Home » බුදු දහම » දේශපාලනය » රුසියන් ජනාධිපතිගේ අසාමාන්‍ය ගමන් විලාසය සසර පුරුද්දක්ද?
151215-putin-walking-door-622p_d53995bcdc8bea10d6f642a6cf3eefe7.nbcnews-fp-1200-800

රුසියන් ජනාධිපතිගේ අසාමාන්‍ය ගමන් විලාසය සසර පුරුද්දක්ද?

වර්තමානයේ ලොව ජනප්‍රියතම පුද්ගලයන් අතර ප්‍රමුඛස්ථානයේ වැජඹෙන රුසියන් ජනාධිපති වැලැඩිමීර් පූටින් ජනාධිපතිවරයාගේ අසාමාන්‍ය ගමන් විලාශය පිළිබඳව බටහිර මාධ්‍ය කීපයක් පසුගියදා වාර්ථා කළේය. පසුගිය සතියේ බි්‍රතාන්‍ය වෛද්‍ය සඟරාව (British Medical Journal) මගින් දීර්ඝ ලිපියකින් වාර්ථා කෙරෙනු මේ සිදුවීම නිසා එතෙක් බොහෝ අයගේ නෙත්වලට මෙතෙක් හසු නොවූ රුසියන් ජනපතිගේ අසාමානය ගමන් විලාසය කුමක්දැයි සොයන්නට විය. සාමාන්‍ය මිනිසෙකු ගමන් කරනා විට වම සහ දකුණු අත් පිළිවෙලින් ඉදිරියටත් පසුපසටත් චලනය වේ. නමුත් රුසියන් ජනපති පූටින් ගමන්කරන විට ඔහුගේ වම් අත පමණක් ඉදිරියටත් පසුපසටත් චලනය වන අතර දකුණු අත පණ නැතිවාක් මෙන් කිසිදු චලනයක් නොවී පවතී. මෙම අසාමාන්‍ය ඉරියව්ව පිළිබඳව පෙරද බටහිර මාධ්‍යය නොයෙක් කතා ගෙතූ අතර” කුඩා කල සිදු වූ අනතුරක් නිසා මෙසේ වී ඇති බව එක් මාධ්‍යක් වාර්ථා කරද්දී තවත් මාධ්‍යක් වාර්ථා කරමින් පැවසුවේ මෙය පාකින්සන් රෝගයේ ලක්ෂණයක් බවයි. නමුත් බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කථාවකි.

151215-putin-walking-door-622p_d53995bcdc8bea10d6f642a6cf3eefe7.nbcnews-fp-1200-800

වැලැඩිමීර් පූටින් යනු කලින් රුසියන් රහස් ඔත්තු සේවය වන KGB  ̈ලුතිනන් කර්නල් වරයෙකි. KGB හමුදා සාමාජිකයෙකුට දෙන උපදෙස් නීති මාලාවේ එක් නීතියක් වන්නේ සොල්දාදුවා තම දකුණු අතේ ගිනි අවිය උරස්තලයට සමාන්තරව තබා ගත යුතු අතර වම් අත පමණක් චලනය කරමින් ගමන් කළ යුතු බවයි.බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව පවසන්නේ දීර්ඝකාලයක් තිස්සේ මෙම හමුදා සාමාජිකයන් මෙලෙස පුරුදු වීම නිසා සේවයෙන් ඉවත් වී ගියත් ඔවුන් පෙර හැසිරීමට අනුවර්තනය වී ඇති බවයි.

Russian_President__3526441b

තවදුරටත් තම මතය ස්ථිර කරන ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාට අමතරව වත්මන් රුසියන් අගමැතිවරයා, ආරක්ෂකඅමාත්‍යවරයා ඇතුළු ̈ රජයේ ඉහළ හමුදානිළධාරීන් බොහෝ දෙනෙකු මෙම ගමන් විලාශයට හිමිකම් කියන බවයි.බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ මෙම නව ඉදිරිපත් කිරීම වන ‘‘ චර්යාවන්ට මිනිසුන් අනුවර්තනය වීම‘‘ නම් සංසිද්ධිය අපගේ බුදු සමිදුන් විසින් මීට වසර 2600කට ප්‍රථම එකල උපාසක උපාසිකාවන්ට ‘‘මෙහෙ එව වසලයා… දැන්ඉතින් පල වසලයා…“ ලෙස කර්කෂව ඇමතූ පිළින්දිවච්ච මහරහතන් වහන්සේගේ මෙම අසාමාන්‍ය කතා විලාශයට හේතුව උන්වහන්සේ පෙර සසරේ ආත්මභාව 500 ක් බමුණෙකුව ඉපදී සිටිමින් අඩුකුල ඇත්තන්ට වසලයා… වසලයා… ලෙස ඇමතූ පුරුද්දනිසා බව අප බුදු සමිදුන් සොයා ගත්හ.එසේ නොමැතිනම් පිළින්දිවච්ච මහරහතන්වහන්සේට මිනිසුන්ගෙන් බොහෝ පීඩා ඇතිවන්නට තිබුනි.තවද එක් දිනක ධර්මය ශ්‍රවණය කරමින් සිටි උපාසක පිරිසක් නිදිකිරා වැටෙමින් සිටියහ. එය දුටු බුදු සමිදුන් වදාලේ ඔවුන් පෙර සසfර් එක දිගටම පිඹුරන්ව සිටි නිසා ඒ පුරුද්දට මෙසේ දැන් නිදිකිරන බවයි.බුදුරජාණන් වහන්සේ ජරා සූත්‍රය දේශනාකරන්නට ද මූලික වූයේ සසර පුරුද්දට පාර අයිනේ සිටි මහ යුවලක් අප බුදුරදුන්ව ‘‘අනේ මගේ පුතේ“ කියමින්වැලඳගෙන හඩා වැටුනු නිසා ය. ඒ සම්බුදු නුවණින් පෙර සසර පිරික්සූ උන්වහන්සේ දුටුවේ පෙර ජීවිතයක මේ දෙපල තමන්ගේ දෙමාපියන්ව සිටි පුරුද්දට දැන් මෙලෙස හැසිරෙන බවයි.මෙසේ අප බොහෝ දෙනා සසර පුරුදු රැගෙන එන්නේය. ඒවා බොහෝ විට අනෙක් අයට පීඩා ගෙන දෙන ඒවාය.සමහර දරුවන් තම දෙමාපියන්ව බලු කූඩුවට දමයි. දෙමාපියන් තම දරුවන්ව පාගා මරයි. දසමසක් කුසේ තියන් වැදූ තම දරුවාටම අම්මා වස පොවයි. නමුත් මේ සසfර් ඇති මේ දුක්ඛිත ස්වභාවය තේරුම් ගතහොත් අද සමාජයේ සිදු වන බොහෝ අඩුපාඩුවලට අපට අනුකම්පාව උපදවාගත හැකි වනු ඇත. උපේක්ෂාවෙන් ඒ දෙස බලන්නට හැකි වනු ඇත

Add a Comment

Your email address will not be published. Required fields are marked *