Home » විවිධ » ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් බුදු දහමේ වැදගත්කම ගැන පල කළ අදහස්
KARMA-SAMPLE2

ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් බුදු දහමේ වැදගත්කම ගැන පල කළ අදහස්

නවීන විද්‍යාව දියුණු මෙවන් යුගයක විද්‍යාවට සටන්කර පරාජය කළ නොහැක්කේ බුදු හිමියන්ගේ ඉගැන්වීම පමණි. – අල්බට් අයින්ස්ටයින්

දේවවාදී මුග්ධ ආගමික නායකයන්ගේ වහසි බස්වලට මුළා වූ හුදී ජනයා සිය ජීවිතය නන්නත්තාර කරගෙන ඇත. ඔවුන් වැළඳගත් ඒ ආගමේ නාමයෙන්ම ඔවුන් නොදැනුවත්ව හෝ වහලුන් බවට පත්ව ඇත. ලෝකයේ යථාර්ථය යථා අයුරින් ඉගැන්වෙන්නේ බුදු දහම තුළින් පමණි. මා බුදු දහම වැළඳගන්නෙමි. – විසිවැනි සියවසේ යුගපුරුෂයකු වූ මහා ගණිතඥ බට්‍රන් රසල්

මේ 2050 වසරයි, මේ වනවිට ලෝකයේ සියලු ආගම් අභාවයට පත්ව ඇත. තවදුරටත් ලෝකයේ බුද්ධිමත් සහ උගත් මිනිසුන් අතර පවතින්නේ බුදුදහම පමණි. – ආතර් සී ක්ලාක්

 

අනාගත ලෝකයේ විද්‍යාව හා අවශ්‍යතාවයන් සමඟ සැසඳෙන ආගමක් ලොව පවතී නම්, ඒ අන්කවර ආගමක් හෝ නොව බුදු දහමයි.
සියල්ල මවන ලද්දේ දෙවියන්වහන්සේ නැමැත්තෙක් විසන්ලු, එසේනම් දෙවියන් වහන්සේ යැයි කියන්නා මවන ලද්දේ කව්රුන් විසන්ද? කිසිවෙකුගෙන් නිසි පිළිතුරක් නැත. සත්‍ය නම් පුහුදුන් මෝඩ මිනිසා විසින් ලොවෙත් නැති දෙවියන්වහන්සේ නැමැත්තෙක්ව මවාගෙන සිය ජීවිතය කාලකන්නි කර ගැනිමයි. – කාල් මාක්ස්

අනාගතය සඳහා වන ආගම විශ්වීය ආගමක් විය යුතුය. එය ආධානග්‍රාහී සිද්ධාන්ත සහ දේව ධර්මය මඟ හැර දෙවියන් ඉක්මවා යා යුතු වන්නේය. එමෙන්ම ස්වභාවික සහ අධ්‍යාත්මික ආවරණයන් සහිතව ස්වභාවික හා අධ්‍යාත්මික හැඟීම් වලින් නැගෙන සියලු‍ දේවල අත්දැකීම් මත පදනම් වූ අර්ථවත් ඒකරාශිවීමක් විය යුතුය. බුදු දහම මෙම සියලු‍ අංශයන්ට පිළිතුරු සපයයි. – ඇල්බර්ට් අයින්ස්ටයින්

වර්තමානයේ අපි චිත්ත බලය පිළිබඳව බොහෝ දේ අසමු. එහෙත් මේ දක්වා ලෝකය හමුවේ ඇති මනෝ අභ්‍යාස අතර අතිශය අංග සම්පූර්ණ සහ ඵලදායී චිත්ත අභ්‍යාසය බුදු දහමයි. – ඩඞ්ලි රයිට්

ආගමික ප්‍රජාතන්ත්‍රවාදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය නගා සිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය බුදු දහමයි. – ආචාර්ය අම්බෙඞ්කාර්

අන් සියලු‍ ධර්මයන්ට සහ චින්තන දෘෂ්ටීන්ට වඩා ශ්‍රේෂ්ඨම ධර්මය වනුයේ බුදුන් වහන්සේගේ ධර්මයයි. උන්වහන්සේගේ සදාතනික වූ පණිවුඩය යුග ගණනාවක් පුරා මිනිසාව අමන්දානන්දයට පත් කොට ඇත. උන්වහන්සේගේ සාමයේ පණිවුඩය පීඩාවට පත් දුක්විඳින ජනතාවට අතීතයේ අන් කවරදාටත් වඩා අද වැඩියෙන්ම අවශ්‍ය වී ඇත. – නේරු තුමා

බුදු දහම සහ නවීන විද්‍යාව අතර සමීප බුද්ධිමය සැබැඳියාවක් ඇති බව මම බොහෝ විට ප්‍රකාශ කලෙමි. මම ඒ බව නැවත නැවත ද කියමි. – සර් එඞ්වින් ආර්නෝල්ඞ්

මනුෂ්‍ය වර්ගයාගේන් වැඩියෙන්ම වන්දනයට පාත්‍ර වූ ශාස්තෘවරයෙක් වේද, ඒ බුදුන් වහන්සේ බව ඉතා පහසුවෙන්ම දැක්විය හැක. – මහාචාර්ය සොන්ඩර්ස්

අපි දන්නා අන්දමට බුදු දහම විවාදයට තුඩුදෙන නොදියුණු පැරණි සම්ප්‍රදායක් නොව එය තවමත් අනෙකුත් ආගම් වලට අභියෝගයක් ලෙස සත්‍ය වශයෙන්ම වාර්තාගවී ඇත. – බිෂොප් ගොර්

අනෙක් බොහෝ ආගම්වල තම අනුගාමිකයින් ඔවුන්ගේ ගුරු විසින් පාලනය කරනු ලබන අතර, අනික් ආගම් වල ශුද්ධ ලියවිලි, මතවාද, සඟරා, පොතපත සහ ධර්ම පත්‍රිකා කියවීම තහනම් කොට ඇත‍ බුද්ධ ධර්මය තුළ මෙය කලාතුරකින් හෝ දැකිය නොහැක. – Phra Khantipalo

ඉතිහාසයේ ශේෂ්ඨ ආගම් අතරින් මම බුදු දහමේ ක්‍රමවේදයන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ එහි හිංසනය පීඩනය අතිශයින් කුඩාම අංශුවක් වැනි අඩුම මට්ටමක පැවති හෙයිනි. – බර්ට්රන්ඞ් රසල්

ආගම නැමති මාතාව පෝෂණය කළ, නිතැතින්ම ගුප්ත වූ පෙරදිග බුදු දහම නම් වූ සත්‍යයේ හෙළිදරව්ව අපට දායාද වී ඇත. අපි එය දැනගත් දා සිට අන් කිසිම දේව ධර්මයකට වඩා එය අපට අධ්‍යාත්මයේ පවිත්‍රතාව සහ අලංකාරයත්, ගැඹුරු මනුෂ්‍ය ධර්මයේ ඇති පවිත්‍රතාවය හෙලිකොට, එමඟින් මිනිස් සන්තානය අවිදකර දීප්තිමත් ජීවිතයකට මඟ හෙළිකරයි. – චාර්ල්ස් ටී ගොර්හම්

Add a Comment

Your email address will not be published. Required fields are marked *