍රශ්නයක් පැන නැගිය හැකිය- ඕනෑම අයෙකු තුළ පවතින ආත්ම ශක්තියෙන් තමාට බලපෑම් එල්ල කරන ග්‍රහයින් පාලනය කළහැකි බව ජ්‍යෙතිෂ ශාස්ත්‍රය තුළම පැහැදිළි කර තිබේ-
මිනිසා විසින් තම ජීවිතය ගෙන යායුතු ආකාරය තීරණය කරනු ලබයි නම්, ඵම තත්ත්වය සිය වේලාපත්කඩය තුළින් විiාමාන වන අතර, ඵහි බලපෑමද සිදුවනු ඇත- සමස්තය මෙසේ වුවද වේලාපත්කඩයකින් තනි තනිව යමෙකුගේ ආත්ම ශක්තිය පිළිබිඹු නොකරයි- එනමුදු, තම ස්වාභිමතයේ ක්‍රියාකාරිත්වයෙන් ඒ කරා ගමන් කළහැකිය- සැමවිටම බුද්ධිමත් තැනැත්තා විසින් ග්‍රහ තාරකා පාලනය කිරීමට බුද්ධිය මෙහෙයවන අතර, ග්‍රහ තාරකා විසින් අඥාතයින් පාලනය කරනු ලබයි-
ජ්‍යෙතිෂයෙන් කරනුයේ අනාගත කාලවාක්‍යයන් ප්‍රකාශයට පත් කරමින් ඔවුනොවුන්ට මුහුණ දීමට සිදුවන ජීවන අරගල වලින් මුදවා ගැනීමට මඟ පෙන්වීමයි- යහපත හෝ අයහපත උදාකිරීමට ශුභ කර්තරී හෝ අශුභ කර්තරී ග්‍රහ පිහිටීම් වල බලපෑම් පමණක් නොව ජන්මීන් පෙර බවයන්හි කරන ලද කුසල් අකුසල්ද හේතුවේ- එනම් කර්මයයි- කර්මය වෙනස් කළ හැකිය- ජ්‍යෙතිෂය මෙම මතය ස්ථිරවම පිළිගන-ී

වේලාපත්කඩයේ පාරදෘශ්‍යතාව වනුයේ පෙර බවයන්හි උපයාගත් දේ අනාගත ජීවිතයට බලපෑම් කරන බවයි- ජන්මීන්ගේ ඉරණම හසුරවනුයේ හේතුඵල න්‍යායට අනුකූලව බවට ජ්‍යෙතිෂ විද්‍යාව සාක්‍ෂි දරයි.

the stars IMPEL but do not COMPEL (Goethe)

ග්‍රහ තාරකා වලින් කරනුයේ මෙහෙයවීමක් විනා බලෙන් යොමුකිරීමක් නොවන බව ගෞත යෝගීවරයා පවසයි- මොහු තවදුරටත් පවසා සිටින්නේ ලෝකයේ සෑම බලයක්ම දම්වැලක පුරුක් මෙන් පවතින අතර, මිනිසා යම් ප්‍රතිලාභයක් කරා ලඟාවීමේ ස්වාභිමතය තමා විසින් තමා පාලනය කිරීම තුළින් සිදුවන බවයි- තමා වැපුරූ දේ යළි අස්වැන්න ලෙස ලබන්නා සේම කර්මානුරූප න්‍යාය ධර්මයක යම් පැතිකඩක් හුවා දැක්වීම ජ්‍යෙතිෂය තුළින් සිදුවනු ඇත-
එය කෙසේ සිදුවන්නේද? පංචභුත නියාමය සංකේතවත් කරන ග්‍රහතාරකා වල හැසිරීම ජන්මියෙකුගේ උපත පදනම් කොට විශ්ලේෂණය කිරීමෙන් සිදුවනු ඇත- කිසියම් මොහොතකදී උපතක් සිදුවන විට සොබාදහමේ නියමයන් හා ග්‍රහ තාරකාවන්ගේ සුසංයෝගයෙන් ලෝකය තුළ ඇතිවන ක්‍රියාකාරිත්වය එකිනෙකා කෙරෙහි බලපවත්වයි- යම් ආත්මයක උත්පත්ති කාල නිර්ණය ඉරණම තුළින් නියම වන අතර, එය හඳුනාගත හැකි හෝරා යන්ත්‍රය වනුයේ ජ්‍යෙතිෂයයි-
කළ්‍යානි හේරත් මැණිකේ
(කිවිපතිනි, ජ්‍යෙතිර්වේදිනි)
කලාපුරය, ගල්කිස්ස

Add a Comment

Your email address will not be published. Required fields are marked *