Home » විවිධ » මුහුද යටින් හමුවන අරුම පුදුම සිද්ධස්ථානය
1

මුහුද යටින් හමුවන අරුම පුදුම සිද්ධස්ථානය

ලෝකයේ බොහෝමයක් රටවල ඉදිකර ඇති ආශ්චර්යමත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු කොතෙකුත් ඔබ අසා තිබෙනවා ඇති. බෞද්ධයන් වැඩි වශයෙන් වෙසෙන පෙරදිග ලෝකයේ මෙන්ම අපරදිග ලෝකයේ ද බෞද්ධ පන්සල් විශාල ප්‍රමාණයක් ඉදිකොට තිබෙනවා. එහෙත් ඔබ මීට පෙර අසා තිබුනාද මුහුද යට ඉදිවූ බෞද්ධ සිද්ධස්ථානයක් ගැන…
අතීතයේ දී පෙරදිග ලෝකයේ විශාලතම බෞද්ධ රාජ්‍යයක්ව පැවති ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක පුරවරයක් ආශ්‍රිත මුහුදේ මෙම අපූරු පන්සල පිහිටා තිබෙනවා. ඉන්දුනීසියාවේ බාලි දූපතේ පෙමුටෙරාන් ගම්මානය අසළ මුහුද යට නිර්මාණය කර ඇති මෙම පන්සල හදුන්වනනේ  ‘‘Temple Garden‘‘ ලෙසයි. මෙය ඉදිවන්නේ 2006 වසරේ සංචාරයකන් ආකර්ෂණය කරගැනීමේ ව්‍යාපෘතියක ප්‍රථිඵලයක් ලෙසයි. මීටර් 15ක් ගැඹුරට මුහුද තුලට කිමිදෙන විට මුහුද යට ඉදිකර ඇති පන්සලේ මුල්ම ප්‍රතිමා කිහිපය දැකගත හැකිවනවා. එතැන් සිට මීටර් 30ක් දක්වා ගැඹුරට විහිදී ඇති
b8dc2a0292938791686d173905ee6c4d
මෙම ප්‍රතිමා අතර ගෞතම බුදුන් වහන්සේගේ මෙන්ම හින්දු දෙවිවරුන්ගේ ප්‍රතිමාද පැරණි නටඹුන් ආකාරයෙන් මෙහි නිර්මාණකරුවන් විසින් ඉදිකර තිබෙනවා.

f721ebf82b1eaf54f46c30e969bd08f2

මේ වන විට ලොව පුරා සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති මෙම සිද්ධස්ථානය සංචාරකයන් අතර ජනප්‍රිය වීමට විශේෂ සිදුවීමක් හේතු වුණා. Paul M Turley නම් බාලි දූපතේ කිමිදුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කිමිදුම්කරුවෙක් විසින් මුහුද යට පන්සලේ ඡායාරූප කීපයක් ලබාගෙන තිබුණා. වෙනත් පුද්ගයෙක් අතට ලැබුණු මෙම ඡායාරූප එම පුද්ගලයා අන්තර්ජාලයට එක්කර තිබුණේ” ගවේෂකයින් කණ්ඩායමක් මුහුදයට පැරණි නටඹුන් සොයාගෙන ඇති බව සඳහන් කරමිනුයි. මෙය වේගයෙන් අන්තර්ජාලයේ පැතීරී ගිය අතර බොහෝ දෙනාගේ මෙන්ම බටහිර මාධ්‍යවල ද අවධානය මේ කෙරෙහි යොමු වුණා. මේ හේතුවෙන් ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ මෙම සිද්ධස්ථානය මෑතක දී ඉදිකළ පන්සලක් බව පසුව මාධ්‍ය හරහා අනාවරණය වුණා. කෙසේවෙතත් මෙහි ඇති අපූර්වත්වය හා නිර්මාණශීලී බව නිසා  මුහුද යට පන්සල නැරඹීමට ලොව පුරා බෞද්ධ අබෞද්ධ විශාල සංචාරකයන් පිරිසක් මේ වනවිටත් පෙමුටෙරාන් ගම්මානයට පැමිණෙනවා.

bali-under-sea-1

underwater-temple-garden-pemuteran-intermediapj

f0b43300b166cc0ff32bbcb3ff850832

Srilife.lk වෙතින්

Add a Comment

Your email address will not be published. Required fields are marked *