Home » සාහිත්‍ය » ඔබට කැලයේ අඩුපාඩු පේනවද?
KARMA-SAMPLE2

ඔබට කැලයේ අඩුපාඩු පේනවද?

එකමත් එක රටක විශ්මිත හැකියාවක් ඇති ඇදුරුතුමෙක් හිටියා. රාජ කුමාරයෙක් ඔහු ලඟ නතරවී ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. දවසක් කුමාරයා සමග ඇදුරුතුමා කැලයට ගියා. දෙදෙනා කැලේ මැදින් පැය ගණනක් ගමන් කළා. ගස් කොළන්, කුරුල්ලන්, සතුන්ගේ අසිරිය නැරඹුවා. පලතුරු කඩාගෙන කෑවා. අලංකාර වතුර ඇලක් ඇති තැනක නෑවා. වනයේ අසිරිය නරඹමින් ඇදුරුතුමා ගමන් කරනවා, ඉඳගන්නාවා, කනවා, බලාගෙන ඉන්නාවා. ටික වේලාවක් ගියාට පසුව කුමාරයාට කම්මැලි කමක් දැණුනා. මෙම ගමන මීට පෙරද ඇදුරුතුමා සමග කුමාරයා ඇවිත් තිබුණා.
මෙම ගමන පිළිබඳව කම්මැලි කමක් ඔහුට දැනුණා. ඇදුරුතුමාට විවිධ රාජකාරි රැසක් තිබුණා එපමණ වැඩ තිබියදීත් වරින් වර කැලයට පැමිණ වරු ගණන් ගතකිරීම පිළිබඳව කුමාරයාට කුතුහලයක් ඇති වුණා. කැලයට එන ගමනේදී තමාද රැගෙන එන්නේ යම් දෙයක් ඉගැන්වීමට බව කුමාරයා දැන සිටියා. කැලේ වරු ගණන් ගත කිරීමේ අර්ථය කුමක් දැයි කීප වරක් කුමාරයා ඇදුරුතුමාගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ ගත්තත් ඔහු එයට පිළිතුරු දීම මග හැරියා. නැවත එම ප්‍රශ්නය ඇසුවත් ඇදුරුතුමා එයට පිළිතුරු දීම මග හරින බව කුමාරයා දැනගත්තා. ඇදුරුතුමා මෙසේ කරන්නේ තමා අසන ප්‍රශ්නය වෙනස් කරවීමට බව කුමාරයා මේ වන විට ඉගෙන ගෙන තිබුණා. ඇදුරුතුමා රාජකාරී ගොඩක් කරමින් ඉතා පහසුවෙන් ජීවත් වුණා. ඔහු තම දැනුම අන් අයට බෙදා දුන්නා. භව බෝග වැව්වා. වෙළඳාමේ යෙදුණා. නැති බැරි අයට උපකාර කළා. ඔහුගේ වැඩ කටයුතුවල නිරතවූ විශාල සේවක සංඛ්‍යාවට හොඳින් සැලකුවා. සරුබව ඔහු පසු පස හඹා ආවා. කැමති කැමති දෙය පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ඔහුට තිබුණා. වනන්තරේ ඇවිදිමින් ස්වභාවික සෞන්දර්ය රස විඳිමින් කාලය ගත කිරීම සහ ඔහුගේ සරුබව අතර සම්බන්ධයක් ඇතැයි කුමාරයාට හිතුණා. කැලයේ සුන්දරත්වය නරඹමින් සිටි ඇදුරුතුමා දිය කඩිත්තක් ලඟ නතර වුණා. කුමාරයා මහන්සියට ගලක් උඩ ඉඳගත්තා. ඇදුරුතුමා ඉඳගත් ආකාරයෙන් ඔහු තමාගෙන් ප්‍රශ්නය බලාපොරොත්තුවෙන් සිටින බව කුමාරයාට හැඟුණා.
“ඔබ හිතන පතන දේවල් ලැබෙනවා නේද?” කුමාරයා ඇසවා. ඇදුරුතුමා කුමාරයා දියා හොඳින් බැලුවා.
ඇදුරුතුමාගේ මුහුණේ සිනාවක් මතුවුණා. කුමාරයාගේ මෙම ප්‍රශ්නය ඇසෙන දිනය එළඹෙන තෙක් ඇදුරුතුමා කාලයක් බලාපොරොත්තුවෙන් සිටියා.
“මතුපිටින් නොපෙන්නුවාට ඔබට බොහෝ වස්තුව තිබෙනවා. නිරන්තරයෙන් ඔබට අවශ්‍ය දේ ලැබෙනවා. විවිධ දේවල් රාශියක් ඔබ කරනවා. එහෙත් බොහෝ අයට වඩා ඔබට විවේකය තිබෙනවා. ඔබ වරුගණන් කැලයට ඇවිත් වට පිට බලමින් ඉන්න පුලුවන්කම තිබෙනවා. එබ කැමති ආහාර ඔබට ලැබෙනවා. ඇඳුම් ලැබෙනවා. කීර්තිය ලැබෙනවා. ගරුසරු ලැබෙනවා. ධනය ලැබෙනවා. සේවකයන් ලැබෙනවා. මේ සියල්ල බෙහෝ අයට වඩා ඔබට පහසුවෙන් ලැබෙනවා. මෙහි රහස කුමක්ද?” කුමාරයා දිගටම කථාකරගෙන ගියා.
ඇදුරුතමා තමා දෙස සිනා මුසුව බලා සිටිනනවා. කුමාරයා දැක්කා. මේ ප්‍රශ්නයටත් පිළිතුරක් ලැබේවිදෝ, යයි මොහොතකට කුමාරයා යමක් කීමට සැරසුනත් ඔහුට සන්සුන් වන ලෙස ඇදුරුතුමා සංඥා කළා.

