Home » විවිධ » භික්ෂුන් වහන්සේලා 40000ක් වැඩවසන ලෝකයේ විශාලම භික්ෂු අධ්‍යාපන ගම්මානය
U211P5029DT20150422112258

භික්ෂුන් වහන්සේලා 40000ක් වැඩවසන ලෝකයේ විශාලම භික්ෂු අධ්‍යාපන ගම්මානය

ගෞතම බුදුරාජාණන් වහන්සේගේ දර්ශනය හැදෑරීමට පන්සල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ලොව පුරා තිඛෙන බව අප හොඳින් දන්නා කරුණකි. දුටුගැමුණු රජ ශ්‍රී ලංකාවේ පිහිට වු ‘‘ලෝවාමහා පාය‘‘ නම් සත්මහල් ප්‍රාසාදය 7000ක් භික්ෂූන් වහන්සේලා, ධර්මාවබෝධය ලැබූ රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් ලෙස ඉතිහාසයේ සටහන්ව තිබේ. ඉන්දියාවේ පිහිටි නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලය 100000ක් පමණ භිකෂූන් වහන්සේලා වැඩවාසය කල විශාල බෞද්ධ අධ්‍යාපන ආයතනයක් වන අතර මුස්ලිම් වරුන් විසින් ගිනි තබා විනාශ කරන විට එය ලොව විශාලම සහ ප්‍රථම විශ්ව විද්‍යාලය ලෙස පැවතුර්‍ණ.

540f638965a97

 

මේ වන විට ලෝකයේ වැඩිම බෞද්ධ භික්ෂූන් සහ භික්ෂුනීන් වහන්සේලා වැඩ සිටින ධර්මායතනය චීනයෙහි පිහිටා තිබේ.  Sichuan පළාතේ මුහුදු මට්ටමේ සිට අඩි 12500ක් ඉහල කඳු ප්‍රදේශයක, අති රමණීය කඳුවැටියකින් වටවූ ලාරුන් ගාර් (Larung Gar) නම් මිටියාවතෙහි පිහිටා ඇති මෙම විශාල බෞද්ධ භික්ෂු අධ්‍යාපන ආයතනය නමින් ලාරුන් ගර් බෞද්ධ ශාස්ත්‍රාලය (Larung Gar Buddhist Academy) ලෙස හැදින්වේ. වර්තමානයේ ලොව වැඩිම භික්ෂූන් වහන්සේලා ධර්මාවබෝධය ලබන ලොව විශාලම බෞද්ධ භික්ෂු ජනාවාසය වන මෙහි භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුනීන් වහන්සේලා 40000කට අධික පරිසක් වැඩ වාසය කරති.

39ef02c9217734d1c9d3710abee2257f

1980 වර්ෂයේ Jigme Phuntsok නම් භික්ෂුන් වහන්සේ විසින් ආරම්භ කර ඇති මෙය ටිඛෙටියානු බුදු දහම උගන්වන ස්ථානයකි. ආරම්භ කරන විට ජන ශුන්‍ය මිටියාවත් ලෙස පැවති මෙහි අද වන විට තායිවානය, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවලින් පැමිණෙන භික්ෂූන්වහන්සේලා ධර්මය අධ්‍යනය කරමින් වැඩ වසති. මෙම ගම්මානය පුරා රූපවාහිනී භාවිතා කිරීම තහනම් කර ඇති අතර විශේෂිත iPhone දුරකථන පමණක් භාවිතා කිරීමට අවසර ලබා දී ඇත

I-fell-in-love-with-this-place-right-after-seeing-an-internet-photo-5__880

මෙහි ටිඛෙටියානු බුදු දහමට අමතරව ඉංග්‍රිසි, චීන, ටිඛෙට් භාෂාවන්, නවීන පරිගණක විද්‍යාව වැනි තවත් බොහෝ විෂයන්ද හැදැරීමේ හැකියාව තිබේ. ලාමා නමින් හදුන්වන භික්ෂූන් වහන්සේලා 7 නමක් විසින් ආයතනයේ පාලන කටයුතු සිදු කරන අතර මෙහි ප්‍රධානත්වය උසුලන්නේ නිර්මාතෘ වරයන් වහන්සේ වන Jigme Phuntsok භික්ෂූන් වහන්සේ විසිනි.
4c4f3008cbbe29eb722700c422ffbde0
භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට දැවයෙන්නි ර්මාණය කළ රතු පැහැති කුඩා කුටි විශාල ප්‍රමාණයකින් මෙය සමන්විත වන අතර භික්ෂුනීන් වහන්සේලා වෙනුවෙන් Pema Khandro Duling Nunnery නමින් වෙනම ආයතනයක් එහි ස්ථාපිත කර ඇත. මෙම රතු පැහැති කුඩා කුටි නිසා අසල කඳු මුදුනට මෙම ගම්මානය මනරම් ආකාරයට දිස්වේ. රාත්‍රියට දැල්වෙන විදුලි බුබුලූ වලින් එහි සුන්දරත්වය තවත් වැඩි කරයි. වැඩ වසන භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කිරීමට ටිඛෙට් ජාතික ගිහි මිනිසුන් සුළු පිරිසක්ද මෙහි වාසය කරති.

I-fell-in-love-with-this-__880

I-fell-in-love-with-this-place-right-after-seeing-an-internet-photo-7__880

Larung Gar භික්ෂුන් වහන්සේ නමක් අපවත්වූ පසු සිදු කරනු ලබන අවමංගල්‍ය චාරිත්‍රය පෞරාර්‍ණක ටිඛෙට් චාරිත්‍ර වලින් පැවත එන්නකි. ප්‍රථමයෙන් අපවත්වු භික්ෂුවගේ මළසිරුර කදුමුදුනට ගෙන ගොස් ආගමික වතාවත් සිදුකරනු ලබයි. ඒවා අවසානයේ ‘‘Sky Burial Master“ නමින් හදුන්වන පුද්ගලයා විසින් මළ සිරුර කැබලි වලට කපනු ලැබේ. ඉන් පසු සිදුවන්නේ එම කැබලි ආහාරයට ගැනීම සඳහා අවට සිටින රාජාලියන් පැමිණීමයි. ඔවුන් විශ්වාස කරන පරිදි එම කොටස් සම්පූර්ණයෙන්ම ආහාරයට ගනු ලැබුවේ නම් මියගිය පුද්ගලයා යහපත් අයෙක්වන අතර ඉතිරි වී ඇත්නම් එම පුද්ගලයා අයහපත් අයෙක් ලෙසද සැලකේ.

U211P5029DT20150422112258

 

ඉහල කඳු මුදුනක පිහිටා තිබීමත් සංචාරක ප්‍රදේශවලින් ඈත්ව තිබීමත් නිසා සංචාරකයින්ගේ ඇස නොගැටෙන එහෙත් අති සුන්දර ස්ථානයක් වන මෙම භික්ෂු ජනාවාසය අතලොස්සක් සංචාරකයින්ට දැක ගන්නට ලැඛෙන සුවිශේෂී පුද බිමකි. මෙහි දැක්වෙන්නේ Wanson Luk  නම් ඡායාරූප ශිල්පියා දින 2ක් තිස්සේ මේ ගම්මානයේ සැරි සරමින් ලබාගත් ඉතාමත් අලංකාර ඡායාරූප කිහිපයකි. ඔහු පවසන්නේ මෙහි ප්‍රධාන දොරටුව ආසන්නයෙහි ඇති අමුත්තන් සඳහා වූ කුඩා නිකේතන දෙකක් පමණක් හැර සංචාරකයින් හට වෙන්වූ විශේෂ ස්ථාන නොමැති බවයි. එහෙත් ඕනෑම කෙනෙකුට මෙහි පැමිණ කුඩා තානායමක් හෝ කඩයක් ආරම්භ කර ලැඛෙන පරිත්‍යාග සහ ආදයමින් ජීවත් වීමට කිසිදු තහනමක් නැති බවත් ඔහු පවසයි.

I-fell-in-love-with-this-place-right-after-seeing-an-internet-photo-3__880

srilife.lk වෙතින්

Add a Comment

Your email address will not be published. Required fields are marked *