“මෙම ප්‍රශ්නය ඔබ මගෙන් අසන තුරු මම කාලයක් බලා සිටියා. හිතන පතන දෙය පහසුවෙන් ලැබීම සරු බවයි. සරුබව ජීවිතයේ වැඩෙන්න වැඩෙන්න ඔබ හිතන පතන දෙය සහ ඔබට අවශ්‍ය දෙය වඩා පහසුවෙන් ලැබෙනවා.” යයි ඇදුරුතුමා කීවා. “ඔබට කැලයේ අඩුපාඩු පෙනොනවාද?” ඇදුරුතුමා විමසුවා.
කුමාරයා වට පිට බැලුවා. කල්පනා කළා. කැලයේ ගහ කොළ, මල්, පලතුරු, සතුන්ගේ පැවැත්ම, ඇල දොළ ගංගා, වැස්ස, වතුර පිළිබඳව අඩුපාඩුවක් නැති බව කුමාරයාට තේරුණා. සියළු දෙය සිදු විය යුතු අයුරින් ස්වභාවික පරිසරයේ සිදුවන බව ඔහුට පෙනුණා. වනය සෑම අතින්ම සරුසාර බව දැනුණා. කුමාරයාට කැලයේ ඇති සරු බව පෙනුණා. “කැලය සරු බව තිබෙන තැනක්. ඒකයි ඔබ මෙහි පැමිණ කාලය ගත කරන්නේ”, කුමාරයා පැවසුවා.
ඇදැරුතුමා එය අනුමත කිරීමට හිස වැනුවා. “කැලය සරුබවින් පිරී තිබෙනවා සරුබව වැඩෙන දැනුම මෙහි තිබෙනවා. එම දැනුම වෙනස් ආකල්ප ඇතිකරනවා. නව ක්‍රියාමාර්ග ලබා දෙනවා. එම දැනුම අවබෝධයක් බවට පත්වූ විට මොහොතින් මොහොත ඔබගේ ජීවිතයේ සරු බව වැඩෙන්න පටන් ගන්නවා. සරුබව වඩන දැනුම සොයන්න සොයන්න සරුබව වඩවන ආකල්ප ඔබව සොයාගෙන එනවා. සරුබව වඩන ආකල්ප වැඩෙන්න වැඩෙන්න, සරුබව වඩන ක්‍රියාමාර්ග වල ඔබ ගමන් කරනවා එම මාර්ගයේ ගමන් කරන ඔබ පසුපස සරුබව හඹා එනවා.”
සරුබව වඩන යාන්ත්‍රණය ඔබ තුළ පවතිනවා. එම ශක්තිය ඔබ තුළ පවතිනවා. එම බලය ඔබට තිබෙනවා. එය ජීවිතායේ ස්රූපය බවට පත් කිරීමේ දැනුම පිළිබඳව ඉදිරි ලිපි වලදී අපි ඔබව දැනුවත් කරන්නෙමු

වෛද්‍ය ප්‍රියංග ද සොයිසා

Add a Comment

Your email address will not be published. Required fields are marked *